ලොව අංක එකේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආවරණයේ ප්‍රධානතම නාමයක් වන ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් 2020 වසරේ ලොව හොඳම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නම් කර ඇති අතර එහිදී සුපිරි තරුවක් වන ඉන්දියානු නායක විරාට් කෝලිව ඔවුන්ගේ ලෝක ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ.
කෝලිව ලෝක ටෙස්ට් සංචිතයෙන් පසුගිය වසර කිහිපය ඇතුළත ඉවත් වූ පළමු අවස්ථාවද මෙය වේ. එහෙත් ඔහු ලෝක එක්දින සංචිතයට ඇතුළත්ව ඇත.
කෝවිඞ් 19 වසංගතය හමුවේ ඉතාමත් අඩු තරග සංඛ්‍යාවක් මෙවර පැවතුනද චාරිත්‍රයක් වශයෙන් ඔවුන් විසින් සෑම වසරකම නම් කරනු ලබන ලොව හොඳම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස සංචිත නම් කිරීමට පැහර හැර නොතිබීමද විශේෂත්වයකි.
2020 ලොව හොඳම ටෙස්ට් සංචිතය
ෂේන් මෂූඞ්, ඩොම් සිබ්ලි, කෙන් විලියම්සන්, බාබර් අසාම්, බෙන් ස්ටොක්ස්, ජර්මන් බ්ලැක්වුඞ්, ජොස් බට්ලර්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ටිම් සවුති, නදන් ලයන්, කේල් ජෙම්සන්
2020 ලොව හොඳම එක්දින සංචිතය
ඒරොන් ෆින්ච්, ඬේවිඞ් වෝනර්, විරාට් කෝලි, ස්ටීවන් ස්මිත්, ලොකේෂ් රාහුල්, ග්ලෙන් මැක්ස්වෙල්, රවීන්ද්‍ර ජදේජා, ජොෆ්රා ආචර්, අල්සාරි ජෝෂප්, ඇඩම් සැම්පා, ජෝස් හෙසල්වුඞ්
2020 ලොව හොඳම විස්සයි විස්ස සංචිතය
ක්යින්ටන් ඩී කොක්, ජොස් බට්ලර්, ලොකේෂ් රාහුල්, ඒ.බී. ඩිවිලියර්ස්, නිකොලස් පුරන්, කිරන් පොලාර්ඞ්, සහදබ් ඛාන්, රෂීඞ් ඛාන්, ජස්ප්‍රිට් බුම්රා, ජොෆ්රා ආචර්, සහීන් අෆ්රීඩි







