ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව 42.86%ක් බව අයි.සී.සී ය පුරෝකථනය කරයි.
ඒ පුරෝකථනයන්ට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සිටින්නේ ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පස්වන ස්ථානයේ ය. බංගලාදේශ කණ්ඩායම 4 වන ස්ථානයේත්, නවසීලන්ත කණ්ඩායම 3වන ස්ථානයෙත්, ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2 ස්ථානයෙත්, ඉන්දියානු කණ්ඩායම 1 ස්ථානයෙත් පසුවේ.
දැනට ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදි පකිස්ථානය සමග 0-2 ලෙස තරගාවලිය පරාද වී ඇත. බංගලාදේශය සමග බංගලාදේශයේ දී 2-0 ලෙස තරගාවලිය ජය ගෙන ඇත. එංගලන්තය සමග නිමාවුන තරගාවලිය 1-2 ක් ලෙස පරාජය වී තිබේ.
ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී නවසීලන්තය සමග ටෙස්ට් තරග 2ක්, දකුණු අප්‍රිකාව සමග දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරග දෙකක්, ඔස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතය. මේ සියලුම තරගාවලිවලින් පසුව ශ්‍රී ලංකාවට අවසන් වටයට පැමිණීම සඳහාවන සම්භාවිතාව 69.23% කි.
එංගලන්තයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයෙන් එංගලන්තයට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ඉදිරිගාමී බලාපොරොත්තුවක් පිළිබඳ ක්‍රිකට් විචාරකයින් ඉඟි පහළ කර තිබේ.
දැනට එංගලන්ත කණඩායම ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට පහලිනි. විචාරකයින් පවසන්නේ මව්බිමේ පැවැත්වෙන ලයිස්තුවේ ඉහළින් සිටින නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සමග කරන තරගවලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමේ අවස්ථාව විවෘත වී තිබෙන බවය.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග වලදි කණ්ඩායමේ දඟ පන්දු ප්‍රහාරය තමන්ට උඩින් සිටින ප්‍රතිවාදී කණ්ඩායම්වෙත ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට යොදා ගත හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.
නමුත් ධනංජය ද සිල්වාගේ අභිමතය පරිදි වේග පන්දු යවන්නන් ද ඵලදායී බව ඔප්පු වී ඇති අතර, දකුණු අප්‍රිකානු සංචාරයක දී එය තීරණාත්මක වනු ඇති බවට පුරෝකථනය කර ඇත.







