අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

by editor
මාර්තු 22, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඔවුහු අපව මනරම් අතීතයකට රැගෙන ගිය. ක්‍රිකට් කලාවක් බවත් වින්දනීය ඉසව්වක් බවත්, මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවත් පෙන්වා දුන්හ.  සිතින් වියපත් නොවූ ඒ පුරාවෘත බඳු මිනිස්සු අවසන් මොහොත දක්වා ගෞරවාන්විතව සටහන් කරන අයුරු කියා දුන්හ.

පරාජය ජයග්‍රහණයක් සේම වින්දනය කළ හැකි ආකාරය යළිත් වරක් ඔවුහු අපට මතක් කර දී තිබිණි. ඊයේ (22) රාත්‍රියේ දී  මාර්ගාරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව   සචීන් ටෙන්ඩුල්කාර ප්‍රමුඛ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම දිනා ගත්හ.  අවසන් මහා තරගයේ දී ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14කින් පරාජය කිරීමට ඔවුන්ට හැකි විය.

කාලයකින් දුටු ක්‍රිකට් සාහිත්‍ය කෘතියක් බඳු තරගයක්  අපේ ක්‍රීඩා ලෝලීහු වින්දනය කළහ.  තවමත් පැරණි නොවූ  තෙන්ඩුල්කාර්ගේ පිති හරඹය,  යුවරාජ් සිංගේ ජවය, යූසුෆ් පතාන්ගේ සටන් කාමී ගුණය  මෙන්ම තරගයක දී කණ්ඩායමක් තුළ දියවී ගොස් ඒකාත්මික එකම ඒකකයක් බවට පත් විය යුතු ආකාර සම්බන්ධව ඉන්දියාව කියා දුන්නේය.  ඉන්දියාව පෙන්වුයේ කිසිසේත් වියපත් නොවුණු ජවසම්පන්න ක්‍රීඩා විලාශයකි.

සනත් ජයසූරියගේ ආත්මය යළි මතුව කතා කළේය. විශාල ආබාධ ගණනාවක් සහිව ගෙවූ වකවානුවක් තිබිණි. සනත් කිහිලි කරුවලින් ඇවිද ගිය අයුරු අපට මතකය. එහෙත් භෞතික  ශරීරි ශක්තිය ඉක්මවා ගිය ක්‍රිකට් රිද්මය මතුවන අයුරු ආශ්වාදයෙන් යුතුව අපි බලාගෙන සිටියෙමු. තිලකරත්න ඩිල්ශාන් සහ සනත් ජයසූරිය ලබා දුන් ආරම්භය 20 විස්ස ඕනෑම තරගය ලබා දී ලබා දිය හැකි හොඳම ප්‍රවේශයක් විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අහේතුක කාලයක ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල කොටසක් කිරීමට අවකාශ නොමැතිව සමුගත් චින්තක ජයසිංහ  තමන්ගේ භූමිකාව කුමක් විය හැකිව තිබිනි දැයි ලියා තැබුවේය. අවසාන මොහොත දක්වා තරගයක් අත් නොහැර එහි රිද්මය පාලනය කිරීමේ පෞරුෂය කුමක් දැයි කෞෂල්‍ය වීරරත්න පාඩමක් වැනි ඉනිමක් ක්‍රීඩා කරමින් කියා දුන්නේය.

මේ තරගය පරාජය ජයග්‍රහණය සේම ගෞරවයක් අත් කර දුන් බව දුටුවෙමු.  තරගය අවසන් පන්දුවාරය තෙක්ම දිව ගියේය.

රායිපූර්  ෂහීඩ් වීර් නාරායන් සිං අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අවසන් මහා  පැවැති   තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 4ක් දැවී ලකුණු 181ක් රැස් කළහ.

ඔවුන් අවසන් පන්දුවාර 10දී දැඩි ප්‍රහාරාත්මක ප්‍රවේශයකට එළඹෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 104ක් රැස් කළහ. ඉනිම ආරම්භ කළ විරේන්ද්‍ර ෂෙවාග් ලකුණු 10කටත්, සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 30කටත් දැවී ගියහ. යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං, පන්දු 41 කින් ලකුණු 60 ක් ලබා ගත්තේය. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විනි. යූසුෆ් පතාන් පන්දු 36කදී නොදැවී   ලකුණු  62ක් රැස් කළේය. ඒ හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගිනි

. පන්දු යැවීමේ දී රංගන හේරත්, සනත් ජයසූරිය, ෆර්විස් මහරූෆ් සහ කෞෂල්‍ය වීරරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 කි.

ඉනිම ආරම්භ කළ නායක තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පළමු කඩුල්ලට ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැගූහ.    ඩිල්ෂාන් ලකුණු 21කට දැවී ගියේය.   සනත් ජයසූරිය යලි සුපිරුදු රිද්මයට පැමිණෙමින් පන්දු 35කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින්   ලකුණු   43 ක් රැස් කළේය. කෞෂල්‍ය වීරරත්න, පන්දු 15කින් ලකුණු 38ක් ලබා ගත්තේය. හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් ඔහු විසින් එල්ල කළේය.    චින්තක ජයසිංහ පන්දු 30කදී ලකුණු 40ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී යුසුෆ් පතාන් සහ ඉර්ෆාන් පතාන් කඩුලූ 2 බැගින් දවා ගත්හ.

තරගාවලියේ වීරයා වූයේ තිලකරත්න ඩිල්ෂාන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිස්ත්‍රික්ක 10කට දැඩි අකුණු අවදානමක්

Next Post

ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ මහ නායක කොටුගොඩ ධම්මාවාස හිමියෝ අපවත් වෙති.  

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.