අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානයට ලකුණු 4ක ජයක්… ශ්‍රී ලංකා යෞවනයෝ ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙති!

by editor
ජනවාරි 28, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී  ඇෆ්ගනිස්ථානය ලබා දුන් ලකුණු 134ක ඉලක්කය සපුරාගත නුහුනු ශ්‍රී ලංකා යෞවනයන්ගේ අපරාජිත ගමන ඊයේ (27)  නිමාවට පත් විය.

ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම එංගලන්තය සමග පැවැත්වෙන අවසන් පූර්ව වටය සඳහා සිය ස්ථානය තහවුරු කරගත්හ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ    පළමුවට පන්දුවට  පහරදීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඇරයුම් කළේය.    ඇෆ්ගනිස්තාන කණ්ඩායම මීට   පන්දුවාර 47යි 1ක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 134ක් ලබාගත්තේය.

වෙල්ලාලගේ – රනිඳු සටන

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට   ලකුණු 135ක ඉලක්කයක් හිමි විය. ජයග්‍රහණය පෙනි පෙනී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලකුණු 134ක්   හඹා යෑමට පිටියට පැමිණි  ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂා යොවුන් ඇෆ්ගන් පන්දු යවන්නෝ සුනු විසුණු කළහ. මුල් පෙළ පොඩි වී ගියේය. පන්දු ඕවර 18ක් යන විට ලකුණු 43කට  කඩුලු 7ක් දැවී  දැවී ගියේය. නමුත් නායක දුනිත් වෙල්ලාලගේ සහ රවීන් ද සිල්වා අතර අටවැනි කඩුල්ල වෙනුවෙන් මහත් වූ අපේක්ෂා සහිත ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගුණි. ජයග්‍රහණයේ සියලුම බලාපොරොත්තු ඇෆ්ගනිස්ථානයෙන් උදුරාගෙන    ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සටන්කාමී නායකයා සහ ඔහුගේ දිරිමත් සගයා කටයුතු කළහ.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉෂාරුල්හක් නවීඩ් සහ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක   නන්ගෙයලියා ඛාරෝතේ  සිය ජයග්‍රහණය උදුරා ගැනීමට පැමිණි ප්‍රතිවාදී මල්ලවයන් මෙල්ල කරමින්  ප්‍රමාද වී ක්‍රියාත්මක වූහ.  ඔවුහු අවසන්   කඩුලු 2ක දවාගත්තේය.

දුවද්දී දැවී යෑම් හතරක්

ශ්‍රී ලංකා අංක 11 ක්‍රීඩක ට්‍රේවින් මැතිව් ජයග්‍රහණයෙන් තරගය නිමා කිරීමේ සංමය ගිලිහී යෑම නිසා සිය ඉලක්කයට ලකුණු 5ක් තිබියදී දැවී දුවද්දී දැවී ගියේය. ඔහු කලබලයෙන් නොතිබුණු ලකුණක් සොයා ගියේය.  ඉන් පෙර දුවද්දී දැවී යෑම් තුනක් වාර්තා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුවද්දී දැවී යෑම් 04 බෙහෙවින්ම අතාර්කික බව පෙනුනි.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බිලාල් සාමි ගේ පන්දුවක් ආරම්භක පිතිකරු සදීෂ රාජපක්ෂගේ   කඩුල්ලේ  කෙළින්ම දැවටිනි.   ඔහු වේලාසනින්ම පිටියෙන් ඉවත් විය.   අනතුරුව අංක 3 ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල්    ෆුල් බෝලයකින් දැවී ගියේය. සකුණ ලියනගේ දුවද්දී දැවී යෑමකට හසුවිය.     ලකුණු 24කට කඩුලු 4ක්   දැවී ගියේය.

වමතින්   දඟ පන්දු යවන නූර් අහමඩ් පසුව රනුද සෝමරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තේය.    ශ්‍රී ලංකා පිලේ ඊළඟ කඩුලු දෙක දුවද්දී දැවී ගියේය.   එම අවස්ථාව වන විට කඩුලු 3ක් අතැතිව ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 92ක් අවශ්‍ය විය.

අවසන් බලාපොරොත්තු

මේ අසීමිත දුෂ්කර අවස්ථාවේ දුනිත් වෙල්ලාලගේ සමග  රනිඳු ද සිල්වා එක් වුනේය. ඔවුන් දෙදෙනා අටවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ විශිෂ්ට ලකුණු 69ක සබඳතාවය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු රැගෙන ආවේය.

වෙල්ලාලගේ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් සහ  රනිඳු ද සිල්වා පන්දු 84කදී ලකුණු 21ක් ලබා ගත්හ. නමුත් වෙල්ලාලගේ ඛාරෝටේගේ පන්දුවකට ගොදුරු විය.    නවීඩ් ගේ ගුග්ලියකට රනිඳු ද සිල්වා දැවී ගියේය.  ශ්‍රී ලංකා පිලට එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු 19ක ඉලක්කයක් හිමි වී තිබණි.

අවසන් පිතිකරු යුවල තරගය අත් නොහැරියහ. ඔවුන් දෙදෙනා එක්ව කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ.  දෙදෙනා අතර සම්බන්ධතාවය ලකුණු 14ක් පැවතිනි. තරගය බෙහෙවින්ම උණුසුම් වූයේය. දෙපැත්තට ජයග්‍රහණය දෝලනය වි.ය

මේ අවස්ථාවේ ට්‍රෙවීන් මැතිව් ගේ සංයමය බිඳී ගියේය.  නොතිබුණු තනි ලකුණක් කරා යෑමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ  සිව්වැනි දුවද්දී දැවීම ලෙස ට්‍රෙවින් මැතිව් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය අහිමි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙනස් කළ මාර්ගෝපදේශ නිසා නිරෝධායන ක්‍රමවේදය අවුලෙන් අවුලට – මහජන පරීක්ෂකවරු 

Next Post

කාටර්හි සේවය කළ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.