බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

by editor
දෙසැම්බර් 14, 2020
in LPL
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකිං කණ්ඩායම් අතර අද  (14) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි. තරගය පස්වරු 7.00ට ආරම්භ කෙරේ.

ජැෆ්නා ස්ටැලියන්ස්

තිසර පෙරේරා

තරගාවලියේ අතිශයින්ම ජනප්‍රිය කණ්ඩායම් දෙක වන ජැෆ්නා සහ දඹුල්ල මෙහෙයවනු ලබන තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත්, පන්දු යැවීමත් දෙපිලටම එක හා සමානව අවසන් පූර්ව වටයට යාමේ දොරටු විවර කර ගැනීමට ප්‍රබල සාධකයක් බවට පත්විය. විශේෂයෙන් ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරාගේ අනුකම්පා විරහිත පිතිහරඹය නිසා ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ වූ අවස්ථා කිහිපයක්ම තිබිණි. ඊටට නොදෙවැනි පිතිහරඹයක් පෙන්නුම් කළ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රතිවාදී පන්දු යවන්නන් හඹා යමින් දියත් කළ විස්මිත පිති ප්‍රහාරය නිසා වේලාසනින්ම හිස  ඔසවා ගැනීමට දඹුල්ලට වාසියක් වී තිබිණි.

මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග අටකට ක්‍රීඩා කළ අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එම තරග 8න් 4ක් ජයගත්තේය.  ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ පළමු තරගය කඩුලු 8කින් ජයගත් ජැෆ්නා කණ්ඩායම දෙවැනි තරගයේදී දඹුල්ල වයිකිං කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 66කිනි. අනතුරුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ලකුණු 54කින් පරාජයට පත් කරමින් ද,  ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් ද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අපරාජිතව පෙරමුණ ගැනීමට සමත් වූයේ පිට පිට තරග 4ම ජය ගනිමිනි. එහෙත් ඉන් පසුව කලම්බෝ කිංග්ස් හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබූ ජැෆ්නා කණඩායමට කැන්ඩි ටස්කර්ස් වෙතින් කඩුලු 6ක පරාජයක් සහ කලම්බෝ කිංග්ස් වෙතින් ලකුණු 5ක පරාජයක් අත්විඳ ගැනීමට සිදුවූ අතර දඹුල්ල කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගයක් අයහපත් කාලගුණය නිසා අවලංගු කර තිබිණි. කෙසේ වුවත් පළමු තරග 4ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන රැක ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තිසරගේ කණ්ඩායමට හැකිවිය.

වනිදු හසරංග

අද තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වැඩි වගකීමක් නායක තිසර පෙරේරා සහ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මත පැවරෙන්නේ මූලික වටයේ අවසන් තරග කිහිපයේදී දස්කම් අතරට එක්නොවීම හේතුවෙන් එම තරග කිහිපය පරාජයට පත්වීමට ජැෆ්නා කණ්ඩායමට සිදුවීම නිසාය.  නායක තිසර පෙරේරා ඉනිම් 6කදී පිතිහරඹයට පිවිසි අතර එහිදී ලකුණු 215ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභීන් අතර 8 වැනි තැනට පත්වූයේ අර්ධ ශතකයක් සමගිනි. ඉනිම් 6ක් ක්‍රීඩා කළ අවිශ්ක ලකුණු 209ක් රැස් කළ අතර අර්ධ ශතකයක් ද වාර්තා කරමින් එම ලැයිස්තුවේ 9 වැනි තැන සිටී. මේ දෙදෙනාට අමතරව පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රීඩක සොහේබ් මලික්, මිනෝද් භානුක, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, එංගලන්ත පිතිකරු ටොම් මුවර්ස් සහ යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජැෆ්නා කණ්ඩායම ශක්තිමත් කරනු ඇත.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

විශේෂයෙන් වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද විශිෂ්ට දස්කම් පාමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක් වී සිටී. ඔහු තරග 8කදී  කඩුලු 13ක් දවාලීමට සමත්වූ අතර, වේගපන්දු යවන සුරංග ලක්මාල්, පාකිස්තාන ක්‍රීඩක උස්මාන් ශින්වාරි මෙන්ම දකුණු අප්‍රිකානු වේගපන්දු තුරුම්පුව ඩුවේන් ඔලිවර් සහ කයිල් අබෝට් ද සිටිති.

දඹුල්ල වයිකිං –

ඒ අතින් දසුන්ගේ දඹුල්ල කණ්ඩායම ඉදිරියෙන් සිටි අතර ඔවුන් තරග 8කින් 5ක්ම ජයගැනීමට සමත්විය. ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයෙන් කැන්ඩි ටස්කර්ස් ලකුණු 111කින් පරාජයට පත් කරමින් තරගාවලියට අවතීර්ණ වූ දඹුල්ල වයිකිං කණ්ඩායම දෙවැනි තරගයෙන් ජැෆ්නා කණ්ඩායම හමුවේ ලකුණු 66කින් පරාජයට පත්වූවත් කලම්බෝ කිංග්ස් ලකුණු 28කින් පරදවා නැවත ජයග්‍රාහී මාවතට සේන්දු විය. අනතුරුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කළ දඹුල්ල කණ්ඩායම ලකුණු 9කින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කිරිමට සමත්විය. දඹුල්ල කණ්ඩායමේ පස්වැනි ජයග්‍රහණය වාර්තා වූයේ  මූලික වටයේ  දෙවැනි තරගයේ දී නැවත ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4කිනි. මූලික වටයේ අවසන් තරගයේදී ඔවුන් කලම්බෝ කිංග්ස් හමුවේ කඩුලු 6කින් පරාජයට පත්විය. මූලික වටය නිමාවට පත්වෙද්දී දඹුල්ල වයිකිං කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව සිටියේය.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සාපේක්ෂව දඹුල්ල වයිකිං කණ්ඩායම ද ප්‍රබල පිතිකරු හා පන්දු යැවීමෙන් සමන්විත බැවින් අද තරගය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

අන්වර් අලි

නායක දසුන් ශානක දඹුල්ල කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව බවට පත්වී සිටින්නේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් පෑමෙනි. ඔහු ඉනිම් 8කදී ලකුණු 273ක් ලබා සිටින්නේ අර්ධ ශතක අර්ධ ශතක 2ක් ද සමගිනි. ඔහු වැඩිම ලකුණුලාභීන් අතර තුන්වැනි තැන පසුවෙයි. පළමු තරග කිහිපයේදී අසාර්ථක වූවත් අවසන් තරග කිහිපයේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු අතරට පිවිසීම නිසා මේ  ආරම්භක පිතිකරුවා අද තරගයේදී ප්‍රතිවාදී පිලේ වැඩි අවධානයට ලක්වනු ඇත. ඔහු වැඩිම ලකුණුලාභීන් අතර 6 වැනි තැන පසුවන්නේ ඉනිම් 8කදි අර්ධ ශතක2ක් සමග ලකුණු 241ක් රැස් කරමිනි.

මැදපෙළ පිතිකරු ඇන්ජෙලෝ පෙරේරා, ඉන්දීය ක්‍රීඩක සමිට් පටේල් සහ උපුල් තරංග මත  අද තරගයේදී දඹුල්ල කණ්ඩායමේ සාර්ථකත්වය රඳා පවතී.

දඹුල්ල වයිකිං කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන ක්‍රීඩකයන් අතර වැඩිම වගකීම පැවරෙන්නේ පාකිස්තාන වේගපන්දු යවන්නා වන අන්වර් අලීටය. ඔහු වැඩිම කඩුලුලාභීන් අතර 9 වැනි තැන පසුවන්නේ තරග 5කදී කඩුලු 8ක් දවාලමිනි. කසුන් රාජිත ද, දසුන් ශානක ද ඔහුගේ සහයට සිටින අතර සමිට් පටේල්, මලින්ද පුෂ්පකුමාර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු අතර සම්බන්ධතා බිඳ දැමීමේ රුසියෝ වෙති.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම

තිසර පෙරේරා (නායක), අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, ටොම් මුවර්ස්, සොහේබ් මලික්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, උස්මාන් ශින්වාරි, ඩුවේන් ඔලිවර්, සුරංග ලක්මාල්, ජොන්සන් චාල්ස්, චරිත් අසලංක, මහේෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු.

දඹුල්ල වයිකිං කණ්ඩායම

දසුන් ශානක (නායක), නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා, සමිට් පටේල්, සමියුල්ලා ශින්වාරි, රමේෂ් මෙන්ඩිස්, මලින්ද පුෂ්පකුමාර, අන්වර් අලි, කසුන් රාජිත, ළහිරු කුමාර, කවිඳු නදීෂාන්, පුලින තරංග 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

Next Post

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට ගම් වලට යන්න බෑ… 

Related Posts

LPL

සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

දෙසැම්බර් 20, 2021
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
ධනංජය ලක්ෂාන්
LPL

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

දෙසැම්බර් 14, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.