බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

එල්.පී.එල් කතාව වෙනස් කළ ගාල්ලේ පෙරළිය

by editor
දෙසැම්බර් 14, 2020
in LPL
ධනංජය ලක්ෂාන්

ධනංජය ලක්ෂාන්

Share on FacebookShare on Twitter

එල්.පී.එල් තරගාවලියේ ශූරතාවය දිනා ගනු ඇතැයි කැට තැබූ ඇන්ජලෝ මැතිව්ස් ගේ කලම්බො කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මොහොතේ තරගාවලියේ පෙරළියක් කරමින් ඉදිරියට පැමිණි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් වටය සඳහා ඊයේ (13) සදුසුකම් ලබා ගත්තේය.

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණයේ පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලූ 2 කින් ජය ගනිමිනි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා තරගයේ තීරණය වෙනස් කිරීමට සමත් වූයේය.  පිට පිටම මුල් තරග වට පරාජයට පත් වන විට කණ්ඩායමේ සංයුතිය වෙනස් කරමින් ධනංජය ලක්ෂාන් හා නුවන් තුෂාර කණ්ඩායමට එක් කිරීමට කළමනාකාරිත්වය ගත් තීන්දුව තරගාවලියේ දී ගාලු කණ්ඩායම ගමන් කළ දිශානතිය වෙනස් කළේය.  මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ගාල්ලේ උපත ලද ක්‍රීඩකයන්ය. ධනංජය ලක්ෂාන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේය. නුවන් තුෂාර ගාල්ලේ ඇත්තන් හඳුන්වන්නේ පොඩි මාලි කියාය. ඔහු ඇල්පියට තලාව කණිෂ්ට විද්‍යාලයෙන් බිහි වුණු ක්‍රීඩකයෙකි.

කාසියේ වාසිය දිනුවේ ගෝල් ග්ලැඩියේටරස් කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහර දීමේ අවස්ථාව කලම්බො කිංග්ස් වෙත ලබා දුන්හ. නියමිත පන්දුවාර 20 දී  ප්‍රභල කලොම්බො කිංග්ස් කණ්ඩායම රැස් කළේ කඩුළු 9කට ලකුණු 150ක් පමණි. එම ලකුණු 150ට

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩැනියල් බෙල්-ඩ‍‍්‍රමන්ඩ් එක් කළ ලකුණු 70 විය. පන්දු 53 කට මුහුණ දෙමින්  පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සහිතව ඔහු දියත් කළ ඉනිම විචිත්‍ර එක්ක විය.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් කඩුලූ 3 ක් දවා ගත් අතර, නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලූ 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලූ 8ක් දැවී ජයග‍‍්‍රාහී ඉලක්කය පසුකර යමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූහ.

ධනංජය ලක්ෂාන්

තරගාවලිය පුරා ලකුණු අතරේ රැඳී සිටි ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේදී ලකුණු 13 කට දැවී ගියේය. නායක භානුක රාජපක්ෂ ලකුණු 33 ක්, ශෙහාන් ජයසූරිය ලකුණු 22 ක් සහ අසාම් ඛාන් ලකුණු 21 ක් රැස් රැස් කළහ. අවසන් පන්දුවාර කිහිපයේදී තරගයේ ජය දෙපිලටම දෝලනය වූ අතර අවසන් පන්දුවාරයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයග‍‍්‍රහණය සදහා ලකුණු  15 ක් ලබාගත යුතුව තිබිණි. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළේ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ඉසුරු උදානය.

එම පන්දුවාරයේදී ධනංජය ලක්ෂාන් එල්ල කළ හයේ පහරකින් සහ ලක්ෂාන් සඳකැන් එල්ල කළ හතරේ පහරකින් විශිෂ්ඨ ජයක් ලැබූ කලම්බෝ කිංග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප‍‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද  දමමිනි.

සිය කණ්ඩායම ජයග‍‍්‍රහණය කරා රැගෙන ගිය ධනංජය ලක්ෂාන් පන්දු 23 කදී නොදැවී ලකුණු 31 ක් රැස් කළේය.  කණ්ඩායම් දෙකේ ක‍්‍රී‍්‍රීඩකයින් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගිය අතර, කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ආබාධයකට  ලක්වූයේය. තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්ය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වාසිලන්ත අගමැති කොවිඩ් වැළඳීමෙන් මරුට

Next Post

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

Related Posts

LPL

සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වී විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පී.සී.ආර්. කිරීම නවලෝකයෙන් ගලවයි!

දෙසැම්බර් 20, 2021
LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

දෙසැම්බර් 17, 2020
LPL

ජැෆ්නා සටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අද සූරියවැව දී අවසන් පූර්ව සටනේ…

දෙසැම්බර් 14, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.