මාලිමාව විසින් විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව පැවැත්වීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුව රැක ගැනීම සඳහා අද (13) විශ්‍රාමික පොලිස් කණ්ඩායමක් කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වේ.
මාලිමාව වටා රොක් වී සිටිනා විශ්‍රාමික පොලිස් සමූහයේ අතිශය බහුතරය කීර්තියක් සහිත නිලධාරීන් පිරිසක් වීම හේතුවෙන් ඇති වී තිබෙන තිගැස්ම මේ පිළිතුරු මාධ්‍ය හමුව කැඳවීමට සාධක වී ඇති බව දැනගන්නට ඇත.
මාලිමාව හා සම්බන්ධ වූ නිලධාරීන්ගේ චරිත හෙළි කිරීම සහ මාලිමාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව ඇති වෙමින් තිබෙනා ප්‍රසාදය විනාශ කිරීම මේ මාධ්‍ය හමුවේ ප්‍රධාන අරමුණ වී තිබෙන බවද වාර්තා වී තිබේ.
අද රැස්වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නමක් සහිත නිලධාරීන් වුව ද ඔවුන් පුද්ගලිකව ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව වෛරයෙන් පසුවන පිරිසක් බවත්, විශ්‍රාම ගිය පසු රජයේ ඉහළම නිලතල දැරූ පිරිසක් බවත්, රජය සම්බන්ධව බරපතල ගැති මානසිකත්වයක් පවත්වාගෙන යන පිරිසක් බවත් දැනගන්නට තිබේ.







