අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2011 ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව දුරදිග යයි

ඩලස් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි... විමර්ශනයේ ප්‍රගතිය සති දෙකකට වරක් වාර්තාවකින්

by editor
ජූනි 19, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

වසර 2011 දී ඉන්දියාවේ මුම්බායි නුවර පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය පිල සමග පැවැති අවසන් මහා තරගය පාවාදුන් බවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දාන්ද අලුත්ගමගේ  විසින් පසුගියදා සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම   ක්‍රීඩා ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍රට දැනුම් දී තිබේ.

ඉන්දියාවට එරෙහිව 2011 ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් මුදලට හෝ වෙන යම් දෙයකට පාවා දුන් බවත්, ඒ පිළිබඳ පැහැදිලි සාක්ෂි තමන් සතුව පවතින බවත් මහින්දානන්ද අලුත්ගමගේ   රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කියා තිබිණි.

වත්මන් ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම  ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබුවේ එම ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කරමිනි.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන යටතේ වහාම මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කොට නීත්‍යානුකූලව කටයුතු කරන මෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රුවන්චන්ද්‍රට ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ ඒකකය වෙත ලිඛිතව පැමිණිලි කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එමෙන්ම මේ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ සෑම සති දෙකකට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත් ක්‍රීඩා ලේකම්වරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

වසර 2011 අප්‍රේල් මාසයේ 2 වැනිදා ඉන්දියාව සමඟ පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 නිමාවනවිට කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස් කළ අතර ජයග්‍රාහී ඉලක්කය ඕවර 48.2කදී කඩුලු 4ක් පමණක් දැවී සපුරා ගැනීමට ඉන්දියාව සමත්විය.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ  විසින් සිදු කරන ලද එම ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු සපයමින් එවකට ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර සහ උපනායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන   එම චෝදනාව ඔප්පු කරන ලෙස අභියෝග කරමින් ‘ට්විටර්‘ වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි. 

එමෙන්ම මෙම මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධව දේශපාලන භූමියේ ද කතාබහට ලක්වූ අතර හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන් බොහෝ දෙනකු මත පළ කළහ.

 

Tags: නවතම
Share82Tweet43
Previous Post

විනයක් නැති බස් බලන්න ලබන සතියේ දී ඇප් එකක්…

Next Post

සාන්ත අර්නස්ටෝ මුනිවරයා වී මිනිසුන්ගේ හදවතේ ජීවත්වන විප්ලව වාදියා…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.