නතාෂා නෙත්මිණි –
මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් සහ ග්‍රාම නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සිමාජිකයින්ට ඔවුන්ගේ ගම්බිම් වෙත ඇතුළත් වීමට ඉඩලබා නොදෙන බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කොළඹ නාගරික ප්‍රදේශය තුළ බරපතල කොවිඩ් අවදානමක් පවතින බැවින් ඔවුන් මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්වේ.
කොළඹ ජාතික රෝහලේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බහුතරයක් සාමාජිකයින් රෝහල අවට ප්‍රදේශයන් හී නතර වී රාජකාරියට වාර්තා කර සතිඅන්ත නිවාඩුවේදී සිය ගම්බිම් බලා පිටව යන බව සඳහන්වේ.
මෙසේ ගම්බිම් බලා යන රෝහල් සාමාජිකයින්ට සිය ගමට ඇතුළු වීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයිද සඳහන්වේ.
අපි මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නිලධාරියෙකුගෙන් ඇසූ කළ ඔහු සදහන් කළේ කොවිඩ් අවදානමක් නොමැති ප්‍රදේශයන් හි සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය ගම්බිම් බලා යන විට කොවිඩ් අවදානමක් නොමැති ප්‍රදේශන් හි පදිංචිව සිටි බව දැනුම් දීම සඳහා ආයතන මට්ටමින් ලිඛිත ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවකි.