සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගන් බලාපොරොත්තු අවසන් මොහොතේ සුන් වෙයි… පකිස්ථානුවන්ට කඩුළු 01 ක තියුණු ජයක්…

by editor
සැප්තැම්බර් 7, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අතිශය  ආකර්ශනීය තරගයකින් අනතුරුව පකිස්ථානය එක් කඩුල්ලක තියුණු  ජයග්‍රහණයක් අත් කරගත්තේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කෙතරම් විශිෂ්ට සටන්කාමී පෙරළිකාරයන් ද යන්න යළිත් පසක් කළේය. එය නැරඹිය යුතුම තරගයක් බව විශ්වාස කරමු. 

ආසියානු කුසලාන සුපිරි වටයේ දී පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී අද (07) මුණ ගැසිනි. කාසියේ වාසිය දිනුවේ පකිස්ථානුවන්ය. ඔවුහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පිතිකරණයට ආරාධනා කළහ. කාසියේ වාසිය දිනා ගැනීමේ වාසිය පකිස්ථානු කණ්ඩායම පෙන්නුම් කළේය. ඇෆ්ගනිස්ථානය ලකුණු 129කට සීමා විය. දැවී ගියේ කඩුලු 06ක් පමණි.

පකිස්ථානයට තිබුණේ ලකුණු 130 බැලූ බැල්මට අතිශය පහසු ඉලක්කයකි. එහෙත් පකිස්ථානු කඩුළු 09ක් ලකුණු 118කට ඇෆ්ගනිස්ථානුවෝ බිඳ හෙළූහ. ඇෆ්ගනිස්ථානුවන් පෙන්නුම් කළේ මනරම් පන්දු යැවීමකි. සටන් කාමී පන්දු රැකීමකි. කණ්ඩායම් විනය තියුණු ලෙක කැපී පෙනුණි. විසල් අත්දැකීම් සහිත පකිස්ථානුවො පරාජයේ කෙළවරට ඇදවැටී සිටියහ. තරගය අවසාන මොහොතේ තිබුණේ ඇෆ්ගනිස්ථානය අතේය.

අවසන් ඕවරයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 11ක් ලබා ගත යුතුව තිබිණි.  එතෙක් පන්දු ඕවර තුනක් යවා ලකුණු 19කට  කඩුලු 03ක් ලබාගෙන ජයග්‍රහාහී පන්දු යැවීමක නිතරවුන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන ෆසාල්හක්  ෆාරුකී ෆුල්ටොස් පන්දු දෙකක් ලෙස  යොමුකළ අවසන් පන්දු ඕවරයේ මුල් පන්දු දෙකම  හයේ පහර දෙකක් බවට පරිවර්තනය කරගැනීමට අවසන් පිතිකරුවන් යුගලයේ නව වැනි කඩුල්ල ලෙස පිටියට පැමිණ සිටි නසීම් ෂා සමත් විය.

විශිෂ්ට තියණු ජයග්‍රහණයක් අත්කරගැනීමට පකිස්තානු කණ්ඩායමට හැකි විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය ලකුණු 129ක් ලැබුවේය.  හස්රතුල්ලා සාසි සහ රහමනුල්ලා ගුර්බාස් ආරම්භක පිතිකරුවන් සේ පිටියට පැමිණියහ. හස්රතුල්ලා පන්දු 17ක දී ලකුණු 21ක්, රහ්මනුල්ලා පන්දු 11දී ලකුණු 17ක් ලැබුවේ. ඉනිමේ වැඩිම ලකුණු ලභියා වූයේ කඩුලු රකින ක්‍රීඩක ඊබ්‍රහීම් සද්‍රාන්ය. ඔහු පන්දු 37ක දී ලකුණු 35ක් ලැබීය. ඊට හතරේ පහර දෙකක් හා එක් හයේ පහරක් එක් විය. රෂීඩ් ඛාන් පන්දු 15ක දී නොදැවි ලකුණු 18ක් ලැබීය. ඉතිරි එකම ක්‍රීඩකයෙකුටවත් ලකුණු අතරට එන්නට නොහැකි විය. පකිස්ථානු පන්දු යවන්නෝ තරගය තමන් වෙත නතු කරගෙන තිබුණහ.  පන්දු ඕවර හතර බැගින් යැවූ නසීම් ෂා ලකුණු 19ට කඩුල්ලක්, මොහොමඩ් හස්නීන්  ලකුණු 34ට කඩුල්ලක්, හරීස් රවුෆ් ලකුණු 26ට කඩුළු 02ක්,    ෂඩාබ් ඛාන් ලකුණු 27ට කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පකිස්ථානු කණ්ඩායමට ඇෆ්ගන් පන්දු යවන්නන් එල්ල කළේ මරු පහරකි.

ආරම්භක පිතිකරු කණ්ඩායමේ නායකයා බබාර් අසාම් ලකුණු නොලබා දැවි ගියේය. වැඩිම ලකුණු ලාභියා වූයේ ෂඩාබ් ඛාන්ය. ඔහු පන්දු 26ක දී ලකුණු 35ක්  ලැබීය. ඉෆ්ටිකාර් අහමඩ් පන්දු 33ක දී ලකුණු 30ක් ලැබීය. ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 26ක දී ලද ලකුණු සංඛ්‍යාව 20කි.ඉතිරි පිතිකරුවෝ ඇෆ්ගන් පන්දු යවන්නන් ලඟ අන්ත අරසරණ වූහ.

අවසන් පන්දු ඕවරය වනවිට තරගය තිබුණේ ඇෆ්ගනිස්ථානය අතේය. අවසන් ඕවරයේ ලකුණු 11ක් ලබා ගත යුතුව තිබිණි.

ඔවුන් පන්දු යැවූ රිද්මය අනුව පකිස්ථානු අගපෙළ පහසුවෙන් සුන්වන ලකුණු පෙනුනි.  එහෙත් අවසානයේ පකිස්ථානුවෝ කඩුළු 1ක තියුණු ජයක් අත් කරගෙන අවසන් මහා තරගයට පිවිසියහ. ඒ ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය පරාජය කරමිනි.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ෆරීඩ් අහමඩ් ලකුණු 31ට කඩුළු 03ක්, රෂීඩ් ඛාන් ලකුණු 25ට කඩුළු 02ක්, ෆසාල්හක්  ෆාරුකී ලකුණු 31ට  කඩුලු 03ක් ලැබුවේය. කඩුළු නෙලැබූ නමුත් මුජීඩ් උර් රහ්මාන් පන්දු ඕවර හතරක් යවා ලබා දුන්නේ ලකුණු 12ක් පමණි.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක්….

Next Post

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.