බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොවිඩ් ගෙදරටම ගෙන්වා ගත් ලෝකයේ නොම්බර 01 ටෙනිස් ක්‍රීඩකයා

ලොව නොම්මර එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ඩිජොකෝවික්ට කොවිඩ් ආසාදනය වෙයි

by editor
ජූනි 24, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

කොවිඩ් වෛරසයේ අවදානම මැද  ලොව පුරා සියලුම ටෙනිස් තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට තරග සංවිධායකයන් පියවර ගනිද්දී සර්බියාවේ අගනුවර වන බෙල්ග්‍රෙඩ් හී ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියක් සංවිධානය කිරීමට අත හිත දීමට ද, ඊට තරග කිරීමට ද ඉදිරිපත් වූ ලොව නොම්මර එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ඩිජොකෝවික් කොවිඩ් වසංගතය ගෙදරටම ගෙන්වා ගත්තේය. ඔහුට මෙන්ම ඔහුගේ බිරිඳ ජෙලිනාට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු විය.  වාසනාවකට මෙන් ඔවුන්ගේ දරුවන් ඊට ගොදුරු වී නොමැති බව වාර්තා විය. 

ඇඩිරියා ටුවර් නමින් සංවිධානය වූ මේ තරගාවලිය කොවිඩ් වසංගතය නිසා වසා දැමුණු ටෙනිස් පිටියේ හැම අතින්ම පැවැති පළමු තරගාවලිය ද විය. එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ නොවැක්ගේ සොයුරු ඩිජෝඩ්ජි ය. 

සර්බියාවේ සහ ඊට යාබදව පිහිටි රට වන ක්‍රොඒෂියාවේ දී අදියර දෙකකින් යුතුව පැවැත්විමට සූදානම් කළ මේ තරගාවලියට දැනට සර්බියාවේ රැඳී සිටින බල්ගේරියානු ක්‍රීඩක ග්‍රිගෝර් දිමිත්‍රොව් ද එක්වූ අතර පළමුව කොවිඩ් වෛරසයට ගොදුරු වූයේ ඔහුය. ඉන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරගත්, ක්‍රොඒෂියාවේ පැවැත්විමට සුදානම් කළ එහි දෙවැනි අදියරේ තරගාවලියත් අවලංගු කිරිමට පියවර ගෙන තිබිණි. 

එහෙත් ඒ වනවිට වෛරසය ක්‍රීඩකයන් වෙත සමීපව තිබූ අතර තරගාවලියට ක්‍රීඩා කළ තවත් සර්බියානු ක්‍රීඩකයකු වන බෝර්නා කොවික් ද ඊට ගොදුරු වූ බව වාර්තා විය. මේ සිදුවීම ලොව පුරා බොහෝ ටෙනිස් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වූ අතර එවැනි අවදානමක් මැද තරගාවලියකට එක්වීම ගැන ඔවුහු සිය සගයන්ට නොසෑහෙන සේ දෝෂාරෝපණය කළහ. ටෙනිස් තරගාවලිය අතරතුර විනෝදය පිණිස ඉහත කී ක්‍රීඩකයන් බාස්කට් බෝල් ක්‍රීඩාවේ ද නිරතව තිබිණි. ඒ සඳහා එක්වූ තවත් ක්‍රීඩකයකු වන ඇලෙක්සැන්ඩර් ස්වේර්වෝට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට මෙතෙක් තහවුරු කර නොමැත. කෙසේ වුවත් ඔහුගේ තත්ත්වය ද ඒ හා සමාන වනු ඇතැයි සර්බියානු පුවත්පත් වාර්තා කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සර්බියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද වනවිට 13,092ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර සිදුවූ මරණ සංඛ්‍යාව 263කි. එරට තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් සෞඛ්‍ය තහංචි තරමක් ලිහිල් කර තිබිණ. කෙසේ වෙතත් සමාජ දුරස්ථභාවය ආදි උපදෙස් ගණනාවක් එරට සෞඛ්‍ය අංශ මහජනතාවට ලබා දී තිබුණත් මෙම ටෙනිස් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩාලෝලීන් ද ඒ පිළිබඳ සැළකිල්ලක් නොදක්වා ඇතැයි ද වාර්තා විය.මෙම ප්‍රදර්ශන තරගාවලිය නැරැඹීමට ක්‍රීඩාලෝලීන් 4,000කට අධික පිරිසක් එක්රොක්වී ඇති අතර තරග නිමාවෙන් පසුව එරට අගනුවර වන බෙල්ග්‍රේඩ් හී රාත්‍රී සමාජශාලාවල ඔවුන් තර්තනයේ යෙදෙමින් විනෝද වූ බව ද වාර්තා විය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට තඹ වරප්‍රසාද ලද හැටි හෙළිවෙයි

Next Post

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 10කට කොරෝනා

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.