සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉතින් අපි දිනුම්….

by editor
සැප්තැම්බර් 15, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තරගය පටන් ගැනීමට නියමිතව තිබුණේ    ඊයෙ දවල් 3 ටය.  එහෙත් තරගය නිමා වන්නේ අද  අළුයම 1 පසුවීය.    අප දිනුම්ය. අන්තිම ඕවරයේ අන්තිම පන්දුවේ දී ලබා ගත්  ඒ දිනුම නම් මහා වික්‍රමයක් බව ඔබට කිව යුතුව ඇත.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගරයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති මේ තරගය   ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සහෘදයෙක්  ලෙස ඔබට මගහැරුණානම් ඔබ අත්හැරගෙන තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා වර්ණනීය චමත්කාරය විඳගන්නට තිබූ දුලබ මෙහොතක් බව ද ලියා තබමි. එය ඒ තරම්ම උද්වේගකරය. ඒ තරම්ම චමත්කාරය.

තරගය අවසන් වනතුරු නැරඹූ කිසිවෙකුට   කණ්ඩායම් දෙක සම්බන්ධව මහා ගෞරවයක් උපදිනවා විනා කිසිම කලකිරීමක් ඇති නොවනු ඇත. දෙපාර්ශවයම තරගය අවසන් මොහොත තෙක් අත් නොහැරියහ.

තරගයේ අවසන් ඕවර දෙක කණ්ඩායම් දෙකේම ආධාරකරුවන්ට තරගයක ඇති උද්වේගයේ උපරිමය ලැබිණි. ලකුණු 253ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා ලකුණු  02ක් ලබා ගත යුතුව තිබිණි. චරිත් අසලංක එය කළේය.

 පකිස්ථාන ඉනිම

තරගය ආරම්භවූයේ ප්‍රමාදවීය. ඒ  පස්වරු 5.15 ටය.   පිටිය තෙත බරිත වී තිබිණි. තරගය පන්දු ඕවර    45කට සීමා විය. බාබර් අසාම් කාසියේ වාසිය දිනුවේය.      මහ වැසි මැද කඩින්කඩ පැවැත්වීමට නියමිත තරයේ දී ඔහු මුලින්ම  පිතිකරණය තේරුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් මෙම තරගයට ක්‍රීඩා කළ දකුණත් වේග පන්දු යවන ප්‍රමොද් මධුෂාන්ගේ පන්දු යැවීම කියවා ගැනීමට ආරම්භක පිතිකරු ෆකාර් සමාන් අසමත් වූයේය.  ඔහු ප්‍රමෝද් ගේ     පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 04කට දැවී  ගියේය.

රිද්මය අලුත් කළ රිස්වාන්ගේ පිතිකරණය…

අනතුරුව අබ්දුල්ලා ෂාෆිකියු සහ නායක බබාර් අසාම් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක අගනා සම්බන්ධතාවයක් ගොඩනැගිනි.

16 වැනි ඕවරයේ දි නායක බබාර් අසාම් ලකුනු 23කට දුනිත් වෙල්ලාලගේට ගොදුරු වුනේය. ඉන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම තරගය සිය අතට ගත්තේය.   ශ්‍රී ලංකා කණ්ඩායමට තර්ජනයක් වූ  අබ්දුල්ලා ෂාෆිකියු    21 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී ලකුණු 52කට  දවා ගන්නට මතීෂ පතිරණ සමත් විය.    ඒ වනවිට කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100කි.

අනතුරුව පකිස්ථාන කණ්ඩායම   බරතපල අර්බුදයකයට ඇද වැටිනි.  මොහොමඩ් හරිස් ලකුණු 3කට දැවී ගියේය. ඒ මතීෂ පතිරණ හමුවේය.  එක් අන්තයක මොහොමඩ් රිස්වාසන් රැඳී සිටිය දී අනෙක් අන්තයෙන් එකින් එක කඩුළු ගිලිහිනි. මෙහොමඩ් නවාස්  තීක්ෂණගේ ගොදුරක් වනවිට පකිස්ථාන කණ්ඩායම ලකුණු 130කට කඩුළු පහකි.

යළිත් පිටියට වර්ෂාව ඇදහැලුනේය. තරගය තවත් සංකෝචනය විය. පන්දු ඕවර 45ක් ක්‍රිඩා කිරිමට සැලසුම් කළ තරගය පන්දු ඕවර 42ට සීමා විය.

යළි තරගය ඇරඹුන අවස්ථාව වනවිට පිටිය යම් ස්ථාවරයක් ඇති වී තිබිණි.  මොහොමඩ් රිස්වාන්  තරගය තමන් අතට ගත්තේ එතැන් සිටය. එය මරනරම් පිතිකරණයක් විය. පකිස්ථානය ඉතා වේගයෙන් ස්ථාවර වෙමින් සිටියේය. ඔහු පන්දු 73ක දී  හතරේ පහර 6ක් සහ  හයේ පහර 02ක් මගමින් ලකුනු 86ක් ලැබුවේය. ඔහුට අනෙක් අන්තයෙන් සහයෝගය දුන් ඉෆ්ටිකාර් අහමඩ්   හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 40ක දී ලකුනු 47ක් ලැබුවේය.

බිඳවැටුන පකිස්ථාන ඉනිමේ  හයවෙනි කඩල්ල වෙනුවෙන් ඔවුන් දෙපල ලකුණු 108ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  පන්දු ඕවර 42 තුළ ලකුණු 252ක් කඩුළු 07ක් දැවී ලබා ගන්නට පකිස්ථානුවො සමත් වුහ.

කඩුළු තුනක් ලැබූ මතීෂ…

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුෂාන් ලකුණු 58ට කඩුළු 02ක්, මතීෂ පතිරණ ලකුණු 65ට කඩුළු 3ක්, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලලාගේ කඩුල්ලක් බැගින් ලැබූහ.

ශ්‍රී ලංකා ඉනිම

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ලකුණු 253ක් විය.  ඒ හඹා යෑම ආරම්භයේ සිටම විශ්වාසනීය ව පැවතිනි.

ලකුණු 252ක සංශෝධිත ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා ප්‍රවේගකාරි ආරම්භයක් ලබා දුනනේය.  ඒ  ආක්‍රමණශීලී පිතිකරණය    පසුව පැමිණි පිතිකරුවන්ට විශ්වාසයක් ඇති කිරීමට බලපෑවේය.

අවාසනාවන්ත ලෙස ඔහු දුවද්දි  දැවී ගියේය. ඒ  පන්දු 8කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 17ක් ලබා සිටියදීය.

අනතුරුව  පැතුම් නිශ්ශංක සමග එක්වන්නේ කුසල් මෙන්ඩිස්ය.  ඔවහු  පාකිස්තානු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කළේය   දෙවැනි කඩුල්ලට පන්දු 51කදී ලකුණු 50ක සබඳතාවක්  පැතුම් සහ  කුසල්  ගොඩනැගූහ.

ෂඩාබ් ඛාන් වෙත පහසු උඩපන්දුවක් ලබා  දී පැතුම්  නිශ්ශංක දෙවන කඩුල්ල ලෙස ලකුණු 29කට  දැවී යනවිට  ශ්‍රී ලංකා කණ්ඩායම     ලකුණු 77 ක් ලබා

අනතුරුව සධීර සමරවික්‍රම සමගින් එක් වූ කුසල්  කදිම පිතිකරණ වික්‍රමයක් පෙන්වූහ. ඒ විශ්වාසනීය පිතිකරණය බෙහෙවින්ම පරිණත එකක් වූ බව කිව යුතුය.

ජයග්‍රහණයේ පදනම දැමූ සධීර සහ කුසල් ගේ සම්බන්ධතාවය…

පන්දු 103කදී ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 වාර්තා විය. ශ්‍රී ලංකා පිලේ ලකුණු 150ට ලැබුණේ  පන්දු  153කදීය.  කුසල් සහ සධීර අතර ලකුණු 100ක සම්බන්ධතාවයක් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගිනි.

එහෙත්  සධීර   තම අර්ධ ශතකය අහිමි කර ගත්තේය.  දඟපන්දු යවන ඉෆ්තිකාර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ඉදිරියට පැන පහර එල්ල කිරිමට ගිය සධීරගේ ඉලක්කය වැරදුනේය.   කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්  සධීරව ස්ටම්ප් කිරීමකට හසු කරගත්තේය.   30 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවේ දී සධීර  තුන්වන කඩුල්ල ලෙස දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 30යි පන්දු තුනක් තුළ ලකුණු    177ක් රැස් කරගෙන තිබුණේය.

ඉන් අනතුරුව පිටියට පැමිණි චරිත් අසලංක සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් ලකුණු 33ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේ.  එහෙත් යළිත් ශතකය මායිමේ දී කුසල් මෙන්ඩිස් දැවී ගියේය.  පන්දු 87ක් තුළ හතරේ පහර 08ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 91ක් රැස් කළ කුසල්  දවාගන්නේ  ඉෆ්තිකාර් අහමඩ්ය. තරගය යළි පකිස්ථානය දෙසට හැරවූ කඩුළු දෙකම ඔහුගේය.

ඒ සමගම  පකිස්ථානය ප්‍රබල ලෙස තරගයට පිවිසුනේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිති කරුවෝ බිඳ වැටුනහ. චරිත් බලා සිටියේය. නායක දසුන් ශානක යළිත් ෆේල්ය.  ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන යාමේ විශ්වාසනීය පිතිකරණයක් අහලකවත් ඔහු සිටියේ නැත. දසුන් ලකුණු 02කට දැවී ගියේය.  අනතුරුව පැමිණි ධනංජ රැස් කළේ ලකුණු 05කි. ඉන්දියාව හා පැවති තරගයේ වීරයා වූ දුනිත් වෙල්ලාලගේ පළමු පන්දුවෙන්ම දැවි ගියේය.

අවසන් පන්දු ඕවරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 08ක් ලබා ගැනීමේ ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනවිට චරිත් එක් අන්තයක සිටියේය. අනෙක් අන්තයේ ප්‍රමොද් මධුෂාන්ය. අවසන් ඕවරයේ හතරවැනි පන්දුවේ දි ප්‍රමෝද් දුවද්දී දැවී ගියේය. චරිත් අසලංකට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු දෙකක දී ලකුණු 06ක් රැස් කරගැනීමට සිදුවී තිබිණි.

ඒ වනවිට තරගය බොහෝ දුරට තිබුණේ පකිස්ථානය අතේය.  එහෙත් අවසන් තියුණු ඉලක්කය අසලංක    සැපිරුවේය. ඔහු නොදැවි ලකුණු 49කි.

ශ්‍රී ලංකාව  11 වැනි ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිසුවියන් 11 දෙනෙකුට අපචාර කළ බව කියන කුරුණෑගල ඉංග්‍රීසි ගුරාට දැඩි කොන්දේසි මත ඇප…

Next Post

එන්නත් වර්ග 08ක ලියාපදිංචිය  බල රහිත කරන්නැයි කළ ඉල්ලීමකට අධිකරණයෙන් නියෝගයක්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.