අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය තව පැය කීපයකින් ඇරඹෙන්නට නියමිතයි...

by editor
ජනවාරි 3, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ප්‍රභලම ක්‍රීඩකයින් පස්දෙනෙකු රහිතව ශ්‍රී ලංකා කණ්ඩායම ජොහැන්නස්බර්ග් හිදී අද (03) දෙවන සහ අවසන් ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේය.

තරගය අද ලංකාවේ වේලාවෙන් 1.30ට ආරම්භ වන්නේය.

දෙරට අතර පැවති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ ‍කණ්ඩායමේ කොඳු නාරටිය වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, ඕෂධ ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත රහිතවය.

අබාධයකට ලක්ව සිටින සුරංග ලක්මාල් ඊයේ (02) පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වී සිටී. එහෙත් ඔහු අවසන් මොහොතේ හෝ  කණ්ඩායමට සම්බන්ධ කරගැනීමේ අපේක්ෂාවක් දිමුත් කරුණාරත්න වෙත ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අද තරගයේදී කඩුලූ රකින ක්‍රීඩක මිනෝද් භානුකට සහ වේග පන්දු යවන අසිත ප‍්‍රනාන්දුට ටෙස්ට් වරම් හිමිවනුු ඇතැයි දිමුත් කරුණාරත්න කීවේය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව හමුවේ සෝචනීය පරාජයක් උරුම කර ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෝකයාට හඬගා කීවේ සැලැස්මක් නැති ක්‍රීඩාවක ප්‍රතිවිපාකයේ තරමය. ක්‍රීඩා විචාරකයන් මේ පරාජය දකින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුග්ධ ස්වරූපයේ ප්‍රකාශනයක් ලෙසය.

කොවිඩ් වංගතය හේතුවෙන් දිනෙන් දින කල් යමින් තිබූ එල්.පී.එල් තරගාවලිය පැවැත්වූයේ දකුණු අප්‍රිකානු සංචාරය මුව විටෙහි තබාගෙනය. එහි  දුර්විපාක ටෙස්ට් කණ්ඩායමට අත් විඳින්නට සිදුවූයේය.

එල්පීඑල් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් විශේෂ පුහුණු කඳවුරක් පල්ලෙකැලේ දී පැවැත්විනි. මෙම කඳවුර සඳහා ක්‍රීඩකයින් තෝරා ගත්තේ විධිමත් තේරීම් කමිටුවකින් නොවේ.  මේ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරන්නේ විනිවිද භාවයකින් තොරව තෝරාගෙන තේරීම් කමිටු හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුව ලබාගත් එම කණ්ඩායමය.

දින පහක් ක්‍රීඩා කිරීමේ රිද්මය මේ ක්‍රීඩකයන්ගෙන් ගිලිහී තිබුණු ආකාරය තරගය මුල සිටම පෙනුණි. දින 21 තිස්සේ 20 විස්ස තරග මාලාවකට සහභාගී වෙමින් සිට බඩුමුට්ටු පොදි බැඳගෙන විදේශ රටක ටෙස්ට් ක්‍රීඩා කරන්නට පැමිනෙණ ක්‍රීඩකයන් විශ්වකර්මයන් සේ හැසිරෙනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතු නැත. සිදු වී ඇත්තේ සිදුවීමට ඇති ප්‍රායෝගිකම යථාර්ථය ය.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් කියන්නේ අපේ ක්‍රීඩකයන්ට ප්‍රමාණවත් පිතිකරණ පුහුණු අවස්ථාවක් නොලැබීම පරාජයට හේතුව බවය. එහෙත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020ට එක් නොවූ හා ඉන් ඉවත්වන ක්‍රීඩකයින්ට පුහුණු කඳවුරක් පැවැත්වීම වෙනුවට ජාතික පුහුණුකරු මිකී ආතර් කළේ ලංකා ප්‍රිමියර් ලීග් LPL 2020 ක්‍රිකට් තරගාවලියට විස්තර විචාරකයෙක් ලෙස සම්බන්ධ වීමය. පුහුණුකාරකම අත්හැර ආතර් තෝරාගත් විස්තර විචාරක වෘත්තියේ පටුත්වය ලෝකයට පෙනුණේ ජාතික කණ්ඩායමක් ජාත්‍යාන්තරයේ දී අත් කරගත් විලිලජ්ජා නැති පරාජයකිනි.

වාර්තාවන පරිදි  කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු නිසි දැනුමක් හා හැකියාවක් නැති අයෙකි. ශ්‍රී ලංකා කණ්ඩායම ජංගම රෝහලක් බවට පත් වීමෙන් ඒ බව සනාථ කළේය.

සැලසුමක් නැති තරග සංවිධානය මෙන්ම පුහුණුකරුවන්ගේ වගකීම් රහිත ගොංකම්වල  ප්‍රතිඵළ විඳින්නට සිදුවී ඇත්තේ ක්‍රීඩකයන්ටය. අවසානයේ රටක් ලෙස අප හැමෝටමය.

එක් දෙයක් අවසානයේ දී කිව යුතුව ඇත. මේ වනවිට කණ්ඩායමට ක්‍රීඩකයක්න් 11 දෙනෙක් තෝරාගත නොහැකිව දෙකොණ පූට්ටු වී සිටින අයට කණ්ඩායම තෝරද්දී අමතක වූ දෙයක් තිබේ.

මල්ඩර්ගේ පන්දු වලට මුහුණදෙන්නට නොහැකිව අපේ පිතිකරුවන් ඇඹරෙද්දි මේ මල්ඩර්ම දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුට එලව එලවා පහර දී ලකුණු168ක් රැස් කලේ පැතුම් නිස්සංකය.

පැතුම් එළියේය. පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ටයින් සංචිතයෙන් එළියේය. දිමුත් ගේ හා ආතර්ගේ කණ්ඩායම අපට ලබා දෙන ආශ්වාදය අමාරුවෙන් විඳගෙන අවසාන වශයෙන් එක් ඉල්ලීමක් කළ යුතුව ඇත.

අවුරුද්ද පටන්ගත් ගමන් ලබා දුන් මේ සැප අවුරුද්ද පුරාවට නම් ලබා නොදෙන්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටදෙනියාවේ අබලි යකඩ කම්හලක බොයිලේරුවක් පිපිරී ඉන්දියානුවෙක් මරුට…

Next Post

විදෙස්ගත වූ  68000ක් ලංකාවට එන්න පෝලිමේ ..

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.