සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

එල්.පී.එල්. තුන්වැනි තරගයට වර්ෂාව හරස් වෙයි

ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව දඹුල්ලට ජය...

by editor
නොවැම්බර් 29, 2020
in LPL, පුවත්
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ලකුණු 196ක ඉලක්කයක් හඹා යමින් සිටි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඉහළ අහසින් හිටි හැටියේ කඩා පාත් වූ වර්ෂාව ගිල ගත් නිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 4ක සියුම් පරාජයක් අත්විඳීමට සිදුවිය. 

කලම්බු කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගාවලියේ පළමු තරගයේදී සුපිරි ඕවරයෙන් අවාසනාවන්ත පරාජයක් උරුම කරගත් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අද තරගයට එක්වූයේ ජයග්‍රහණයේ දහසක් බලාපොරොත්තු රඳවා ගනිමිනි. එහෙත් ඕවර 9කුත්, පන්දු 4කට පසු පිටියට ඇද හැළුණු වර්ෂාව නිසා ඔවුන්ට සිදුවූයේ පිට පිට දෙවැනි පරාජයට ගොදුරු වීමටය. 

වර්ෂාව ඇද හැලෙන විට කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 84ක් ලබා සිටි අතර ඔවුන් පසුවූයේ දඹුල්ල කණ්ඩායම ඒ වනවිට ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 4ක් අඩුවෙනි. නැවත තරගය ආරම්භ කිරීමට තරම් වර්ෂාව කැන්ඩි ටස්කර්ස් පිලට කාරුණික නොවූ අතර, ඊළඟ තරගය පස්වරු 8.00ට ආරම්භ කිරීමට සූදානම් කරමින් තරගයේ ජය දඹුල්ලට ලබා දුන්නේ තව දුරටත් කාලය නාස්ති කිරීමෙන් ඵලක් නොවන බව දැනගෙනය. 

කාසියේ වාසිය දිනූ කුසල් ජනිත් පෙරේරා පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර අද තරගයට එක්වූයේ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු පමණි. ඉර්ෆාන් පතාන් පළමු තරගයේදී ආබාධයට ලක්වීමත්, බ්‍රෙන්ඩන් ටේලර් සහ මුනාෆ් පටේල් තවමත් නිරෝධායන කාලසීමාව පසු කරමින් සිටින නිසාත්, අද තරගයේදී කැන්ඩි කණ්ඩායමට ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් සහ වේගපන්දු යවන නවීන් උල් හක් පමණි. කැන්ඩි කණ්ඩායමේ තවත් විදෙස් ක්‍රීඩකයකු වන පාකිස්තාන ක්‍රීඩක සොහේල් තන්වීර් කොවිඩ් ආසාදිතයකු බවට පත්වීම නිසා කණ්ඩායමෙන් ඉවත්වී සිටී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නිරෝෂන් දික්වැල්ල සමග දඹුල්ල කණ්ඩායමේ ඉනිම ආරම්භ කළ ඕෂධ ප්‍රනාන්දුට තුන්වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී පාදයේ ආබාධයක් හටගැනීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ ගිලන් මැස්සක ආධාරයෙනි. එම ඕවරයේ සිවුවැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ ඕෂධ පස්වැනි පන්දුවට කෙටි ලකුණක් කරා දිව යද්දී මේ පාදයේ ආබාධය ඇති විය. ඒ වනවිට ඔහු ලකුණු 10ක් ලබා සිටියේය. පිටියෙන් ඉවත්වූ ඕෂධ පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබා රෝද පුටුවක ආධාරයෙන් නැවත ක්‍රීඩා විවේකාගාරයට පැමිණි අතර, ක්‍රීඩා කිරීමට තරම් සුවයක් ලබා නොතිබිණි. 

අනතුරුව පළපුරුදු පිතිකරු උපුල් තරංග සමග එක්වූ දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 53 දක්වා ඉහළ දැමූ  අතර අසේල ගුණරත්නගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ගුර්බාස් අතට උඩපන්දුවක් දෙමිනි. පන්දු 18කින් ලකුණු 25ක් රැස් කළ දික්වැල්ලත්, පන්දු 18කින් ලකුණු 18ක් ලැබූ උපුල් තරංගත් පිටියෙන් ඉවත්වෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව 64ක් විය. 

තරගයට යම් ජීවයක් ලැබුණේ නායක දසුන් ශානකගේ පැමිණීමත් සමගය. ඔහු සමිට් පටේල් සමග එක්ව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් අතර මුළු ලකුණු සංඛ්‍යාව 191 දක්වා ඉදිරියට ඇදගෙන ගියේ තුන්වැනි කඩුල්ලට ලකුණු 127ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. යොවුන් පන්දු යවන්නකු වූ කවිෂ්ක අංජුල දැඩි ප්‍රහාරයට ලක් කළ දසුන් ශානක ඉනිම නිමාවීමට පන්දු 3කට කළින් දැවී ගියේ වේගවත් ලකුණු 73ක් රැස් කරමිනි. පන්දු 37කට පමණක් මුහුණ දුන් දඹුල්ල කණ්ඩායමේ නායකයා හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර ඔහුගේ පිතිහරඹයෙන් දිරියක් ලැබූ සමිට් පටේල් ද ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරතව පන්දු 38කින් ලකුණු 58ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් අලංකාර විය. 

කැන්ඩි කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදිත් ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් අද තරගයේදිත් නායක කුසල් ජනිත සමග ඉනිම ආරම්භ කරමින් පන්දු 18කින් ලකුණු 30ක් රැස් කිරීමට සමත් විය. පළමු තරගයේදී විශිෂ්ට පිතිහරඹයක් පෙන්නුම් කළ නායක කුසල් ජනිත්ට අද තරගයේදී ලකුණු 4කට වඩා රැස් කිරීමට නොහැකිවූයේ අන්වර් අලීගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දීම නිසාය. 

ගුර්බාස් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 50ක් වෙද්දීය. අනතුරුව කුසල් මෙන්ඩිස් සමග කමිඳු මෙන්ඩිස් එක්විය. මෙන්ඩිස්ලා දෙදෙනාම වේගයෙන් පන්දුවට පහරදීමට රුසියෝ වූහ. මින් පළපුරුදු පිතිකරු වූ කුසල් මෙන්ඩිස් වගකීම කරට ගෙන තරගයේ ජයග්‍රහණය දක්වා කණ්ඩායම රැගෙන යාමේ බලාපොරොත්තුවෙන් පසුවූ අතර, ඉතා සාර්ථකව පන්දුවට මුහුණ දෙමින් සිටියේය. එහෙත් 9 වැනි ඕවරය යැවූ ළහිරු මධුසංඛ සිවුවැනි පන්දුවෙන් කමිඳු දවාගැනීමත් සමග ලකුණු ලැබීමේ වේගය යම් තරමකින් අඩාල වූ අතර එසේ නොවූවානම් වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය කරළියට පැමිණෙද්දී දඹුල්ල කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටීමට ඔවුන්ට හැකියාව තිබිණි. 

වර්ෂාවට පෙර කුසල් මෙන්ඩිස් මුහුණ දුන් සමිට් පටේල්ගේ දහවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට හයේ පහරක් එල්ල කළ අතර පන්දු 26කින් ලකුණු 34ක් ලබා සිටියේ හතරේ පහර  2ක් සහ හයේ පහර 3ක් සමගිනි. 

තරගයේ වීරයා සම්මානය ජයග්‍රාහී දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායක දසුන් ශානකට හිමිවිය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 02ක් වාර්තා වෙයි… දැන් මුළු මරණ ගණන 109යි…

Next Post

මට්ටක්කුලිය හා වැල්ලම්පිටියේ ප්‍රදේශ කීපයක් හෙට අලුයම සිට හුදකලා කෙරේ

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.