සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

 96 ශ්‍රී ලංකා ලෝක කුසලාන ගමන සිහිකරන සිම්බාබ්වේ කණ්ඩායමේ අපරාජිත ගමන…

by editor
පෙබරවාරි 19, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

නිසැකවම ඔවුන් මේ තරගාවලිය තුළ විශිෂ්ටය.  ඔස්ට්‍රේලියාව සමග තමන් ලද ජයග්‍රහණය හුදු අහම්බයක් නොවන ආකාරය අද සිම්බාව්වේ කණ්ඩායම ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ප්‍රකට කළහ.  ඒ ශ්‍රී ලංකා කණ්ඩායම අමතක නොවන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර කඩුළු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ඔවුන් සිහි කරන්නේ 96 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගිය ගමනය. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දක්ෂ ලෙස ක්‍රීඩා කළහ. ඔවුහු ලකුණු 179ක ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්හ. සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සෑම අතින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් හිඳිමින් විශිෂ්ඨ  ජයග්‍රහණයක් වාර්තා කළහ.

තේරුම් ගත යුත්තේ සිම්බාබ්වේ කණ්ඩායම තවදුරටත් කුඩා කණ්ඩායමක් නොවන බවය. ලෝක කුසලානයකට හිමිකම් කිව හැකි මට්ටමේ පරිචයක්, කණ්ඩායම් එකමුතුවක්, සටන්කාමීත්වයක් සහ නිවැරදි විද්‍යාත්මක ප්‍රවේශයකින් යුතුව තරග කළමනාකරණය කිරීමක් සහිත පරිනත ක්‍රීඩාවක් කරන සම්භාවනීය ක්‍රීඩා පරිචයක් සහිත සමූහයක තමන්ද කොටස්කරුවන් බව සිම්බාව්වේ කණ්ඩායම අද ලෝකයට තහවුරු කළේය.

ශ්‍රි ලංකා ඉනිම

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා පිලය. ඔවුහු  පළමුව පන්දුවට පහරදීම තේරූහ.  ආරම්භක පිතිකරුවන් යුගලය ආර්. ප්‍රේමදාස පිටියේ වේගවත් ස්වභාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළහ. පළමු පන්දුවාර හය තුළ සිම්බාබ්වේ වේග පන්දු යවන්නන්ට එරෙහිව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් ඔවුන් විසින් දියත් කළේය. පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී යනවිට පන්දු ඕවර 05කි. ලකුණු 54කි. කුසල් දැවී යන්නේ ලකුණු 22කට ය. ඔහු ලකුණු 22 ලබන්නේ පන්දු 14ක් තුළය.

කෙසේ වෙතත්, ඉනිමේ මැද භාගයේදී තරගයේ පාලනය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. සිම්බාබ්වේ දඟපන්දු යවන්නන් සහ වේගය අඩාල කළ පන්දු යවන්නන් ආර්. ප්‍රේමදාස තණතීරුවේ මන්දගාමී බව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්හ. මෙම අවධියේදී ලකුණු රැස් කිරීමේ වේගය පාලනය වූවා පමණක් නොව, පීඩනය දරාගත නොහැකි වූ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් අනවශ්‍ය පහරවල් සඳහා ගොස් සිය විකට්ටු පූජා කරන අයුරු දැකගත හැකි විය. පන්දුවාර 10ක්  පුරා එකදු හතරේ පහරක් හෝ වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉඩ නොදුන් සිම්බාබ්වේ පන්දු යවන්නන් ඇති කළ පීඩනය යම් තරමකට බිඳ දැම්මේ අවසන් ඕවරයේ දී දුනිත් වෙල්ලාගේ විසිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් අතර ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැගිනි. කෙසේ වෙතත් අප දකින්නේ කුසල් මෙන්ඩිස් විසින් ලකුනු සොයා යෑමට නැවත වරක් කරන අරගලයකි. ඔහු පන්දු 20ක දී ලබා ගන්නේ ලකුණු 14ක් පමණි. එකම හතරේ පහරක් හෝ හයේ පහරක් ඔහුගේ ඉනිම තුළ දක්නට ලැබුනේ නැත.

තරගයේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන්  හොඳම පිතිකරණය අදත් වාර්තා කළේ පැතුම් ය. පැතුම් පන්දු 41ක් තුළ ලකුනු 62ක් ලැබුවේය. ඒ හතරේ පහර 08ක් සමගිනි. යලිත් වරක් පවන් රත්නායක තමන්ගේ භූමිකාව හරියටම කළේය. පැතුම් නිශ්ශංක, දැවී ගිය පසු ඒ අන්තයෙන් පෙරහරක් සේ කඩුළු වැටෙද්දී පවන් හුදකලා සටනක නිරත විය. කමිඳු මෙන්ඩිස් ලකුණු 07කි. දසුන් ශානක යළිත් අසාර්ථකය. ඔහු ලකුණු 06කි. දුසාන් හේමන්ත දැවී යන්නේ ලකුණු නොලබාය. අවසාන ඕවරයේ ලකුනු 10ක් ලබා ගනිමින් දුනිත් වෙල්ලාලගේ පන්දු 08ක දී ලකුණු 15ක් නොදැවී ලැබුවේය. සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය ලකුණු 178කි.

බ්ලෙසින් මුසරබානි ලකුණු 38කට කඩුළු 02ක්, බ්‍රෙඩ් එවන්ස් ලකුණු 35කට කඩුළු 02ක්, ග්‍රේම් ක්‍රීමර් ලකුණු 27ට කඩුළු 02ක්, රයන් බුරී ලකුණු 16කට කඩුල්ලක් ලැබුවේය.

සිම්බාබ්වේ හඹා යෑම

සිකන්දර් රාසා…

ලකුණු 179ක ඉලක්කයක් හඹා යෑමට  පිටියට පිවිසි සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් මුල සිටම ඉතා ඉවසීමෙන් සහ උපායමාර්ගිකව ඉනිම ගොඩනැගූහ. ආර්. ප්‍රේමදාස පිටියේ  සවස් භාගයේ දී  පන්දුව දඟකැවීමට ඇති ඉඩකඩ හඳුනාගත් ඔවුන්, ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ට අනවශ්‍ය අවදානමක් ලබා නොදී තනි ලකුණු සහ දෙකේ ලකුණු කරා යොමු වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු සිම්බාබ්වේ කඩුල්ල දවා ගන්නේ නව වැනි පන්දු ඕවරයේ 3 වැනි පන්දුවේ දී ය. තාදිවනාෂේ මරුමනී හතරේ පහර 5ක් එක් හයේ පහරක් සමග පන්දු 26ක දී  ලකුණු 34ක් ලබා සිටිය දී දුනිත් වෙල්ලාලගේ හමුවේ දැවී යන්නේය. දෙවැනි කඩුල්ල දැවී යන්නේ 12 වැනි ඕවරයේ දී ය. රයන් බුරී පන්දු 12ක් තුළ හයේ හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග ලකුණු 23ක් ලබා සිටයිදීය.

මේ සියල්ල ඉදිරියේ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සෙමින් මෙන්ම ස්ථාවරව ඉනිම ගොඩ නගමින් බ්‍රයන් බෙනට් රැඳී සිටියේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් පීඩනය එල්ල කිරීමට උත්සාහ කළද, පන්දුවට පහර දුන් පිතිකරුවන් පන්දුව පතිත වන ස්ථානය මැනවින් හඳුනාගෙන පාලනයකින් යුතුව ලකුණු රැස් කිරීම කැපී පෙනුණි.

තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාර කිහිපය තුළ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය ඉහළ ගියේය. නායක සිකන්දර් රාසා නායකයෙක් සතු වගකීම කුමක්දැයි හරියටම පෙන්වා දුන්නේය. ඔහු හයේ පහර 04ක්  සහ හතරේ පහර දෙකක් සමග පන්දු 26ක දී ලකුණු 45ක් ලබමින් කණ්ඩායම ජයග්‍රහණයේ එළිපත්තේ රැඳෙව්වේය.

සිම්බාබ්වේ පිතිකරණය හමුවේ එල්ල වුන  පීඩනය අසල ශ්‍රී ලංකා පන්දු රකින්නන් බුල් කෙළින්නට පටන් ගත්තේය. සිබ්බාවේ පිතිකරුවෝ අවසන් පන්දුවාරයේදී ඉතා සන්සුන්ව ජයග්‍රාහී සීමාව පසු කළහ.  ජයග්‍රහණය තෙක් රැඳී සිටි බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63ක් ලැබුවේය. ඒ හතරේ පහර 08ක් සමගින් පන්දු 48ක් තුළය.

අවසානයේ දී පන්දු 03ක් ඉතිරිව තිබිය දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 06කින් දිනුම්ය.  තරගයේ වීරයා කණ්ඩායම නියමිත මොහොතේ ජයග්‍රහණයේ එළිපත්තට රැගෙන එන්නට දැවැන්ත ප්‍රහාරයක් එලල කරමින් පන්දු 26ක දී ලකුණු 45ක් ලබා ගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාය.

බ්‍රයන් බෙනට්

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ අනපේක්ෂිත විසිවී යෑම

අද මැච් එකක් දිනාගෙන කප්පරක් පරදින සුපුරුදු රටාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ගිලී යන විට ඔස්ට්‍රේලියාවට එරෙහිව තමන් ලද ජයග්‍රහණය අහම්බයක් නොවන බව සිම්බාබ්වේ ක්‍රීඩකයින් කළ තහවුරුව මේ තරගාවලියේ දී තැබූ විශේෂම සලකුණ ලෙස යළිත් ලියා තැබිය යුතුය.

2026 අයි.සී.සී. පිරිමි විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියේ ‘B’ කාණ්ඩයේ මූලික වටයේ තරග නිමාවට පත්වන විට, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව සුපිරි අට දෙනාගේ (Super Eight) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ.

මෙහි වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවීමය. සිම්බාබ්වේ හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය සහ ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 8ක අන්ත පරාජයක් ලැබීම ඔස්ට්‍රේලියාවේ ඉරණම තීරණය කළේය.  . මූලික වටය අවසානයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණ 3ක් සමඟ ප්‍රසාද ලකුණු 6ක් ලබා දෙවැනි ස්ථානය දිනා ගනිමින් ඉදිරි වටයට පිවිසීමට සමත් වූයේය.  තුන්වන තැන අයර්ලන්තය ය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිටින්නේ සිවු වන ස්ථානයේ ය.

කාණ්ඩයේ ප්‍රමුඛයා අපරාජිත ගමනක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායමය. ඔවුන් අද (19)  පැවැති තීරණාත්මක අවසන් මූලික තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු 7ක් ලබා කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වීය. අයර්ලන්තය සමඟ පැවැති තරගය වර්ෂාව නිසා අතහැර දැමීමෙන් හිමිවූ ප්‍රසාද ලකුණ ද සමඟින් සිම්බාබ්වේ කණ්ඩායම සිය ආධිපත්‍යය තහවුරු කර ගත්තේය. සිම්බාබ්වේ ලබන මේ ආකර්ශනීය ක්‍රිකට් පරිචය දෙස ක්‍රීඩා ලෝලීන් ලෙස අප බලා සිටින්නේ මහත් වූ ආනන්දයකින් බව ද ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතගේ “අම්මට සිරි” වෙන කණගාටුවීම ගැන වචනයක්…

Next Post

AI Impact 2026 සමුළුව අතර ප්‍රංශ ජනපති, අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ භූතාන අගමැති සමග ජනපති අනුර ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.