අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දැඩි නිරෝධායන නීති මැද ජාතික කණ්ඩායම හෙට (01) පුහුණුව අරඹයි…

by editor
මැයි 31, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක-

කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් පනවන ලද අනිවාර්ය සෞඛ්‍ය නීති රෙගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් මාස දෙකකට වැඩි කාලයකින් පසුව හෙට (ජූනි 1) ආරම්භ කෙරේ.  ඒ අනුව තෝරාගත් ක්‍රීඩකයන් 13 දෙනකු හෙට සිට දින 12ක කාලයක් කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී නේවාසික පුහුණු සැසියකට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 

ක්‍රිකට් ක්‍රීඩාව අතිශය අවදානම් සහිත ක්‍රීඩාවක් ලෙස සළකමින් මෙම පුහුණුවිම් සඳහා දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසි පනවා ඇති අතර එම කාල සීමාව ඇතුළත සියළුම ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස එකම හෝටලයක නවාතැන් ගනු ඇතැයි ද ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

මූලික වශයෙන් මෙම පුහුණු සැසියේ පළමු අදියර පන්දු යවන්නන් වෙනුවෙන් ආරම්භ කෙරෙන අතර ඊට නායක දිමුත් කරුණාරත්න ඇතුළු පිතිකරුවන් කිහිපදෙනකු ද එක්වීමට නියමිතය. ඒ අනුව වේගපන්දු යවන්නන් 6ක්, දඟපන්දු යවන්නන් 3ක් සහ පිතිකරුවන් 4ක් ඊට ඇතුළත්ය. 

නායක දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රාජිත, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂාන් සඳකැන් හෙට ඇරැඹෙන නේවාසික පුහුණු කඳවුරට එක්වනු ඇතැයි වාර්තා වෙයි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සඳහා වන  පුහුණු කාර්ය මණ්ඩලය සිවුදෙනකුට සීමා කෙරේ. නේවාසික පුහුණු කඳවුරට ඇතුළුවීමට පෙර ඊට සම්බන්ධ සියළුම රථවාහන පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු යොදා ඇත. එය පුහුණු කඳවුර පැවැත්වෙන කාලසීමාව තුළ දෛනිකව සිදු කෙරේ. 

සෞඛ්‍ය බලධාරින් මේ වනවිටත් පුහුණුවීම් කරනු ලබන ක්‍රීඩාංගණයේ සහ ක්‍රීඩකයන් නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ නිරික්ෂණ කටයුතු සිදු කොට තිබේ. එම ස්ථාන ද්විත්වයේම කාර්ය මණ්ඩලයට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඔවුන් විසින් සපයනු ලැබීය. 

පුහුණු කඳවුරට සම්බන්ධ කිසිවකුට හෝටල් පරිශ්‍රය තුළින් හෝ පුහුණුවිම් සිදුකරනු ලබන ක්‍රීඩා පිටිය තුළින් බැහැරව යාමට අවසර නොලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටී.

 

 

Tags: නවතම
Share74Tweet43
Previous Post

වාලච්චේන කඩදාසි මෝලට විමල්ගෙන් යළි පණ…

Next Post

ක්‍රිකට් පුහුණුව පවත්වා ගත යුතු නිරෝධායන නීති මෙන්න

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.