අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස්හි මහන්තත්තකම  පුපුරුවා හැරිය මතීෂ…. ඔහු 24/04යි.

by editor
අප්‍රේල් 15, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඊයේ (14) රාත්‍රියේ සිට මුලු ඉන්දියාවම ආදරයෙන් කියවන නම මතීෂ පතිරණ ය. අයි.පී.එල් තරගාවලියේ  ජයග්‍රණ වැලක දිගුව තීරණාත්මක ලෙස නවතාලමින් උද්දච්ච හර්දික් පාණ්ඩ්‍යාගේ මුම්බායි ඉන්දියන්ස් ගමන වළක්වා   චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ කේන්ද්‍රීය ලකුණ වූයේ මතීෂ පතිරණය.

අයි.පී.එල් ඉතිහාසයේ ඔහු සිය විශිෂ්ටම පන්දු යැවීම ඊයේ සටහන් කළේය.  පන්දු ඕවර 4 තුළ ලකුණු 28ට කඩුළු 04කි.  එම පන්දු යැවීම මනරම්ය.  17 වැනි පන්දු ඕවරයේ 3 වැනි පන්දුවට රොමරියෝ ෂෙෆඩ් ගේ පා ඉන්න ගැලවී ගුවනට ගිය ආකාරය තරගය බැලූ කිසිවෙකුට අමතක වන්නේ නැත. ඒ පන්දුවේ වේගය පැයට කිලෝ මීටර් 149.3 ලෙස සටහන්ව තිබිණි.   මුබ්බායි ඉන්දියන් කණ්ඩායමේ කඩුළු 06ක් දැවී ගියේය. දවා ගත්ත මුබායි කඩුලු 06න් 04 මතීෂගේ ය.

තරගයේ වීරයා මතීෂ පතිරණය

පළමු පන්දුවෙන් ඉෂාන් ක්‍රිෂාන් දවා ගත් පසු…

මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ලකුණු 206ක් ලබා ගත්තේය. ජයග්‍රහී ඉලක්කය 207කි. එය විශාල ඉලක්කයක් බව පෙනිනි. එහෙත් අති විශිෂ්ඨ ආරම්භයක් සහිතව මුබ්බායි ඉන්දියන් කණ්ඩායම සිය ගමන අරඹා තිබිණි. ඒ ගමන කැඩුවේ මතීෂ පතිරණ ය. තරගය අවසානයේ දී හර්දික් පාණ්ඩ්‍යා මෙසේ කීවේය.

“ඔවුන් ( චෙන්නායි සුපර් කිංස්) හොඳින් පන්දු යැව්වා.  ඉලක්කයට පන්දු යැව්වා. ඔවුන්ට කළ යුතු දේ කියන්න කෙනෙක් කඩුල්ල පසුපස කෙනෙක් ( මහේන්ද්‍ර සිං දෝනි)  හිටියා. මේ පන්දු යැවීමේ  වෙනස වුනේ පතිරණ. පතිරණ එනකම් අපි හිටියේ    හොඳ මුලු ලකුණු සංඛ්‍යාවක. ඔහු හොඳම අවස්ථාවේ හොඳම දේ කළා. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සුවිශේෂී තරගය

අයි.පී.එල් තරගාවලියේ සුවිශේෂ තරගයක් වූ චෙන්නයි සුපර් කිංස් සහ මුම්බායි ඉන්දියන් අතර සුප්‍රකට වෙන්කඩේ ක්‍රීඩාංගනයේ  පැවති මෙම තරගය ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබිණි. මෙම කණ්ඩායම් දෙක අයි.පි.එල්. තරගාවලියේ වඩාත්ම සාර්ථක කණ්ඩායම් දෙකය. වඩාත් ජනප්‍රිය කණ්ඩායම් තුන අතර සිටින කණ්ඩායම් දෙකය. නායක හර්දික් පාණ්ඩ්‍යාගේ උද්ච්ච හැසිරීමත් සමග මෙවර තරගාවලියේ වැඩිපුරම සාකච්ඡාවට ලක් වු කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමය.

කාසියේ වාසිය දිනුවේ හර්දික් පාණ්ඩ්‍යා ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන් කණ්ඩායමය.  ඔවුහු පන්දු රැකීම තේරූහ.

මෙවර චෙන්නායි සුපර් කිංස් නයකයා නායක රිතුරාජ් ගයික්වාල් ය. චෙන්නායි සුපර් වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රිතුරාජ් පන්දු 40ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමග  ලකුණු 69ක් ලැබුවේය. ෂිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් ලැබුවේය .ඒ පන්දු 38ක දී ය. කස ප්‍රහාරයක් වැනි ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

19 වැනි පන්දු ඕවරය අවසන් වනවිට චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සිටියේ ලකුණු 180ක් සහිතවය.  එහෙත් හර්දික් පාණ්ඩ්‍යාගේ යැවූ අවසන් පන්දු ඕවරය තුළ ලකුණු 26ක්  ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමත් විය.  අවසන් පන්දු ඕවරයේ කැපී පෙනෙන පිති ප්‍රහාරය දොනිගෙනි.   දෝනි අවසන් පන්දු ඕවරය යවමින් සිටි පාණ්ඩ්‍යාට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළේය. ඒ පිට පිට හයේ පහර 03ක් සමග අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දු 04ට ලකුණු 20ක් ලබා ගනිමිනි. මුබ්බායි ඉන්දියන් කණ්ඩායම  ලකුණු 206ක් ලැබුවේය. ඒ කඩුලු 04කට ය.

මතීෂ මුම්බායි ඉන්දියන්ස් කුඩු කළ හැටි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ  මුල්ම කඩුල්ල දැවී යන්නේ ලකුණු 70 දීය.   ආරම්භක පිතිකරුවන්වන  රෝහිත් ෂර්මා සහ ඉෂාන් කිෂාන් ඕවර 7ක් තුළ ලකුණු 70 රැස් කරන්නේය.    ඒ ගමන නැවැත්වූයේ පතිරණ ය.

මතීෂව කැඳවන්නේ  තරගයේ 08 වැනි පන්දු වාරය යැවීමට ය.  තමන් පන්දු යැවීමට ගෙන්වූ මුල්ම ඕවරයේ මුල්ම පන්දුවෙන් මතීෂ පතිරණ ඉෂාන් කිෂාන්ව දවා ගන්නේය

මතීෂ සිය පළමු ඕවරයේ කඩුළු 02 යි…

අනතුරුව එම ඕවරයේම තුන්වැනි පන්දුවේ දි මුෂ්ටෆිසුර් රහ්මාන්  හතරේ සීමාව අසල සිට රැකගත් අතිශය අපූරු උඩ පන්දුවකින් සූර්යකුමාර් යාදේව් ලකුණු නොලබා දැවී යන්නේය.

තරගය චෙන්නායි සුපර් කිංස්වලට හරවා ගත් කේන්ද්‍රීය අවස්ථාව එයය. අනතුරුව 14 වැනි පන්දු ඕවරය යැවීමට මතීෂ කැඳවූ විට එම ඕවරයේ 5 වැනි පන්දුවෙන් ලකුණු 31ක් ලබාගෙන සිටි තිලක් වර්මා ගේ කඩුල්ල දවා ගැනීමට මතීෂ සමත් වන්නේය.  දැන් මතීෂට කඩුලු 03කි.

අනතුරුව 18 පන්දු ඕවරය යැවීමට කැඳවූ මතීෂ රොමාරියේ ෂෙෆර්ඩ් ගේ පා ඉන්න කුඩු කරමින් සිය 4වන කඩුල්ල වාර්තා කරන්නේය.

අපතේ ගිය ශතකය – රෝහිත් ෂර්මා…

මේ තරගය මතීෂ විසින් වෙනස් කළ තරගයක් බව විචාරකයින් කියන්නේ මුබ්බායි ඉන්දියන් කණ්ඩායමේ පිතිකරණ ස්වරූපය දකින විටය. ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා පන්දු 63ක් තුළ හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 105ක් නොදැවී වාර්තා කරන්නේය. එහෙත් මතීෂ  ඒ ශතකය අපෙතේ යැව්වේය.

මුම්බායි ඉන්දියන්ස්  කණ්ඩායම පන්දු ඕවර 20 තුළ ලකුණු 186කට සීමා විය. ඒ කඩුළු 06ක් දැවී යාමෙනි.  207ක  ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 20කින් පරාදය.

අප මුලින් කී විදිහට මේ මොහොත වනවිට අයි.පී.එල් තරගාවලියේ ආකර්ෂණීයම ක්‍රීඩකයන් අතර මතීෂ ඉන්නේ ඉහළම තැනය.  ඉලක්කය තෝරාග හැකි නම් ලෝකයේ හොඳම පන්දු යවන්නන් අතර ඉහළට පැමිණීමට ඇති හැකියාව මතීෂ ලෝකයට පෙන්නුවේය.

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියානු හමුදාවට බැඳෙන ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දෙන්න… ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුසියානු රජයෙන් ඉල්ලයි!

Next Post

මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.