විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

මෙම විශිෂ්ට පෙරළිකාර ජයග්‍රහණය ක්‍රීඩා ලෝලින් විස්මයට පත් කළේය.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය ලෙස අද පර්ත්හි දී සිම්බාබ්වේ සහ පකිස්ථානු කණ්ඩායම් තරග වැදුනහ.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දීම තේරුවේය. එහෙත් ඔවුන් සාර්ථ වුන බවක් පෙනුනේ නැත. පන්දු ඕවර 20 තුළ දී සිම්බාව්බේ කණ්ඩායම රැස් කළේ ලකුණු 130ක් පමණි. කඩුලු 08ක් දැවී ගියේය. ෂේන් වියිලයම්ස් පන්දු 28ක දී ලකුණු 31 ලැබුවේය. බ්‍රෙඩ් එවන්ස් පන්දු 15 ක දී ලකුණු 19ක් ලැබීය. නායක ක්‍රෙග් ර්වින් පන්දු 19ක දී ලකුනු 19ක් ලැබීය.
පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහමඩ් වසීම් ලකුණු 24කට කඩුලු 4ක් බිඳහෙළුවේය. ෂඩාබ් ඛාන් ලකුනු 23කට කඩුළු 03ක් ලබා ගත්තේය.
පකිස්ථානය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට එන විට ක්‍රීඩා ලෝලින් කල්පනා කළේ පකිස්ථානු කණ්ඩායමට පහසු ජයක් අත්වනු ඇති බවය. එහෙත් ආරම්භක සම්බන්ධතාවය සාර්ථක වූයේ නැත. එහෙත් පළමු කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණි ශාන් මාසුඩ් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 38ක දී ලකුනු 44ක් ලබාගෙන ජයග්‍රහණයේ බලාපොරොත්තුව අඛණ්ඩව රැගෙන ආවේය.
එහෙත් අනෙක් අන්තයෙන් කඩළු එක පිට එක බිඳ වැටිනි. යළිත් පකිස්ථානයේ ජයග්‍රහණය සම්බන්ධව විශාල බලාපොරොත්තුවක් ගෙන ආවේ මොහොමඩ් නවාස්ය. ඔහු පන්දු 18ක දී ලකුණු 22ක් ලබාගෙන ජයග්‍රහණයේ කෙළවරටම පකිස්තානු කණ්ඩායම රැගෙන ආවේය.
නමුත් ඔහු 19 වන ඕවරයේ 5 පන්දුවේ දී ලකුණු 22කට දැවී ගියේය. ඒ වනවිට ලකුණු 128කි. ජයග්‍රහණයට එක් පන්දුවක දී ලකුණු 03ක් අවශ්‍ය වී තිබිණි.එහෙත් අවසන් පන්දුවේ දී සිම්බාබ්වේ ක්‍රීඩකයින් පකිස්ථානයට ලබා දුන්නේ එක ලකුණක් පමණි.
සිිම්බාබ්වේ කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළේය.
පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක් නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩක සිකන්දර් රාසා ලකුණු 25ට කඩුලු 03ක් ලැබීය.
බ්‍රෙඩ් එවන්ස් ලකුණු 25ට කඩුලු 02ක්, ලැබුවේය.
තරගයේ වීරයා ලෙස සිකන්දර් රාසා නම් කෙරිනි.







