ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන ඉතිහාසය වෙනස් කරන ලකුණු පහළ කර ඇත. ක්‍රීඩා ලෝලීහු ඔවුන් දෙස තිගැස්සී බලා සිටිති.
ඔවුන් දැන් සුපිරි කණ්ඩායම් 4 අතරය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර අද (30) පැවති තරගයෙන් කඩුළු 7 ක විශිෂ්ට ජයග්‍රහණයකින් නිමා කළේය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කණපිට හැරවා අන්ත පරාජයකට ඇද දැමූ තරයෙන් අනතුරුවය. ඔවුන් මේ වනවිට ඒ කාණ්ඩයේ තරග දෙකම දැවැන්ත ලකුණු සාමාන්‍යයක් සමග ජයග්‍රහණය කර හමාරය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 18.3 ක් තුළ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131 ක් රැස් කර ගත්තේය.
කෙසේ වෙතත් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ආසියානු කුසලානයේ අවසන් වටය සඳහා යම් බලාපොරොත්තුවක් ඇති කර තිබේ.
අද පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 127ක් ලබා ගත්තේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 128ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබිණි.
කෙසේ වෙතත් සිය සීමිත ලකුණු සංඛ්‍යාව කළමනාකරණය කරගැනීමට බංලාදේශ පන්දු යවන්නෝ කටයුතු කළහ. ශ්‍රී ලංකාවට පහර දුන්නාක් මෙන් බංගලියන්ට පහර දීමට ඇෆ්ගන් පිතිකරුවන්ට හැකි වූයේ නැත.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මහමුදුල්ලා ගර්භාස් මුළු ලකුණු සංඛ්‍යාව පහළොවක් ව තිබිය දී දැවී ගියේ. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකුවෙකු හසරතුල්ලා සසායී ලකුණු 23කට දවා ගන්නට මොසඩක් හොසෙයින් සමත් විය.ඒ මුළු ලකුණු සංඛ්‍යාව 45 ක් ව තිබියදී.
ලකුණු 62ක්ව තිබිය දී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තුන්වෙනි කඩුල්ල සෙ නායක නායක මොහොමඩ් නබී ලකුණු 08කට දැවී ගියේය. එතැන් සිට පිටියේ ස්ථාවර වූ ඊබ්‍රහිම් සදාන් සහ නජිබුල්ලා සදාන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
මෙහිදී ඊබ්‍රහිම් සදාන් නොදැවී ලකුණු 42 ක් හා නජිබුල්ලා සදාන් නොදැවී ලකුණු 43 ක් රැස් කරමින් 4 වන කඩුල්ලට ලකුණු 69 ක නොබිඳුනු සම්බන්ධතාවක් ගොඩනැගූහ.

නජිබුල්ලා සදාන් නොදැවී ලකුණු 43 ක් රැස් කළේ පන්දු 17 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර හයක් ඇතුළත් වී විය. නිජිබුල්ලාගේ ප්‍රහාරක වේගය 252.94ක් විය. මෙතෙක් මෙම තරගාවලියේ ප්‍රවේගකාරීම ඉනිම ඔහුගේය. ඔවුහු ජයග්‍රහණය සඳහා අවශ්‍ය කළ ලකුණු 128ක් සීමාව පන්දුවාර 18 යි පන්දු තුනක් තුළදී පසුකළහ.







