බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එක් වැරැද්දක් ඇමරිකාවට දැවැන්ත පාඩමක් උගන්වයි…. විශාල අරගලයකින් පසු ඉන්දියාව කඩුලු 07කින් තරගය දිනා ගනී….

by editor
ජූනි 13, 2024
in ක්‍රීඩා
සූර්යකුමාර් යාදේව්... නොදැවි ලකුණු 50යි...

සූර්යකුමාර් යාදේව්... නොදැවි ලකුණු 50යි...

Share on FacebookShare on Twitter
  • කිං කෝලි පළමු පන්දුවෙන්ම දැවී යයි… රෝහිත් ෂර්මා ලකුණු 03යි… සෞරාබ් නේත්‍රවල්කාර්  තරු දෙකම ගොදුරු කරගනී…  ඒත්  සූර්යකුමාර් යාදේව් ගේ උඩපන්දුව අත් හැර තරගයම ඇත්හැර ගනී…

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ A ඛාණ්ඩයේ අපරාජිත කණ්ඩායම් දෙක වූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර නිව්යෝක්ර්ක් හි පැවති තරගයෙන් කඩුළු 07ක පහසු නොවන ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාවට හැකි විය.

එය වෙනම ක්‍රිකට් එකකි. වෘත්තිය ක්‍රිකට් පරිනතිය යනු කුමක් දැයි ක්‍රිකට්වලට නාකි වූ රටවලට ඇමරිකා එක්සත් ජනපද කණඩායම පෙන්වා දෙමින් තිබිණි. බොහෝ විට අවසන් මහා තරගයට කෙසේ වෙතත් අවසන් පූර්ව වටයට ප්‍රවේශවීමේ නිශ්චිත හැකියාව ඇමරිකානු කණ්ඩායම ප්‍රකට කරමින් සිටියේය.

තරගයේ පිතිකරුවන්ගේ ආශ්චර්යයමත් ප්‍රහාර නැත. එක ලකුණක් රන් වටින්නේය. නමුත් ප්‍රේක්ෂාගාරයේ උණුසුම සහ උද්වේගය ඒ අකාරියෙන් ම රැඳී තිබිණි. ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර තරගය නැරඹීමට ක්‍රීඩාගාර අතුරු සිදුරු නැතිව පිරී තිබිණි.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 110කට සීමා වූයේය. නමුත් ලකුණු 110ක ඉලක්කයක් හඹා යෑමට සුපිරි ඉන්දියානු කණ්ඩායමට පන්දු ඕවර 18.2ක් වැය විය. කිං කෝලි මුහුණ දුන් පළමු පන්දුවෙන් ලකුණු නොලබා දැවී ගියේය. ඉන්දියාව බලාගෙන හිටියේ කිං කෝලි ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම අල්ලා පොළොවේ ගසන තුරුය. ඉන්දීය මාධ්‍ය පුරාම තරගයට පෙර ලියා තිබුණේ එවැනි කයිවාරු හෑලිය. ඉන් අනතුරුව රෝහිත් ෂර්මා ලකුණු 3කට දැවී ගියේය. කඩුළු 02කම සෞරාබ් නේත්‍රවල්කාර් ගේය. රිෂාබ් පාන්ට් ගේ මැද පොල්ල අලි ඛාන් අතින් කුඩු වන්නේ ලකුණු 18ක් ලබා සිටිය දී ය.

12.4 වැනි පන්දුවේ දී ඇමරිකානු වේග පන්දු යවන ෂෑඩ්ලි වෑන් ස්කෝක්වේක් ගේ පන්දුවකට සූර්ය කුමාර් යාදේව් විසින් ලබා දුන් පහසු උඩපන්දුව ෂෝර්ට් තර්ඩ්මෑන් හි පන්දු රැකි සෞරාබ් නේත්‍රවල්කාර් විසින් අත් නොහැරියා නම් තරගය මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබිණි. තරගය ඇමරිකානු කණ්ඩායමෙන් ගිලිහී ගියේ ඒ අවස්ථාවේ ඒ අවස්ථාවේ දී ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කාසියේ වාසිය ඉන්දියාවට 

කාසියේ වාසිය දිනුවේ ඉන්දියාවය. ඉන්දියාව පන්දු රැකීම තේරුවේය. ඉන්දියානු පන්දු යවන්නො ඇමරිකානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළහ. ඇමරිකානු කණ්ඩායමේ අංක 2 පිතිකරු ස්ටීවන් ටේලර් ලකුණු 24ක් ලැබුවේය. ඒ හයේ පහර 02ක් සමගිනි. කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ආරොන් ජොන්ස් ලබා ගත්තේ ලකුණු 11කි. එක් හයේ පහරක් පමණක් එල්ල කළේය. පන්දු 22කට මුහුණ දුන්නේය.
කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා නිටිෂ් කුමාර්ය. ඔහු පන්දු 23ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමග ලකුණු 27ක් ලැබීය. කොරේ ඇන්ඩ්‍රසන් ලකුණු 15කි. හර්මිට් සිං ලකුණු 10ක් ද ෂෑඩ්ලි වෑන් ස්කෝක්වේක් නොදැවී ලකුණු 11ක් ද ලැබුවේය.

ඇමෙරිකානු කණ්ඩායම ලකුණු 110කට දැවී ගියේය. වාර්තාගත පන්දු යැවීමක අර්ෂ්දීප් සිං නිරත වූයේය. ඔහු සිය පන්දු ඕවර 04 තුළ ලකුණු 09කට කඩුළු 04ක් ලැබීය. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 14කට කඩුළු 02ක්, ඇක්සාර් පටෙල් ලකුණු 25ට කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිනි විරාට් කෝලි පළමු පන්දුවේදීම දැවී ගියේය. ලකුණු 03ක් ලබා සිටිය දී රොහිත් ෂර්මා දැවී ගියේය. රිෂාබ් පාන්ට් ලකුණු 18ක දී මැද ඉන්න කුඩු කරගත්තේය. ලකුණු 44ට කඩුළු 03ක් බිඳ වැටි තිබිණි. සෞරාව් නේත්‍රවල්කාර් ලකුණු 18කට කඩුළු 02ක් ලැබුවේය. කොලිගේ සහ ෂර්මාගේ කඩුළු 02ක ලැබුවේ ඔහුය. අලි ඛාන් රිෂාබ් පාන්ගේ කඩුල්ල දවා ගත්තේය.

රිෂාබ් පාන්ට් ලකුණු 18ක දී මැද ඉන්න කුඩු කරගත්තේය

මෙම තරගයේ දී වැදගත් සිදුවීම් කීපයක් විය. ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ඇමරිකානු කණ්ඩායම යැවූ එකම නෝ බෝල් පන්දුව යැව්වේය. ඒ 6 වැනි ඕවරයේ මුල් පන්දුවය. ඒ වන තුරු ඇමරිකානු කණ්ඩායම තරගාවලිය පුරා යවා තිබුණේ වයිඩ් පන්දු 06ක් පමණි. අත් හැර තිබුණේ එක් උඩ පන්දුවක් පමණි.

අද ඔවුන් සිය දෙවැනි උඩපන්දුව අත්හැරියේය. ඉන් සිදුවූයේ තරගය අත්හැරීමට බල කිරිමය. සූරියකුමාර් යාදේව් ලකුණු 23 දී ලබා දුන් උඩපන්දුව නේත්‍රවල්කාර් විසින් අත්හැරීමෙන් ලද ජීවිතය අර්ථවත් කරමින් ඔහු නොදැවී ලකුණු 50ක් ලබා ගෙන ෂිවම් ඩුබේ සමග එක් වී තරගය නිමා කළේය. හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමග සූර්යකුමාර් යාදේව් පන්දු 49ක දී ලකුණු 50ක් ලැබුවේය. ෂිවම් ඩුබේ එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් සමග ලකුණු 31ක් නොදැවී ලැබීය.

නේත්‍රවල්කාර් විසින් යාදේව්ගේ උඩ පන්දුව අත් හැරි අවස්ථාව…

ඉන්දීය කණ්ඩායම 19 වැනි ඕවරයේ 2වැනි පන්දුවේ දී ලකුණු 111ක් ලබා ගත්තේය. පන්දු ඕවර වේගය පවත්වාගත නොහැකි වීම නිසා තරග නීති අනුව ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට දඬුවමක් ලෙස ඉන්දියානු කණ්ඩායම ලැබූ ලකුණු 05ක තහනම් ලකුණු ද ඉන්දියාවේ ජයග්‍රහණය පහසු කළේය. ඒ අනුව අමතර ලකුණු 09ක ප්‍රමාණයක් ඉන්දියාවට එක් වූයේය.

මේ තරගාවලියේ කැපී පෙනන විශේෂත්වය වන්නේ ඇමරිකානු කණ්ඩායම මෙතෙක් ක්‍රීඩාවේ මූලිකම දේ නිවැරදිවම කිරීමය. ඔවුන් තරගාවලියටම යවා ඇත්තේ එක් නෝ බෝල් පන්දුවකි. තරගාවලියටම යවා ඇත්තේ වයිඩ් පන්දු 08කි. අප බංගලාදේශ තරගයේ දී පමණක් වයිඩ් පන්දු 12ක් යැව්වේය. ඇමරිකානු කණ්ඩායම මේ තරගාවලියේම ස්වකීය ඉදිරිය සහතික කරගන්නා බවට වූ පැහැදිලිම සංකේතය එයය.

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුවේට් ගින්නෙන් මියගිය ගණන හතළිස් නවයක් දක්වා ඉහළට !

Next Post

මාලිමාවට ගිය ශානි ලා රවී ලා ගැන රටට ගතු කියන්නට පොලිසියේ විශ්‍රාමික කණ්ඩායමක් මාධ්‍ය හමුවක් කැඳවලා…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.