අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොන්ත්‍රාත් මුදල් සම්බන්ධව සැකයි… සුපිරි තරු කීපයක් තරගාවලියට සහභාගී වීම ගැන දෙගිඩියාවෙන්…

by editor
නොවැම්බර් 19, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තමන්ට ලැබිය යුතු මුදල පිළිබඳව සැකයක් පැන නැගෙමින් ඇති බැවින් එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත සුපිරි තරු කිහිප දෙනෙකු මේ වන විටත් තරගාවලියට සහභාගි වීම සහ නොවීම සම්බන්ධව දෙගිඩියාවකින් පසුවන බව වාර්තා වේ.

දේශී්‍ය ක්‍රීඩයකන් මෙන්ම විදේශීය ක්‍රීඩකයන්   කිහිප දෙනෙක් සිදුවන්නේ කුමක් දැයි විමසිල්ලෙන් බලා සිටින බව පැවසේ.  කොන්ත්‍රාත්තුව මත හිමිවිය යුතු මුදල් මේ වන විටත් නොලැබී ඇති බව ඔවුහු කියති.  අදාළ තරගාවලියේ පූර්ණ අයිතිය ඩුබායි හී අයි.පී.ජී. ආයතනය සතුව පවතින අතර එම මුදල් ගෙවීමද ඔවුන් හෝ කණ්ඩායම් හිමිකරුවන් විසින් සිදුකළ යුතුව තිබේ.

“මුදල් ගෙවීම් සිදු කළ යුත්තේ කණ්ඩායම් හිමිකරුවන් විසින්. ඔවුන් මුදල් ගෙවීම් කරන්න එකඟ වී තියෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු මේ සම්බන්ධව කළ විමසීමකදී පැවසීය. කෙසේ වෙතත් අදාළ ක්‍රීඩකයන්ට ගෙවිය යුතු මුළු මුදලින් 60% ක් පළමු තරගය සහභාගි වීමට පෙර ගෙවිය යුතුව ඇත. එසේ නොවුණහොත් සුපිරි තරු කිහිප දෙනෙකු තරගාවලියට සහභාගි වීම වැට උඩ තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ඇ.ඩො. 60000 සිට ඇ.ඩො. 10000 දක්වා ක්‍රීඩකයන්ට ගෙවීම් කිරීමට ගිවිසුම් ගතව තිබේ. ඇතැම් විදෙස් ක්‍රීඩකයන්ට ඇ.ඩො. 100000 දක්වා ගෙවන බවද කණ්ඩායම් හිමිකරුවන් පවසා තිබේ. ගැටලුව වී ඇත්තේ අදාල කොන්ත්‍රාත් මුදලින් සියයට හැටක ප්‍රමාණය කිසිම ක්‍රීඩකයෙකුට නොලැබීමය. 

“මට නම් තවම මුදල් ලැබුණෙ නැහැ. අපි තරගාවලියට සහභාගි වෙන්න අපේක්ෂාවෙන් ඉන්නෙ. දැන් හම්බන්තොට නිරෝධානයට ලක්වෙලා ඉන්නවා.” යනුවෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසීමකදී අනාවරණය විය. මේ වන විට පල්ලකැලේ පුහුණුවීම්වල නිරත ක්‍රීඩකයන් කිහිප දෙනකුම හෙට හෝ අනිද්දා අදාළ කණ්ඩායම් සමග එක්වීමට හම්බන්තොටට පැමිණීමට නියමිතය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගුවන් ප්‍රවේශපත් ඇතුළු කොන්ත්‍රාත්තුවට අදාළ මුලික ගෙවීම් ලැබී ඇති විදෙස් තරු කිහිපයක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. නමුත් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු ලැබෙන කොන්ත්‍රාත් මුදල සම්බන්ධව සෑහීමකට පත් නොවී ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත් ලබන 26 වැනිදා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් වන අතර ඒ සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් පහේ ක්‍රීඩකයන් බොහෝ දෙනකු මේ වන විටත් හම්බන්තොට හෝටල්වල දින හතක නිරෝධානයකට යටත්ව සිටියි.

කණ්ඩායම් පහට පුහුණුකිරීම සඳහා පැති තණතීරු 25 ක් සහ ඒ සඳහා විදුලි ආලෝකයද, ක්‍රීඩක විවේකාගාර හතරක්ද මේ වන විටත් සකස් කරමින් පවතියි. එක්දිනකට තරග දෙක බැගින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දහ දෙනකු තරගාවලියේ එක් එක් කණ්ඩායම් සඳහා සූදානම් කර ඇත.

මෙම තරගාවලියේ සංවිධානය කිරීම, කණ්ඩායම් විකිණීම, විකාශන අයිතිය විකිණීම ආදී සියලු කටයුතු අයි.පී.ජී. ආයතනය විසින් සිදු කරයි. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පළමු වසර දෙක සඳහා වාර්ෂිකව ඇ.ඩො. 1,920.000 ක්ද අනතුරුව සෑම වසරකදීම අදාළ මුදල 10% කින් වැඩි කරන ලෙස අයි.පී.ජී. ආයතනය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වසර පහකට ගිවිසුම් ගතව තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති ජොනීගෙන් චීනුන්ට බැනුම්

Next Post

ශ්‍රි ලංකාවේ ආනයන තහනම ගැන යුරෝපා සංගමය නොසතුට පළ කරයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.