ලෝක කුසලානය පහසු නැති බව පළමු තරගයේ දී ම පෙනී ගියේය. සත්කාරක ඇමරිකාව සමග කැනඩාව තරග වැදුන ආරම්භක තරගයේ දී පෙනී ගියේ ක්‍රිකට් ලෝලීන් පිරුණු ඇමරිකාවකි. ඒ බව ලෝකය මෙතෙක් දැනගෙන හිටියේ නැත.
ලංකාවේ වේලාවෙන් අද උදෑසන ආරම්භ කළ තරගය පැවැත්වුනේ ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රෙරී ක්‍රීඩාංගනයේ දී ය. ක්‍රීඩාංගනය ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී තිබිණි. කාසියේ වාසිය දිනුවේ ඇමරිකානු කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ.
එය නිවැරදි තීන්දුවක් දැයි සැක හිතෙන ආකාරයට කැනේඩියානු ක්‍රිඩකයෝ සිය ඉනිම ආරම්භ කළහ. ඉනිම ආරම්භ කළ පිතිකරුවන් දෙදෙනා ආරොන් ජොන්සන් සහ නව්නීට් ධලිවාල් ය. ධලිවාල් පන්දු 16ක දී හතරේ පහර 5ක් සමග ලකුණු 23ක් ලැබීය. ධලිවාල් අර්ධ ශතකය ඉක්මවා ගියේය. ඔහු හතරේ පහර 06ක් සහ හයේ පහර 3ක් සමග පන්දු 44ක දී ලකුනු 61ක් ලැබුවේය. මැදපෙළ පිතිකරු නිකොලස් කර්ටන් ලකුණු 51ක් ලැබුවේය. ඒ පන්දු 31ක දී ය. ඊට එක්වන්නේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2කි. කඩුලු අතර දිවීමේ ජවය සහිතව හේ සිය වේගවත් ඉනිම දියත් කළේය. කඩුලු රකින ක්‍රීඩක ෂ්‍රෙයාස් මොව්වා පන්දු 16ක් තුළ ලකුණු 31ක් රැස් කළේය. ඊට හයේ පහර 2කි. හතරේ පහර 2කි. ඇමරිකානු කණ්ඩායමට ලැබුනේ තිගස්වන ඉලක්කයකි. එය ලකුණු 194ක් විය. දැවී ගියේ කඩුලු 05ක් පමණි.
ඇමරිකානු කණ්ඩායම වෙනුවෙන් අලි ඛාන්, හර්මීට් සිං. කොරී ඇන්ඩ්‍රසන් එක් කඩුල්ල බැගින් ලැබුවේය. දුවද්දී දැවී යෑම් දෙකක් වාර්තා විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඇමරිකානු කණ්ඩායම පෙන්වනු ලැබුවේ අයි.පී.එල්. තරගාවලිය තුළ අප දුටු පිතිකරණ වික්‍රමයමය. ආරම්භක පිතිකරු ස්ටීවන් ටේලර් ලකුණු නොලබා දැවී ගියේය. නායක මොනක් පටෙල් ලකුණු 16කට දැවුනේය. නමුත් තුන්වන කඩුල්ල වෙනුවෙන් ඇන්ඩ්‍රීස් ගවුස් සහ ආරොන් ජෝන්ස් අතර ලකුණු 131ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගිනි. ඇන්ඩ්‍රීස් ගවුස් පන්දු 46ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 65 කි. අති විශිෂ්ට පිතිකරණයක නිරත වූ ආරොන් ජෝන්ස් පන්දු 40ක දී නොදැවී ලකුණු 94කි. ලකුණු 60ක්ම හයේ පහරවලිනි. හයේ පහර 10කි. ලකුණු 16ක් හතරේ පහරවලිනි. කලක් නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ, දැන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට තරග කරන විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩක ආරොන් ජෝන්ස්ට පිටියට පැමිණ කරන්නට දෙයක් තිබුණේ නැත. ඔහු නොදැවී ලකුණු 3කි. කඩුළු 3ක් දැවී තිබියදී පන්දු ඕවර 17.4කින් තරගය නිමා කරන්නට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වූයේය.

අප ලෝක කුසලානය සම්බන්ධව කළ පුරෝකථන වෙනස් කරන්නට මේ තරගය සමත් වූ ආකාරය දකිමු. අඩු ලකුණු සංඛ්‍යාවකින් කළමනාකරණය කරගත හැකි ජයග්‍රහණ ගැන අප කතා කළේ අයිපීඑල් මානසිකත්වයෙන් මිදී මේ තරග සැලසුම් කළ යුතු බවට වූ තක්සේරුව සමගිනි. ලෝක කුසලාන තරගාවලියේ මුල්ම තරගය ඒ අදහස ප්‍රශ්න කරමින් තිබේ.







