බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අප අයිසීසියට ගරු කරනවා සේ ICCය මේ රටේ නීතියටත් ගරු කළ යුතුයි… ක්‍රීඩා ඇමති ICC උප සභාපතිට කියයි!

by editor
මැයි 11, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලයට මේ රට ගරු කරනවා සේම  මේ රටේ නීතියට ගරු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා වෙත දැනුම් දී තිබේ.

අමාත්‍ය රොෂාන් රණසිංහ

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (11) ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ඇමතිවරයා මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.

ඉම්රාන් කවාජා ගේ ශ්‍රී ලංකාවේ සංචාරය ගැටලු සහගත වූයේ කාරණා කීපයක් හේතුවෙනි.

ක්‍රීඩා පනතට ගෙනා සංශෝධනත් සමග  ක්‍රිකට් පාලක මණ්ඩලය විෂයෙහි  වූ දූෂිත ස්වරූපය ප්‍රශ්න කිරීමකට ලක් වුන බව පසුගිය වකවානුව පුරාම හෙලි වී තිබිණි.

ක්‍රීඩා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට  දේශපාලන බලපෑම් ඇති වී ඇතැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් කළ දැනුම් දී තිබුණ බවය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඒ අනුව තමන් ඒ සඳහා සාකච්ඡාවකට සූදානම් බව අමාත්‍යවරයා ජත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිඛිතව දන්වා තිබිණි.

එයට පිළිතුරු ලෙස ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ඇමතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ මෙම ප්‍රශ්නය රට ඇතුළේ ඇති වී තිබෙන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සලයේ මැදිහත්වීමක් අනවශ්‍ය බවය.

ඊයේ (10) ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එවන් පසුබිමක බව ක්‍රීඩා අමාත්‍යාංශය කියයි.

අයි.සී.සී. උප සභාපති ඉම්රාන් කවාජා

ඉම්රාන් කවාජා දිවයිනට පැමිණ මුලින්ම මුණගැසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් බවත් ඔවුන් සමග සාකච්ඡා පවත්වා ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට පැමිණෙන බව දන්වා ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

එහෙත්  ක්‍රීඩා අමාත්‍යාංශය දක්වන පරිදි මෙවන් සාකච්ඡාවක් පිලිබඳ ජත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් රටට පෙර  දැනුම් දීමක් කර නැත.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම සම්බන්ධව ජාත්‍යාන්තර ක්‍රිකට් කව්න්සලය නිල වශයෙන් දැනුම්වත් කිරීමෙන් පසු අද මෙම සාකච්ඡාවට කාලය වෙන් කර තිබේ.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලයට අප ගරු කරනවා සේම රටේ නීතියටත්  ගරු කරන ලෙස උප සභාපතිවරයාගෙන් ඇමතිවරයා ඉල්ලා ඇත.

එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ නිවැරදි දේ කිරීමට ක්‍රිකට් ආයතනයට තමන් සහයෝගය දෙන බවය. එහෙන්ම ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට තරග වැදීම සඳහා සුදුසුකම් ලැබීමට තේරීම්  තරගවලට මුහුණ දිය යුතු මට්ටමට බිඳ වැටී ඇති ආකාරය ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයාට පෙන්වා දී ඇත.

ඒ තත්ත්වයෙන් නැගී සිටිමට ක්‍රියා කරන විට සියලු දෙනාගේම සහයෝගය ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ සියලු දෙනාගේ වගකීම බව ද ඇමතිවරයා පවසා තිබේ.

ඇමතිවරයා  ඉම්රාන් කවාජාට පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට  වගකීමට විෂය භාර අමාත්‍යවරයා  ලෙස තමන්  බැඳී සිටින බවය.

ඉදිරියේ දී නිවැරදි සැලසුමක් සහිතව සියලු පාර්ශව සමග ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඇමතිවරයා අවධාරණය කර ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් රිමාන්ඩ්!

Next Post

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.