අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරග අතර ෆ්ලොයිඩ් ඝාතනය ගැන සංකේතාත්මක විරෝධයට අයි.සී.සී.යේ ඉඩ

by editor
ජූනි 11, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ජොර්ජ් ෆ්ලොයිඩ් නමැති නිරායුධ කළු ජාතිකයාගේ ඝාතනයත් සමග ලොව පුරා පැතිර ගිය විරෝධතා රැල්ල ක්‍රිකට් පිටියටත් පැතිරීමට ඇති ඉඩකඩ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානයක් යොමුවී තිබේ.

Black Lives Matter ව්‍යාපාරය නමින් එම විරෝධතා පැවැත්වෙන අතර ක්‍රිකට් තරග අතරතුර ක්‍රීඩකයන් ඊට සහයෝගය පළ කිරීම සඳහා දණහිස නැමීමක්  (take a knee ) හෝ සිය ක්‍රීඩා ජර්සියේ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමක් සිදුවීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරමින් සිය සාමාන්‍ය නීතිරෙගුලාසිවලට ඔබ්බෙන් යම්කිසි නම්‍යශීලී බවක් පෙන්නුම් කිරීමට තීරණය කර ඇත. 

මීට පෙර එවැනි දේශපාලනික මුහුණුවර යටතේ ක්‍රිකට් පිටියේ කිසිදු ආකාරයක සටන්පාඨ ප්‍රදර්ශනය කිරීමකට අයි.සී.සී.යේ අනුමැතිය නොලැබිණි. අවසන් වරට එවැනි ක්‍රියාවක් ක්‍රිකට් පිටියේ ප්‍රදර්ශනය වූයේ එංගලන්තයේ පැවැති පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුරදීය. එවර ඉන්දීය පිලේ හිටපු නායක, කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ  අත්වැසුම්වල සටහන් කර තිබූ  එක්තරා ලාංඡනයක් තහනම් කිරීමට අයි.සී.සී.ය පියවර ගත්තේය. අයි.සී.සී.යේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් එම ලාංඡනය ඉවත් කිරීමට නියෝග කර තිබිණි. දෝනිගේ පෞද්ගලික පණිවුඩයක් ඉන් ප්‍රදර්ශනය වන බව අයි.සී.සී.යේ නිගමනය වී තිබිණි. එම ලාංඡනය පැලඳීමට මහේන්ද්‍ර සිං දේනි කටයුතු කර තිබුණේ ඔහු ඉන්දීය යුද හමුදාවේ ගෞරවනීය ලුතිනන් කර්නල්වරයකු ලෙස සේවය කිරීම හේතුවෙනි. ඔහු අයත් පැරෂූට් රෙජිමේන්තුවේ ලාංඡනය එසේ දෝනිගේ අත්වැසුම්වල සටහන් කර තිබිණි. 

ඊට පෙර 2014 වසරේ ජූලි මාසයේදී ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගයක් අතරතුර එංගලන්තයේ තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලි විසින්  ‘ ගාසා තීරය රැක ගනිමු‘ සහ ‘පලස්තීනය රැක ගනිමු‘ යන සටන් පාඨ සඳහන් අත් පට පැලඳ සිටියේය. අයි.සී.සී.යේ ඇඳුම් සහ උපකරණ රෙගුලාසි යටතේ එවැනි දේශපාලනික මුහුණුවරක් ගත් සටන්පාඨ ප්‍රදර්ශනය කිරිම තහනම් වූ අතර තරග තීරක ඩේවිඩ් බූන් විසින් එම අත්පට ඉවත් කිරීමට මොයින් අලීට නියම කරනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් අමෙරිකාවේ සිදුවූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයටත්. ජාතිවාදයට එරෙහිව විරෝධය දැක්වීමටත් ලොව පුරා පැතිර ගිය විරෝධතා රැල්ල සම්බන්ධව නිරීක්ෂණය කරමින් සිටින අයි.සී.සී.ය සිය නීතිරෙගුලාසිවලට වඩා වෙනස් ආකල්පයක් දැක්වීම විශේෂත්වයකි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ජාතිවාදයට එරෙහිව නැඟී සිටින අතර ක්‍රීඩාවේ ගුණාත්මකභාවයත්, යහපැවැත්මත් වෙනුවෙන් එවැනි ක්‍රියාවලියකට වඩාත් සාධාරණීය අයුරින් මුහුණු දීමට කටයුතු කරන බව එහි ප්‍රකාශකයකු පවසා තිබේ.

එබැවින් යම්කිසි අවස්ථාවකදී ක්‍රීඩකයන් ජාතිවාදයට එරෙහිව එම විරෝධතා රැල්ලට සහයෝගය දක්වමින් තරගයක් අතරතුර සටන්පාඨ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සහය පළ කිරීමට කටයුතු කරනු ඇත. අයි.සී.සී.යේ නීතිරෙගුලාසිවලට අනුව නොව මානුෂික මුහුණුවරක් යටතේ එවැනි තත්ත්වයකට මුහුණු දීමට ඒ අනුව තීරණය වී තිබේ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතයට අනුව ලොව පුරා සිටින විවිධ ජාතීන් අතර සමානාත්මකතාව ඉස්මතු විය යුතු වන අතර බෙදීම් හෝ දේශපාලනික ගැටලුවලට ඉඩක් නොලැබේ. එබැවින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය ජාතිවාදී ක්‍රියාවක් ලෙස සළකා ඊට සහයෝගය පළ කිරීමට ක්‍රීඩකයන්ට ඇති අයිතියට යම්කිසි සීමාවක් සහිතව ඉඩක් ලබාදෙනු ඇත.

 මේ වනවිට යම්කිසි පිළිගත් පුද්ගලයකුගේ මරණයක් වෙනුවෙන් ශෝකය පළ කිරීමට එවැනි පසුබිමක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නිර්මාණය වී ඇති අතර එවැනි අවස්ථාවලදී ක්‍රීඩකයන් කළු පටි පැලඳ ක්‍රීඩා කිරීම සුලබ දසුනකි. මීට අමතරව පුණ්‍ය කටයුතුවලට අරමුදල් එක්රැස් කිරීම සඳහා පොපි මල් පැලඳ ක්‍රීඩා කිරීමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම සෙසු ක්‍රීඩාවලදී ද දක්නට හැකිය.

ලෝක හෙවිවේට් බොක්සිං ශූර ඇන්තනී ජෝෂුවා, හිටපු සුපිරි ටෙනිස් ක්‍රීඩක බොරිස් බේකර් ඇතුළු ලොව පුරා ක්‍රීඩකයන් රැසක් පසුගිය සති අන්තයේ ලන්ඩනයේ පැවැති විරෝධතාවලට එක්වූහ. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට් ද ලන්ඩනයේ පැවැති විරෝධතා පා ගමනකට සහභාගි වූයේ Black Lives Matter යනුවෙන්  සටහන් කළ ටී ෂර්ටයක් පැලඳගෙනය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලීසිං මැරයෝ ත්‍රී රොද රථ සංගම් සභාපතිව පහර දී මරා දමති

Next Post

රැළි පිට රැළි නගන කොරෝනා අර්බුදය මැද දකුණු කොරියාව

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.