සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

කැන්ඩි ටස්කර්ස් හමුවේ ජැෆ්නා ස්ටැලියන්ස් පරදිති

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුව අසේල ගුණරත්න ඉහළ දමයි

by editor
දෙසැම්බර් 10, 2020
in LPL, ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

පන්දුවෙන් සහ පිත්තෙන් එක ලෙස දස්කම් දැක්වූ අසේල ගුණරත්න ඊයේ පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව  පැවැති එල්.පී.එල්.. තරගයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක් අත්කර දෙමින් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉහළ දැමුවේය.

සිය කණ්ඩායමේ දෙවැනි ජයග්‍රහණය තහවුරු කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අසේල පන්දු 37කදී ලකුණු 52ක් රැස් කිරීමට සමත්වූ අතර ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන්ගෙන් ද ඔහුට හොඳ සහයෝගයක් ලැබිණි. 

කාසියේ වාසිය අත්කරගෙන මුලින්ම පිතිහරඹයට පිවිසි තිසර පෙරේරාගේ ජැෆ්නා කණ්ඩායම ඕවර 20 අවසන් වෙද්දී ලකුණු 150කට සීමා කිරීමට සමත් වූ කැන්ඩි පන්දු යවන්නෝ සිය කණ්ඩායමට ඉලක්කය පහසු කළහ. කැන්ඩි කණ්ඩායම තරගය ජයගත්තේ අවසන් ඕවරයේ පළමු පන්දුවට අසේල එල්ල කළ හයේ පහරත් සමගිනි. ඒ වනවිට කැන්ඩි කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටී තිබිණි.

දකුණු අප්‍රිකාවේ වේගපන්දු යවන ක්‍රීඩක කැන්ඩි කණ්ඩායමේ ඩේල් ස්ටේන් ඊයේ පළමු වරට එල්.පී.එල්. තරගයකට සහභාගි වෙමින් ජැෆ්නා කණ්ඩායමට පළමු ඕවරය යැවූ අතර එම ඕවරයේ දෙවැනි පන්දුවෙන්ම ජැෆ්නා කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය අවිශ්ක ප්‍රනාන්දු දවාලීමට සමත්වීම ජැෆ්නා කණඩායම ලකුණු 150කට සීමා වීමට දැඩි ලෙස බලපෑවේය. 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මුළු ලකුණු සංඛ්‍යාව 32දී ජැෆ්නා කණ්ඩායමට දෙවැනි කඩුල්ලත් අහිමිවූයේ සිය පළමු තරගයට ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 18කට දැවීයාමෙනි. කිසිදු පීඩනයකින් තොරව ක්‍රීඩා කළ මේ යොවුන් පිතිකරුවා හයේ පහර 2ක් සහ හතරේ පහරක් එල්ල කිරිම කැපී පෙනුණි. 

ආරම්භක පිතිකරු ජොන්ස්න් චාල්ස් ලකුණු 17කට දවාලීමට නුවන් ප්‍රදීප් සමත්වීමෙන් පසු පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක සොහේබ් මලික් ඉනිම ගොඩ නැංවීමේ වගකීමට උර දුන්නේය.ඔහු ජැෆ්නා කණ්ඩායමේ ඉනිම ලකුණු 132 දක්වා ඉහළ දැමීමට සමත්වූයේ පන්දු 44කදී ලකුණු 59ක් රැස් කරමිනි. හතරේ පහර 5කින් සහ හයේ පහරකින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට මිනෝද් භානුකගෙන් ලැබුණේ අගනා තල්ලුවකි. මලික් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 59ක සම්බන්ධතාවක් ගොඩ නැගූ මිනොද් භානුක ලකුණු 21ක් රැස් කළේය.

ඉනිමේ 14 වැනි ඕවරය යවමින් මේ සම්බන්ධතාව බිඳ දැමූ අසේල ගුණරත්න එම ඕවරයේදීම ජැෆ්නා කණ්ඩායමේ නායකයා සහ විශාලතම බලාපොරොත්තුව වූ තිසර පෙරේරා එක් ලකුණකට දවාලීමෙන් පසු තරගයේ පාලනය මුළුමනින්ම අතට ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්විය.

ජැෆ්නා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලකුණු 101කදී බිඳ වැටීමෙන් පසු තවත් කඩුලු 5ක්ම ලකුණු 34ක් ඇතුළත බිඳ වැටුණේය. 

සිය පළමු එල්.පී.එල්. තරගයට ක්‍රීඩා කළ ඩේල් ස්ටේන් ඕවර 4 තුළ ලකුණු 33කට කඩුලු 2ක් දවාලීමට සමත්වූ අතර හොඳම පන්දු යැවීම වාර්තා කළ නුවන් ප්‍රදීප් ඕවර 4 තුළ කඩුලු 3ක් දවාලූයේ ලකුණු 36ක් ලබා දෙමිනි. විශ්ව ප්‍රනාන්දු සිය ඕවර 4දී ලකුණු 29කට කඩුලු 2ක් දවාලීමට සමත්වූ අතර අසේල ගුණරත්න ඕවර 4දී  ලකුණු 21කට කඩුලු 2ක් දවාලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙන දීමට නැවත වතාවක් ආරම්භක පිතිකරු යුගලය අසමත්වූහ. පසුගිය තරග කිහිපය පුරා ලකුණු අතට නොසිටි නායක කුසල් ජනිත් ඊයේ පන්දු 36කදී ලකුණු 42ක් රැස් කිරීමට සමත්වූ අතර වෙනදාට ලකුණු රැස් කරන ඇෆ්ගනිස්තාන පිතිකරු රහමනුල්ලා ගුර්බාස්ට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 8ක් පමණි.

පළමු ඕවර කිහිපය ඇතුළත කැන්ඩි කණ්ඩායමට දැඩි තර්ජනයක් එල්ල කළ ජැෆ්නා පන්දු යවන්නෝ සිය කණ්ඩායම රැස් කළ ලකුණු 150 ආරක්ෂා කිරිමට හැකි සෑම උත්සාහයක්ම දැරූහ. ඔවුහු ලකුණු අතරේ සිටින පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ සිම්බාබ්වේ ජාතික බ්‍රෙන්ඩන් ටේලර් පිටියෙන් ඉවත් කරද්දී මුළු ලකුණු සංඛ්‍යාව 44ක් විය. ඒ වනවිටත් කඩුල්ලේ රැඳී සිටි නායක කුසල් ජනිත් දැවීගියේ අසේල ගුණරත්න සමග එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 95 දක්වා ඉහළ දැමීමෙන් පසුවය.

කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුවත්, අවසන් පූර්ව වටයට යාමේ බලාපොරොත්තුවත් එසේ හිස් අහසට එක්වෙද්දී ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් සමග එක්ව ජයග්‍රහණය දක්වා කණ්ඩායම ඇදගෙන ගියේය.

මේ පිතිකරුවන් දෙදෙනා අවසන් ඕවරය වනවිට අවශ්‍ය ඉලක්කය ලකුණු 6කට අඩු කළ අතර ඩුවේන් ඔලිවර් යැවූ එම ඕවරයේ පළමු පන්දුවටම හයේ පහරකින් සංග්‍රහ කළ අසේල සිය අර්ධ ශතකයත්, කණ්ඩායමේ ජයග්‍රහණයත් දෙකම එකවර අත්කර ගත්තේය. දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණු නොබිඳුණු සම්බන්ධතාව 56කි. 

අසේල ගුණරත්න හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කළ අතර පන්දු 19කින් ලකුණු 25ක් රැස් කළ ඉර්ෆාන් පතන් හතරේ පහර 4ක් වාර්තා කළේය. ජැෆ්නා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ වනිඳු හසරංග සිය ඕවර 4දී ලකුණු 23ක් ලබා දී කඩුලු 2ක් අත්කර ගත් අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙස කඩුලු 12ක හිමිකරුවා වී සිටී.   

Share69Tweet43
Previous Post

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති වැඩ බාර ගනී

Next Post

දියවඩන නිලමේ ඇතුලු ශ්‍රි දළදා මාලිගාවේ සමස්ථ කාර්ය මණ්ඩලය ට පී.සී.ආර්. පරීක්ෂණ

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.