සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

දඹුල්ල වයිකින්ලා හමුවේ කලම්බු කිංග්ස්ලා අන්දමන්ද වෙති

දසුන් ශානකගෙත් තවත් අර්ධ ශතකයක්

by editor
දෙසැම්බර් 2, 2020
in LPL, ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්වරු ලබා දුන් ලකුණු 176ක ඉලක්කය බැලූ  බැල්මට අපහසු ඉලක්කයක් නොවූවත් දඹුල්ලේ පන්දු යවන්නන්ගේ විස්මිත පන්දුයැවීම නිසා ලකුණු 28ක නොසිතූ පරාජයක් උරුමකර ගැනීමට ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත කලම්බු කිංග්ස් කණ්ඩායමට සිදුවිය. එය එල්.පී.එල්.තරගාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායම ලැබූ පළමු පරාජය ලෙස වාර්තා විය.

ඊයේ පස්වරුවේ හම්බන්තොට පැවැති මේ එල්.පී.එල්. තරගයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුලු කණ්ඩායම ඕවර 20 අවසන් වනවිට කඩුලු 9ක් දැවී ලකුණු 175ක් රැස් කළ අතර කලම්බු කිංග්ස් කණ්ඩායම ඕවර 18.4කදී ලකුණු 147කට දැවී ගියේය.

කලම්බු කිංග්ස් කණ්ඩායමේ කඩා වැටීම සිදුවූයේ පළමු පන්දුවේ සිටමය. සමිට් පටේල් යැවූ මුල්ම ඕවරයේ පළමු පන්දුවෙන් ලකුණු අතරේ සිටින පිතිකරු දිනේෂ් චන්දිමාල් ආපසු දුන් උඩපන්දුව පටේල් දක්ෂ ලෙස රැකගැනිම නිසා පළමු කඩුල්ල අහිමිවූ කලම්බු කණ්ඩායමට ලකුණු 99ක් වනවිට කඩුලු 7ක්ම අහිමි කිරීමට දඹුල්ල කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ. 

කලම්බු කිංග්ස් කණ්ඩායමේ කඩුලු බිඳ වැටීම එක දිගටම සිදුවූ අතර, මුළු  ලකුණු සංඛ්‍යාව 11දී තික්ෂිල ද සිල්වා (ලකුණු  05යි), ලකුණු 40දී නායක ඇන්ජෙලෝ මැතිව්ස් (ලකුණු 11යි), ලකුණු 45දී ඇන්ඩ්‍රි රසල් (ලකුණු 05යි), ලකුණු 63දී අෂාන් ප්‍රියංජන (ලකුණු 11යි), මුළු ලකුණු සංඛ්‍යාව 95 දී ලෝරි ඉවන්ස් (ලකුණු 59යි), ලකුණු 99 දී ඉසුරු උදාන (ලකුණු 05යි) දැවී ගියේ තරගයේ පාලනය මුළුමනින්ම දඹුලු කණ්ඩායම දෙසට හරවා තබමිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අතරින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරනු ලැබුවේ ලෝරි ඉවන්ස් විසිනි. පිට පිට කඩුලු බිඳ වැටෙද්දී තනි අතින් ඉනිම ඇදගෙන ගිය මේ පිතිකරුවා පන්දු 33කින් ලකුණු 59ක් වාර්තා කිරීමට සමත්වූයේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගය. ඔහුට නිසි සහයක් ලැබුණා නම් බොහෝ විට තරගයේ තීරණය වෙනස්වීමට ඉඩකඩ තිබිණි. කලම්බු  කණ්ඩායමේ ඉනිම පසුබෑමකට ලක්විමට තවත් හේතුවක් වූයේ පසුගිය තරගයේදී එම කණ්ඩායමේ ජයග්‍රහණයට මං විවර කළ කොදෙව් පිතිකරු ඇන්ඩ්‍රි රසල්ගේ දැවී යාමය. ඔහු දැවී ගියේ යොවුන් පන්දු යවන්නකු වන සචිඳු කොළඹගේ යැවූ පන්දුවකිනි. අද තරගයේදීත් ලකුණු අතරට පිවිසීමට නායක මැතිව්ස් අසමත්විම කනගාටුදායක සිදුවීමක් විය.තරග වෙනස් කරන ක්‍රීඩකයකු  ලෙස ප්‍රකට ඉසුරු උදානට අද දිනයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට නොහැකි වූ අතර අගපෙළින් පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඒ අතින් තරමක් ඉදිරියෙන් සිටියේ පන්දු 12කින් ලකුණු 17ක් රැස් කිරීම නිසාය. ඔහු අගනා හතරේ පහර 3ක් ද එල්ල කළේය.

දඹුලු කණ්ඩායමේ සෑම පන්දු යවන්නකුම සිය වගකීම අකුරටම ඉටු කළ අතර, පන්දු රකින්නෝ ද ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට සමත් වුහ. සමිට් පටේල් ලකුණු 30කට කඩුලු 2 ක් ද, මලින්ද පුෂ්පකුමාර ලකුණු 19කට කඩුලු 2ක් ද, අන්වර් අලි ලකුණු 10කට කඩුලු 2 ක්ද, පුලින තරංග ලකුණු 31කට කඩුලු 2 ක් ද බිඳ දැමූ අතර කසුන් රාජිත සහ සචිඳු කොළඹගේ එක් කඩුල්ල බැගින් දවාගත්හ.

දඹුලු කණ්ඩායමේ ඉනිමේදී අද දිනයේදිත් නිරෝෂන් දික්වැල්ලට ලකුණු අතරට පිවිසීමට නොහැකිවූ අතර, පෝල් ස්ටර්ලිං ද ඒ හා සමාන විය. දෙදෙනාම එක් ලකුණ බැගින් ලබා සිටියදී දැවී යද්දී මුළු ලකුණු සංඛ්‍යාව 3කි. නමුත් උපුල් තරංග සහ සමිට් පටේල් එක්ව දඹුල්ල ඉනිම තරමක් ගොඩනැගූ අතර පන්දු යවන්නන්ගේ පීඩනයෙන් මිදීමට ද සමත් වූහ. එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 74දී උපුල් තරංග ලකුණු 25කට දවාලීමට දුෂ්මන්ත චමීර සමත්වීමත් සමග ඉනිම නැවත අඩපණ විය. කෙසේ වුවත් ඒ වනවිට අවශ්‍ය ලකුණු ලැබීමේ වේගය ඉහළ දැමිමට උපුල් තරංග සමත්වූයේ පන්දු 24කදී ලකුණු 25ක් රැස් කරමිනි. ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කළ අතර පටේල් ද පන්දු 27කින් ලකුණු 30ක් රැස් කරමින් දඹුල්ලට යම් ජිවයක් ලබා දුන්නේය. ඔහුගේ ඉනිම ද හතරේ පහර 3කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. චමීර දුෂ්මන්තගේ පන්දුවකින්ම ඔහු දැවීයද්දී මුළු ලකුණු සංඛ්‍යාව 82ක් විය. සුපුරුදු පරිදි දඹුල්ල කණ්ඩායමේ වැඩි වගකීම කරපින්නා ගත් නායක දසුන් ශානක මේ තරගාවලියේ තම දෙවැනි අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත්වූයේ සිය කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ද එක් කරමිනි. 

පන්දු 34කට මුහුණ දුන් මේ තුන්ඉරියව් ක්‍රීඩකයා හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 56ක් රැස් කළ අතර ඇන්ජෙලෝ පෙරේරා සමග එක්ව දඹුල්ල ඉනිම ගොඩනැගුවේය. ඇන්ජෙලෝ පෙරේරා ද පන්දු 16කින් ලකුණු 21ක් රැස් කරමින් කදිම දායකත්වයක් ලබා දුන්නේය.

පන්දු යැවීමේදී ඇන්ඩ්‍රි රසල්  සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් ලබා ගත්හ. තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක විසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහර සිද්ධියේ මියගිය රැඳවූවන් 8කට කොවිඩ්

Next Post

ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව පහළට – ආණ්ඩුවේ විසඳුම කුමක්ද?

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.