බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සිනමන්ග්‍රෑන්ඩ් බෝම්බකරුට තඹ වරප්‍රසාද ලද හැටි හෙළිවෙයි

by Lanka Sara Editor
ජූනි 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම් පවුලට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවට නියමිත ක්‍රමවේදයෙන් පිටයමින් සෙසු තරගකරුවන්ට වඩා ඉහළ ප්‍රතිශතයකින් අසාමාන්‍ය ලෙස තඹ සැපයීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කර ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසමේදී අද (23) හෙළිවිය.

මෙම අසාමාන්‍ය තඹ සැපයීම් 2017 සහ 2018 වසරවලදී සිදුව ඇති බවත් ඒ වනවිට කාර්මික සංවර්ධන මණ්ඩලය රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාගේ කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍යංශ විෂය පථයට යටත්ව පැවති බවද එම කොමිසමේදී අනාවරණය විය.

එසේම 2019 වසරේදී මෙම ව්‍යාපාරික ආයතනයෙන් රුපියල් කෝටි හතර හමාරක මුදලක් ජාතික තවුහිත් ජමාත් සංවිධානයට වසරේදී ලබාදී ඇති බවද කොමිසමේදී අනාවරණය විය.

මෙම ව්‍යාපාරිකයා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනය නයකර ඇති අතර එම අපනයනය කිරීම් ආණ්ඩුව විසින් වරක් අත්හිටවූ අවස්ථාවේදී ඔහු රිෂාඩ් බදියුදීන් මහතාව මුණගැසී තිබෙන බවද කොමිසම හමුවේදී සදහන් විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොමිසම හමුවේ මෙම තොරතුරු හෙළි කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතාය. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු පෙන්වා දුන්නේ 2017 වසරේදී සියයට 17 ත් 18 ත් අතර වැඩි ප්‍රමාණයක් බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට නිකුත්කර ඇති අතර 2018 වසරේ එම ප්‍රමාණය සියයට 30 ත් 35 ත් අතර වන බවත්ය. ඔවුන්ට සාපේක්ෂව සෙසු ව්‍යාපාරිකයන්ට තඹ නිකුත්කර ඇත්තේ සියයට 0.5 ක ප්‍රමාණයක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.මෙම බෝම්බකරුගේ ව්‍යාපාරය ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් අබිලි තඹ මිලදී ගැනීම් සදහා ලියාපදිංචි වී ඇත්තේද 2017 වසරේදීය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කර්මාන්ත ශක්තිමත් කිරීමත් කර්මාන්ත නගා සිටුවීමත් අරමුණුකරගනිමින් ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් අබිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට නිකුත් කිරීමට ආරම්භකර ඇත්තේ 2014 වසරේ සිටය. එහිදී ව්‍යාපාරිකයන්ට යම් ක්‍රමවේදයකට අනුව එම අබිලි ද්‍රව්‍ය නිකුත්කර ඇත්තේ සීමාවකට යටත්ව බවද කොමිසමේදී අනාවරණය විය.

එහෙත් එම සීමා ඉක්මවමින් කොලෝෂස් නමින් ලියාපදිංචි කළ බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට මේ ආකාරයෙන් තඹ නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් පවත්වමින් ඇතැයිද ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පැවැසීය.

ඔහුගේ බිරිද සහ දරුවන් එම අවස්ථාවේදී මන්නාරමේ පිහිටි ඇගේ පියාගේ මහ ගෙදරට ගොස් ඇත. ඇගේ පියා රන්භාණ්ඩ ව්‍යාපාරිකයෙක් වන අලව්ඩීන් නැමැති අයෙක් බවත් ඔහු මුස්ලිම් දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇති බවත් කොමිසමේදී සදහන් විය.

එම බෝම්බකරු මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මද වේලාවක් ගතකර රාත්‍රී කාලයේ කොල්ලුපිටියේ පිහිටි අවන්හලකට ගොස් මද වේලාවක් එහි රැදී සිට දෙහිවල ගුවන් පාලම අසලට ගොස් තිබෙන බවත් එහිදී තවත් අයෙක් සමග කුළි රථයකින් පානදුර පරත්තන පාර් යම් ස්තානයකට ගමන්කර ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා පැවැසීය.

බෝම්බකරු පානදුරේ සිට ඊට පසුදින එනම් 20 වෙනිදා සවස 7.06 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ කාමරයක් වෙන්කර ගෙන එහි මද වේලාවක් රැදී සිට ඇති බවද අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා අප්‍රේල් 17 වෙනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෑගයක් කරෙහි දමාගෙන ගොස් ඇති බවද ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවද රවීන්ද්‍ර විමලසිරි මහතා සදහන් කළේය.

නැවත 20 වෙනිදා හෝටලයට පැමිණි ඔහු රාත්‍රී 8.12 ට පමණ කුළී රථයක නැගී ගල්කිස්සේ පංසල පාර් පිහිටි ස්පෑන් ටවර්ස් නම් වූ නිවාස සංකීර්ණයකට ගොස් ඇත. නැවතත් ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ ඇත්තේ උදෑසන 7.00 ට පමණය. හෝටලයේ තැබ්‍රොබන් ශාලාවේ දී ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ අනතුරුවය.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකිරීමට පෙර ඔහු සිය පවුලේ සාමාජිකයන්ටත්, බිරිදටත්, සේවකයින්ටත් පොදුවේ සැමටත් හඩ පට හතරක් නිකුත්කර තිබී ඇති අතර එම හඩ පට කොමිසම හමුවේ විකාශය කෙරිණි. බිරිදට නිකුත්කර තිබූ හඩ පටයේ සිය දේපොල සම්බන්දයෙන් සියළු තොරතුරු මෙන්ම ණය කරුවන් ගැනද තොරතුරු ඇතුලත්ය. එසේම ප්‍රහාරයට හේතු ද සදහන් හඩපටයක්ද එහි විය.

ඔහු සැම්බියාවේ සිටින බවට හැගවෙන ආකාරයේ වට්ස්ඇප් පණිවිඩද බිරිදට එවා ඇති අතර ඒ එක් පණිවිඩයකදී බිරිදට ඔහු පවසා ඇත්තේ ඇගේ ගමන් මල්ලෙහි ඇති හඩපට අසන ලෙසය. එහෙත් ඇය මන්නාරමේ නිවසට ගොස් ඥාතීන් සමග කාලය ගතකරමින් සිටි බැවින් එම හඩ පට අසන්නට හැකියාවක් ලැබී නැත.

අපරාධ පරීක්ෂණළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයව අප්‍රේල් 25 වෙනිසදා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එම හඩ පට ගැන කරුණු හෙළිකර ඇත්තේද ඉන්ෂාෆ්ගේ බිරිද විසින් බවද කොමිසමේදී අනාවරණය විය. ඉන්ෂාෆ්ගේ බිරිද ප්‍රශ්ණ කිරීම් හමුවේ සදහන්කර ඇත්තේ සිය සැමියාගේ සහෝදරයා වන ෂැංග්‍රිලා බෝම්බකරු වන ඉල්හාම් විසින් තම සැමියාව මේ තත්වයට පත්කර ඇති බවයි. ඉල්හාම්ව ඒ තැනට පත්කර ඇත්තේ ඇගේ බිරිද විසින් බවද ඇය සදහන් කර ඇතැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share77Tweet43
Previous Post

වව්නියාවේ පුරාවිද්‍යා කෞතුකාගාර ඉඩමට අහුවුණු පාරෙ කොටස TNA මන්ත්‍රීවරයෙක් ඉල්ලයි

Next Post

කොවිඩ් ගෙදරටම ගෙන්වා ගත් ලෝකයේ නොම්බර 01 ටෙනිස් ක්‍රීඩකයා

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.