සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අවසන් පූර්ව වටයේ ගැට්ටේ සිට තරග කිරීම… ශ්‍රී ලංකාවේ හෝ ඇෆ්ගනිස්ථානයේ ඉදිරි ගමන ගැන ඉරණම තීන්දු කරන දවස…

by editor
ඔක්තෝබර් 30, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අද (30) ශ්‍රි ලංකා ඇෆ්ගනිස්ථාන තරගය ය.  පුනේහි දි හවස 2ට තරගය ආරම්භ වීම නියමිතය. පෙනෙන් ආකාරයට අවසන් පූර්ව වටයට යෑම පහසු නැත. දැනට ප්‍රසාද ලකුණු සටහනේ මුල් අවස්ථා හතර අත් කරගත් කණ්ඩායම් පිළිමලුන් පිටු දැකීමේ වටයට ප්‍රවේශ වීමේ ඉඩකඩ වැඩිය.

කෙසේ වෙතත් ඕනෑම මොහොතක ඒ ස්ථාවරය බිඳ වැටුන කණ්ඩායමක් වෙනුවට ආදේශ වීමේ අවස්ථාව සහිතව සිටින කණ්ඩායම් දෙකක් ලෙස අද ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව තරග වදිති.

ප්‍රසාද ලකුණු සටහනේ දැන් ශ්‍රී ලංකාව පසුවන්නේ 05 වැනි තැනය. තරග හතරක් පරාජය වුවද පකිස්ථානය හය වැනි තැනට සිටී.  තරග දෙකක් ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථානය 07 වැනි තැනය. අද තරගය පස් වැන්නා සහ හත් වැන්නා අතරය.

පූනේ තණ තීරුව

තරගය  පූනේ තණ තීරුව ගැන විශේෂඥ අදහස් පල වී තිබේ. ඒ කාසියේ වාසිය දිනා ගැනීම තරගය තීරණාත්මක අවස්ථාවක් බවය. අප දකින පරිදි  මෑත කාලයේ පූනේ තණතිරුව ඉහළ ලකුණු සඳහා නැඹුරුවක් පෙන්නුම් කර ඇත.  නමුත් එහි දඟ පන්දු යවන්නන්ට යම් සහයක් තිබේ. එය දෙපාර්ශවයට විවෘත අවකාශයක් නිර්මාණය කර තිබේ.     සවස් වන විට පිටිය පින්නේ බලපෑමට ලක් වන බැවින්  කාසියේ වාසිය සුපුරුදු පරිදි තරගයේ අවසන් ප්‍රතිඵළය සඳහා තීරණාත්මක වනු ඇතැයි විශේෂඥයන් කියන්නේ එබැවිනි.

කණ්ඩායම් දෙකේ  අවසන් තරග

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාවට  ඔවුන්ගේ අවසන් තරග හතරෙන් ජයග්‍රහණ තුනක් ලබා ගැනීමෙන්  ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීමට ඉඩ සැලසී ඇත.  ඔවුන්ට  අවසන් පූර්ව වරටයට පිවිසීමේ යන් අවකාශයක් ඉන් නිර්මාණය වනු ඇත.  එහෙත් ඇෆ්ගනිස්තානය එම තරග හතර තුළ    ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමග තරග වදින්නට නියමිතය.  අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ නවසීලන්තය සමග තරග වැදීමට  සිදුවේ.  එම තරග ජයග්‍රහණය කර අවසන් පූර්ව වටය සඳහා සංඥා කිරීම  පිළිබඳ බලාපොරොත්තුව සමහර විට ඕනෑවට වඩා වැඩි වන්නට පුලුවන.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කෙසේ වෙතත්  පූනේහි අද  තරගය වඩාත් තියුණු වන්නේ  මේ පෙනී නොපෙන අවස්ථාවට ප්‍රවේශය සඳහා  දෙපාර්ශ්වයටම මේ තරගය ජයග්‍රහණය කිරීම අවශ්‍ය බැවිනි. මේ තරගයේ පරාජය අවසන් පූර්ව වටය සඳහා වූ බලාපොරොත්තුව බොහෝ සෙයින් අඳුරු වී යන බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම

මේ තරගාවලිය දෙස බලන විට මේ වනවිට ශ්‍රි ලංකා කණ්ඩායම සිටින්නේ යම් ජග්‍රාහී මාවතකට ප්‍රවේශ වෙමිනි. තරග තුනක් එක දිගට පරාජය වී ලෝක වාර්තා සහිත පරාජයක් ලබද්දී කුමණ හෝ හේතුවක් නිසා කණ්ඩායමේ නායක දසුන් ශානක, මතීෂ පතිරණ අබාධ හේතුවෙන් තරගයෙන් ඉවත් වෙද්දී, පුහුණු වීම් අතර ඊයේ අබාධයට ලක් වූ බව කී එංගලන්ත තරගයේ වීරයා ලහිරු කුමාර වෙනුවට ශ්‍රි ලංකාවට අවශ්‍ය ආදේශය වූ දුෂ්මන්ත චමීර කණ්ඩායමට පැමිණෙද්දී ජයග්‍රහණයේ මාවතට ප්‍රවේශ වීම පහසු කරුණක් නොවේ.  තවමත් කණ්ඩායම ස්ථාවර නැත. ඈන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට නම් කරන විටම ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ආබාධයට ලක්වීමට නියමිත බව පෙනුනි. දැන් එය සිදුවී තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ තරග පහක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව හෝ කණ්ඩායම ස්ථාවර වන්නේ නම් එය අස්වැසිල්ලකි. එහෙත් තවම ඒ ලකුණු නොපෙනේ. දිගින් දිගටම අසාර්ථක වූ කුසල් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න යළිත් කැඳවීමේ විභවයක් මතු වී ඇත. ශ්‍රී ලංකා පිල තවමත් ඇත්තේ හරි කණ්ඩායමක් තෝරා ගත නොහැකි තැනකය.  දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය සමග පැවති තරගවලින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සහ එංගලන්තය සමග ජයග්‍රහණ වාර්තා කර ඇත.

පැතුම් නිශ්ශංක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව සාර්ථකම පිති හරඹයක යෙදුන ක්‍රීඩකයා ය.  නිශ්ශංක එක් දින තරග වලදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව  ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු  296කි පැතුම්   එක් රටකට එරෙහිව රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද එයය.   දැනට ලකුණු අතර සිටින සධීර සමරවික්‍රම එක්දින ලකුණු 1000ට 90ක් අඩුවෙන් සිටිමින් අද තරගයට පිවිසෙයි.

බොහෝ විට අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධව අනුමානයක් ජාත්‍යාන්තර ක්‍රිකට් විචාරකයෝ ඉදිරිපත් කරති.

1 පැතුම් නිශ්ශංක, 2 කුසල් පෙරේරා/දිමුත් කරුණාරත්න, 3 කුසල් මෙන්ඩිස් (නායක, wk) 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක, 6 ධනංජය ද සිල්වා, 7 ඇන්ජලෝ මැතිව්ස්  8 මහේෂ් තීක්ෂණ, 9 කසුන් රාජිත 10 දුෂ්මන්ත චමීර, 11 දිල්ෂාන් මධුශංක

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම

ඇෆ්ගනිස්ථානය ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිවත් වේදනාකාරී ලෙස බංගලාදේශයට එරෙහිවත් පරාජය වී තිබේ. එහෙත් එංගලන්තයට සහ පකිස්ථානයට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණ දෙකක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වී තිබේ.

මෙම දෙපිල අතර බොහෝ රහස් නොවේ.  ඔවුහු පසුගිය වසර තුළ එක්දින තරඟ හයකට සහභාගී වී  සිටිති. ශ්‍රී ලංකාව ඉන් හතරක් ජයග්‍රහණය කර තිබේ.

ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ අවසන් තරගයේ සිට දින හයක විවේකයක් ලබා ඇත. ඔවුහු හොඳින් විවේක ගෙන සිටිති. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට  නූර් අහමඩ් වෙනුවෙන් ෆසල්හක් ෆාරුකී    නැවත පැමිණීමට ඉඩ තිබේ.

පිතිකරණයේ ඉහළින්ම සිටින හෂ්මතුල්ලා ෂාහිඩිට එක්දින ලකුණු 2000 සීමාවට පැමිණීමට  අඩු තවත් තවත් ලකුණු 57කි. ඔහු පිළිබඳ ඇෆ්ගනිස්ථානය බලාපොරොත්තු සහගතවය.

විචාරකයන්ට අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙසේ විය හැකිය.

1 රහ්මනුල්ලා ගුර්බාස්, 2 ඊබ්‍රාහිම් සද්‍රාන්, 3 රහමට් ෂා, 4 හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), 5 අස්මතුල්ලා ඔමර්සායි, 6 ඉක්‍රම් අලිඛිල් (විකේ), 7 මොහොමඩ් නබි, 8 රෂීඩ් ඛාන්, රහ්මන් 10, රහ්මන් 10, -උල්-හක්, 11 ෆසාල්හක් ෆාරුකි

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොව්ඩ් ව්‍යාප්තියෙන් පසු රටේ මරණවල ක්‍රමික වර්ධනයක්… ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි…

Next Post

වී අලෙවි මණ්ඩලයේ කෝටි 70ක් වටිනා වි තොග සොරකම…. නිලධාරීන් 02ක් අත්අඩංගුවට….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.