අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ටයිම් අවුට් අභිනය මතක් කරගෙන බංගලි කණ්ඩාම ඉල්ලන් කෑ හැටි!

by editor
මාර්තු 10, 2024
in ක්‍රීඩා
පළමු තරගයේ 2වැනි පන්දුවෙන් අවිශ්ක දැවී ගිය විට අදාලම නැති ටයිම් අවුට් අභිනය පෙන්වා නා ගැනීම අරඹූ  ෂොරිෆුල් ඉස්ලාම්...

පළමු තරගයේ 2වැනි පන්දුවෙන් අවිශ්ක දැවී ගිය විට අදාලම නැති ටයිම් අවුට් අභිනය පෙන්වා නා ගැනීම අරඹූ ෂොරිෆුල් ඉස්ලාම්...

Share on FacebookShare on Twitter

බංගලාදේශය සමග විස්සයි 20 තරගාවලිය දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ  සාමුහික ටයිම් අවුට් අභිනය බංගලි ක්‍රීඩකියින් හොඳටෝම රිද්දා ඇත්තේය. බංගලාදේශ නායක නජිමුල් හොසේන් සැන්ටෝ  කීවේ ශ්‍රී ලංකා කණ්ඩායම 2023 ලෝක කුසලානයේ දී  ඇතිවුන ටයිම් අවුට් සිද්ධිය අතීතයට එක් වී ඇති බැවින් දැන් එයින් ඉවත් විය යුතු බවය.

ලෝක ඉතිහාසයේ  අන්තර්ජාතික තරගයක දී ටයිම් අවුට් වරදට හසුවී දැවී යන පළමු ක්‍රීඩකයා ඈන්ජලෝ මැතිව්ස්ය. එම දැවී යෑම සඳහා ඉල්ලීම කරනු ලබන්නේ ෂකීබ් අල් හසන්ය. මෙම ටයිම් අවුට් අභිනය මුල්ව වරට රූපණය කරන්නේත් මැතිව්ස්ය. ශකීබ් අල් හසන් දවාගත් මැතිව්ස් තණතිරුව මැද අතට තට්ටු කරමින් ටයිම් අවුට් අභිනය දැක්වූයේය.

තරගයෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවේ අවම මහත්මා ගුණයක්වත් පවතීනම් මෙවැනි ලාභ තීන්දු ගැනීම නතර කළ යුතු බවත්, බංගලාදේශය හැර ලෝකයේ වෙන කිසිම කණ්ඩායමක් මෙවැනි දැවී යෑමක් සම්බන්ධව ඉල්ලීමක් නොකරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් පැවසුවේය.

එහෙත් නැවත මේ අභිනය තරගයක් මැද පිටියේ දී රැගෙන ආවේ ෂොරිෆුල් ඉස්ලාම්ය. මෙම තරගාවලියේ  මාර්තු 03 දා පැවති මුල්ම තරගයේ දෙවැනි පන්දුවේ දී අවිශ්ක ගුණවර්ධන දවා ගත් ෂොරිෆුල් ඉස්ලාම් පිටිය මැද සිටගෙන අතට තට්ටු කරමින් ටයිම් අවුට් අභිනය ඉදිරිපත් කළේය. දෙපිලේ පවතින උණුසුම්වන හැඟීම් මේ හැසිරීම්වලින් ප්‍රකට වෙමින් තිබිණි. තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම බංගලි ක්‍රීඩකයින්ට ටයිම් අවුට් අභිනයෙන්  මෙසේ පිළිතුරු දුන්හ.

ටයිම් අවුට්…

නුවන් තුෂාර අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සිටියේය. 4වැනි පන්දු ඕවරය යැවීම සඳහා නුවන් තුෂාර කැඳවනවිට  වනවිට බංගලි පිලේ ලකුණු 15කට කඩුල්ලක් බිඳවැටී තිබිණි. සිව්වන ඕවරයේ දෙවැනි පන්දුවේ නජිමුල් හුසේන් සැන්ටෝගේ කඩුල්ල කුඩු වූයේය. තුන්වැනි පන්දුවට මුහුණ දෙන්නට පැමිණියේ ටොවිඩ් හ්‍රිඩොයි  ය. තුෂාරගේ   පන්දුව හ්‍රිඩොයිගේ  කඩුල්ල කුඩු කලේ වම් ඉන්න ගුවනේ පා කරමිනි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගෙන් ගිලිහී ගිය වචනයක් හ්‍රිඩොයි කුපිත කළේය. ඔහු දැවී ගොස් තිබුණේ කිසිම පිතිකරුවෙක් දැවී යෑමට ප්‍රාර්ථනා නොකරන  ආකාරයට.  තමන් මුහුණ දුන් මුල්ම පන්දුවේ දී ඒ ආකාරයේ  දැවී යෑමකදී කුඩුවෙන්නේ කඩුල්ල නොව  පුද්ගල අභිමානය ය.  මෑත කාලයේ දී ශ්‍රී ලංකා බංගලාදේශ  තරගාවලියක් තුළ මතුවූ විශාලම එදිරිවාදිකම පිටියේ දි මතුවූයේය. තන්වීර් ඉස්ලාම් විනිසුරුවරයාට ක්‍රීඩකයා ඇදගෙන යෑමට සිදුවිය. තුට්ටු දෙකේ චන්ඩින් සේ හැසිරෙන ක්‍රීඩකයින් ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියට අවශ්‍ය නැත.  මේ සිද්ධිය සම්බන්ධව ගත හැකි විනය ක්‍රියාමාර්ගයක් පිළිබඳ මේ වනවිටත් වාර්තා වී නැත.

කෙසේ වෙතත් වැඩිවන උණුසුම ගැන කතා කරමින් cricinfo නජිබුල් හොසෙයින් සැන්ටොගෙන් අසා තිබුණේ එදිරිවාදිකම් අඩු කරගැනීම සඳහා බංගලාදේශ පාර්ශවයෙන් ඉදිරිපත් වීමට කැමතිදැයි ඇසූ විට ඔහු මෙසේ කියා තිබිණි.

“එය ආක්‍රමණශීලී ලෙස හැසිරීම හෝ  ඒ ආකාරයේ වෙනත්  දෙයක් නොවෙයි. ඔවුන් ටයිම් අවුට් අභිනය පෙන්නුවා. එය හරිද?. ඔවුන් ටයිම් අවුට් සිද්ධියෙන් ඉදිරියට ගිහින් නෑ…”

“ මම හිතන්නේ ඔවුන් එයින් ඉවත් විය යුතුයි. ඔවුන් වර්ථමානයේ සිටිය යුතුයි.    ටයිම් අවුට් දැවී යාම සිදුවන්නේත් අප නීතිය තුළ සිටි නිසයි.  ඔවුන් ඒ ගැන වියරු වැටිලා. මම ඒ ගැන වැඩිපුර කලබල වෙන්නෙ නෑ.”

තරගයේ වැඩිම ලකුණු ප්‍රමාණය වු ලකුණු 86ක් රැස් කළ කුසල් මෙන්ඩිස්ගෙන් ද මේ තත්ත්වය ගැන විමසීමක් සිදුවූයේය.

“ කවුරුහරි “ටයම් අවුට්” උත්සව කරමින් හිටියා.  මම දන්නෙ නෑ ඇයි කියලා. අපිට අපේ දේවල් අපේ විදිහට සමරන්න පලුවන්. අපි සතුටින් නිසා අපි ඒ මොහොත සැමරුවා.”

ප්‍රශ්න ගණනක් එමක සිදුවීමක් තුළ ඇසෙමින් තිබිණි. ඒ තත්ත්වය ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීඩ් නවාස් භාරගත්තේය.

“ මම හිතන්නේ ඒ “ටයිම් අවුට්” සිදුවීමෙන් ඉදිරියට ගියා. මම හිතන්නේ ඒ වෙලාවෙ ඒ සැමරීම වැරිදියට අවබෝධ කරගත්තා. එය සිදුවන්නේ තරගාවලියේ උණුසුම අතරයි. කණ්ඩායම් දෙකම එය අමතක කළ යුතුයි.

නවීඩ් නවාස් පැවසුවේ කණ්ඩායම් දෙක පිටියෙන් පිටත දී සුහද මිතුන් බවය.

“මම හිතන්නේ කණ්ඩායම් දෙකම ඉතා වෙහෙස මහන්සි වී ක්‍රීඩා කරනවා. පවතින ක්‍රීඩාශීලි වාතාවරණය ඇත්තෙන්ම හොඳයි. ඔවුන් සියල්ලෝම ඔවුන්ගේ සියයට සීයම ලබා දෙනවා. සමහර අවස්ථාවලදී හැඟීම් මැදට එනවා. ක්‍රීඩකයන් සියලු දෙනාම මායිම් රේඛාවෙන් පිටත ඉතා මිත්‍රශීලීයි. ඔවුන් ක්‍රීඩාංගණය තුළට ගිය පසු ඇත්තටම දැඩි ලෙස සටන් කරනවා.”

“මම හිතන්නේ ඒක තමයි ක්‍රීඩාව කියන්නේ. ඔබ පිටිය මැද විනය රැකගෙන තියුණු  ලෙස ක්‍රීඩා කරන තාක් කල්, පසුව සීමාවෙන් පිටත දී සහෝදරත්වයෙන් බැඳෙනතාක් කල් සියල්ලම හොඳයි.  කණ්ඩායම් දෙකම කිරීමට බලාපොරොත්තු වන්නේ එයයි.” නවාස් කීවේය.

ඒත් අපට හැඟෙන්නේ උණුසුම ඒ ලෙසම පවතින බවය. එවැනි උණුසුමක් තරගයක තිබිය යුතුය. ඉස්සර ඔස්ට්‍රේලියාවට එරෙහිව කළ තරග අප තුළ වැඩි හැඟීමක් ඉපදවූයේය.

දැන් බංගලියන්ගේ එක් දින තරගාවලිය සම්බන්ධවත් දෙරටේම ක්‍රීඩාලෝලීන්ට එවැනි  උණුසුම් හැඟීමක් තිබීම එක අතකට මරුය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වයඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙක් අලගල්ලෙන් පහළට ඇද වැටේ….

Next Post

සාගල යාපනයේ ඉඩම් බෙදයි! 

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.