බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ක්‍රිකට් ඉතිහාස කතාව අලුත් කරති!

by editor
සැප්තැම්බර් 7, 2023
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අති විශිෂ්ඨ ජයග්‍රහණයක් සහිතව තරගාවලි ජයග්‍රහණයක් හිමි කරගෙන ඇත. එය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අනුස්මරණීය සලකුණක් එක් කළ වර්ණවත් අවස්ථාවකි.

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්වී තිබුණි. එම ජයග්‍රහණය ඔවුන් ලබා ගන්නේ එංගලන්තයේ දි ය.

ඊයේ  එංලන්තයේ ඩර්බි ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රි තරගයක් ලෙස  පැවති තෙවන 20/20 තරගය ශ්‍රී ලංකා කණ්ඩාය කඩුලු 7කින් ජයග්‍රහණය කළේය.

චමරී අතපත්තු

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තු   පන්දු රැකීම තේරූවේය. එය කදිම තීරණයක් විය. එංගලන්ත ක්‍රීඩිකාවෝ  සියලු දෙනා  පන්දුවාර 19ක් තුළ  ලකුණු 116කට දැවී ගියහ.

වර්ණවත් පන්දු යැවීමක් සිදුකළේ නායක චමරි අතපත්තුය. ඇය පන්දු ඕවර 04ක් තුල ලකුණු 21කට කඩුළු 03ක් බිඳහෙළුවාය. උදේශිකා ප්‍රබෝධනී ලකුණු 16ට කඩුළු 02ක්, කවිෂා දිල්හාරි ලකුණු 16ට කඩළු 02ක් ලැබූ අතර ඉනෝෂි ප්‍රියදර්ශනී සහ ඉනෝකා රණවී එක කඩුල්ල බැගින් දවා ගත්හ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පිතිකරණයේ දී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 23ක් ලබා ගත්තේ මයියා බවුචර්ය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් යුවල වන  චමරී අතපත්තු සහ අනුෂ්කා සංජීවනී සුපිරි ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්හ.  ලකුණු 117ක  ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල බිඳ වැටෙන්න් ලකුණු 65 දී ය.  පන්දු 28 කදී  හතරේ පහර 05ක් සහ හයේ පහර 2ක් සමගින් නායිකා චමරී අතපත්තු ගේ ප්‍රහාරාත්මක ඉනිම අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 44කට නිමා වූයේය. එය මනරම් ඉනිමක් විය.

අනතුරුව අනුෂ්කා සන්ජිවනි ලකුණු 20කටත්, විෂ්මි ගුණරත්න ලකුනු 08කටත් දැවී ගියේය. නොදැවී ලකුණු 26ක් ලබා ගත් හර්ෂිතා සමරවික්‍රම සහ නොදැවී ලකුණු 09ක් රැස් කළ හසිනි පෙරේරා තරගය පන්දු ඕවර 17ක් තුළ ජයග්‍රහණයෙන් නිමා කළහ.

තරගයේ මෙන්ම තරගාවලියේ විරයා ද නායිකා චමරී අතපත්තුය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂිත කූඩාරම් මැද මුලතිව් සමූහ මිනී වලේ කැනීම් කටයුතු අඛණ්ඩව ආරම්භ වෙයි….

Next Post

චැනල් ෆෝ කතාවට ගෝඨා උත්තර දෙයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.