සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ තරග පාවා දීමේ චෝදනා ලැබුවෙක්…

අර්ජුන නාමල්ට ලියයි...

by editor
නොවැම්බර් 16, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති පුද්ගලයා දේශීය තරග පවාදීම් සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක්  බව   හිටපු ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ වෙත ලියුමක් මගින් දන්වා තිබේ.

මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලියේ පානදුර ක්‍රිඩා සමාජය හා කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ පාවාදීමක් සිදුවීම පිළිබඳව පාලිත කුමාරසිංහ සිදුකළ වාර්තාව මගින් ඉහත තැනැත්තා සම්බන්ධව කරුණු සහිතව හෙළි දරවු කර ඇතැයි  ද අර්ජුන රණතුංග එම ලිපිය මගින් පෙන්වා දෙයි.

ජාත්‍යාන්තර තරග බිමේ ලංකාව නියෝජනය කළ ක්‍රිඩකයන්ගේ නමට ද කළු පැල්ලමක් එක් කරමින් මෙම ගනුදෙණු ඇතුළත් පාලිත කුමාරසිංහ වාර්තාව සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නවා තබා එම වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කර සභාගත කිරීමටවත් අපොහොසත් වී ඇති බවත් ඔහු ඒ ලිපියේ සඳහන් කරයි.

මෙවැනි පුද්ගලයන්ගේ කටයුතු නිසා අයි.සී.සී.ය හමුවේ අප රටක් ලෙස අපකිර්තියට පත් වූ අයුරුත්, ජාතික වශයෙන් වැදගත් මෙහෙවරක් ක්‍රිකට් වෙනුවෙන් කරමින් සිටි නුවන් සොයිසා, අවිශ්ක ගුණවර්ධන වැනි ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජිවිත විනාශ වූ අයුරුත් පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අර්ජුන රණතුංග කියන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් විධායකවරයා ව්‍යාපාරිකයන් සමග ඊ මේල් පණිවිඩ යවමින් මෙරට ජාතික ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලද කණ්ඩායම් පෞද්ගලික ක්‍රිකට් ලීග් තරගාවලි සඳහා විකුණන ආකාරය අනාවරණය වී ඇති බවය. තරග විකාශන අයිතිය විකිණීම සම්බන්ධව සිදුකළ ඩොලර් මිලියන ගණන් වංචා කෝප් කමිටුව හමුවේ හෙළි දරවු වී ඇති බවයි. අල් ජසීරා වැනි නාලිකා ක්‍රිකට් පාවා දෙන්නන් පටිගත කර හසුකරගත් බවය. බුකි කරුවන් මෙරටදී අත්අඩංගුවට ගෙන තිබුණු බවය.

එවැනි පරිසරයක එවැනි දූෂිත නිලධාරීන් සමග සංවිධානය වන එල්.පී.එල් තරගාවලිය සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් තමන්ට ඇති බව අර්ජුණ රණතුංග කියයි.

  1. මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?
  2. මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?
  3. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද
  4. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )
  5. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)
  6. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?

තමන් ලංකාවට ලෝක කුසලානය දිනා දුන් නායකයා ලෙස  මේ සියලු කරුණු  දන්වා සිටින්නේ ක්‍රීඩාවේ දූෂණ මර්ධනය කිරීමේ අභියෝගය බාරගත්  ජාතික තලයේ ක්‍රීඩාකයෙක්, මෙන්ම ජාතික තලයේ තරුණ නායකයෙක් ලෙස ගෞරවයට පත් වුණු  ක්‍රීඩා ඇමතිවරයෙකුට  බව ද අර්ජුණ රණතුංග කියයි.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2021 අයවැය දෙවන වර කියවීම හෙට

Next Post

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව 14000 ඉක්මවයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.