ගෑස් පෝලිම් අසලට සහ ඉන්ධන පෝලිම් අසලට පාර්ලිමේන්තුව නියෝජනය කරන රජයේ කිසිම ජනතා නියෝජිතයෙක් ගමන් කිරීම අනතුරු දායක බව බුද්ධි අංශ දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙම බුද්ධි වාර්තා සඳහන් කරන්නේ ඉතාම අසහනයට හා කෝපයට පත් වී සිටින ජනතාව අතරට ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින ලෙසය.
එමෙන්ම බුද්ධි අංශ උපදෙස්වලට අනුව මේ වනවිට රජයේ මැති ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන් මාර්ගයේ ගමන් කරන විට ප්‍රභූ ආරක්ෂාව ප්‍රදර්ශනය කරන සන්දර්ශවලින් තොරව සාමාන්‍ය පුද්ගලයින් සේ ගමන් කිරීම අරඹා තිබේ.
මේ වනවිට රටේ ඇති වී තිබෙන මහජන විරෝධයට අනිසි ලෙස ලක්වීම වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි වාර්තා වේ.







