අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චැනල් ෆෝ කතාවට ගෝඨා උත්තර දෙයි…

by editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා චිත්‍රපටයේ අන්තර්ගතය සහමුලින්ම බොරුවක් බවත්. එම නාලිකාවේ  ද්වේශ සහගත ව්‍යාජ ප්‍රබන්ධය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් දීර්ඝ පැහැදිලිකිරීමක් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ. 

මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම චැනල් 4 චිත්‍රපටය

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය 2019 නොවැම්බරයේ දී මා බලයට පත් කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම සඳහා හිතා මතාම සිදු කරනු ලැබූවක් බව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ නවතම චිත්‍රපටයේ ඇති ප්‍රධානම චෝදනාවයි. මෙම චෝදනාව රඳා පවතින්නේ යුරෝපයේ දේශපාලන රැකවරණ සඳහා අයදුම්කරුවෙකු වන හන්සීර් අසාද් මවුලානා නැමැත්තෙකු විසින් ප්‍රධාන මැරෙන බෝම්බකරු සහරාන් සහ ඔහුගේ සහෝදරයා වන සයිනී මව්ලවි යන අයට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හඳුන්වා දුන් බවට කර ඇති ප්‍රකාශයකි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ හමුදා බුද්ධි සේවා අධ්‍යක්‍ෂ ලෙස ඉටු කරන ලද ඔහුගේ අතීත භූමිකාව නිසාය. මේජර් ජෙනරාල් සලේ මගේ අනුගාමිකයෙකු ලෙස චැනල් 4 නාලිකාව හඳුන්වා ඇත. නමුත් ඔහු ජනාධිපතිවරුන් ගණනාවක් යටතේ සේවය කර ඇති වෘත්තීය හමුදා නිලධාරියෙකු වන අතර, සියලුම හමුදා නිලධාරීන් තනි පුද්ගලයින්ට නොව රජයට පක්ෂපාතී වේ. මම ද හිටපු හමුදා නිලධාරියෙක් වන අතර, ඔහු මෙන්ම මමත් විවිධ ආණ්ඩු යටතේ සේවය කර ඇත්තෙමි.

2015 දී ආරක්‍ෂක ලේකම් තනතුරෙන් ඉවත් වීමෙන් පසු, 2019 දී ජනාධිපති ධුරයට පත්වන තුරුම මමත්, මේජර් ජෙනරාල් සලේත් අතර කිසිදු සම්බන්ධයක් නොවීය. තමා 2016 දී හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ තනතුරෙන් ඉවත් කරනු ලැබූ අතර, එතැන් සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිනිස්ටර්-කවුන්සලර් තනතුරේ කටයුතු කළ බවත්, මෙම හමුව සිදු වූවා යැයි කියන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මේජර් ජෙනරාල් සලේ චැනල් 4 වෙත දන්වා තිබුණි. තවද, 2019 ජනවාරි සිට නොවැම්බර් මස දක්වා ඔහු ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව හදාරමින් ඉන්දියාවේ සිටි අතර, 2016 සිට 2019 දක්වා මේ මුළු කාල පරිච්ඡේදය තුළම ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ව්‍යුහය තුළ ක්‍රියාත්මක නොවුන බව ද දන්වා ඇත. 2016 දී මේජර් ජෙනරාල් සලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත කිසි දිනෙක එම සංවිධානයේ සේවය නොකළේය. 2019 දෙසැම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධි ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි. එබැවින් 2018 පෙබරවාරි මාසයේ දී මේජර් ජෙනරාල් සලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමු වුවා යැයි කියන මෙම කතාව පැහැදිලිවම ගොතන ලද්දකි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමඟ හමුදා බුද්ධි අංශ සම්බන්ධ වූ බවට ඔවුන්ගේ චෝදනාව  තහවුරු කිරීම සඳහා, 2018 නොවැම්බර් 30 වන දින වව්නතිව් හීදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ආයුධ සොරකම් කිරීම සහ 2019 ජනවාරි 16 වන දා වනාතවිල්ලුව ආරක්‍ෂිත නිවාසයක් තුල පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් සිද්ධීන් සම්බන්ධයෙන් ආරම්භ කරන ලද පොලිස් පරීක්ෂණ හමුදා බුද්ධි අංශ විසින් කඩාකප්පල් කල බව මෙම චිත්‍රපටයේ කියැවේ. 2015-2019 ආණ්ඩුව බුද්ධි අංශ සහ විශේෂයෙන්ම හමුදා බුද්ධි අංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කල බව මුළු රටම දනී. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් සැලකිය යුතු ගණනක් යහපාලන ආණ්ඩුව සමයේ මාස ගණන්, අවුරුදු ගණන් රිමාන්ඩ් භාරයේ සහ පොලිස් අත්අඩංගුවේ කාලය ගත කළ බවත් සියලුම ශ්‍රී ලාංකිකයන් දනිති. එබැවින් 2015 – 2019 ආණ්ඩුව සමයේ හමුදා බුද්ධි අංශය පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශය හාස්‍යයට කරුණකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2015-2019 ආණ්ඩුව විසින් මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය බව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු සිරියාවට ගොස් අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වී ඇති බවත්, විදේශීය ඉස්ලාම් ආගමික දේශකයින් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට 2016 නොවැම්බර් 18 වන දා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ කළ හෙළිදරව්වද එම ආණ්ඩුව නොසලකා හැරිය බව ඔවුන් ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2018 මාර්තු 23 සිට 25 දක්වා ලේවැල්ල ප්‍රදේශයේ ලැගුම් හලක පුහුණු කඳවුරු පවත්වා ඇති අතර 2018 අප්‍රේල් සහ මැයි මාසවල දී නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම් හලක ද තවත් රැස්වීම් පවත්වා ඇති අතර, ඒ සියල්ල පොලිසියට වාර්තා වී තිබූ නමුත් විමර්ශනය කර නැත.

සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් 2018 අගෝස්තු 27 අලුයම කාත්තන්කුඩි ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීමේ දී බරපතළ තුවාල ලැබීය. කලින් සඳහන් කළ වව්නතිව් සහ වනාතවිල්ලුව සිද්ධීන් හැරුණු විට 2018 දෙසැම්බර් මස අගදී මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ද ප්‍රහාර එල්ල වූ සිද්ධීන් ද විය. ජනාධිපති කොමිෂන් සභාව නිරීක්ෂණය කළ පරිදි, මෙම ඕනෑම සිදුවීමක් නිසි ලෙස විමර්ශනය කලේ නම් ත්‍රස්තවාදීන් කලින් අත්අඩංගුවට ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට හැකි වීමට ඉඩ තිබුණි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදා බුද්ධි අංශ නොවේ. මේ මුළු කාලය තුළම මම බලයේ නොසිටියා පමණක් නොව බොහෝ බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම, මම ද එවක ආණ්ඩුවේ දඩයමට හසු වී, 2015 සිට 2019 නොවැම්බර මස ජනාධිපති වන තෙක්ම එක් පොලිස් ඒකකයකින් තවත් පොලිස් ඒකකයකටත් එක් උසාවියකින් තවත් උසාවියකටත් යමින් සිටියෙමි.

මේ අලුත් චිත්‍රපටියෙන් මට එල්ල වූ එක් චෝදනාවක් වූයේ, මම ජනාධිපති වූ පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන නිලධාරීන් මාරු කර පරීක්‍ෂණ කඩාකප්පල් කළ බවය. මේ සඳහන අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට බව මම උපකල්පනය කරමි. මහාධිකරණයේ විභාග වෙමින් පැවති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනඥයෙකු සමඟ ශානි අබේසේකර කුමන්ත්‍රණය කළ බවට දුරකථන හඬපටවලින් හෙළි වී තිබූ අතර, ඔහු වැන්නකු මොනම තත්ත්වයක් යටතේවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් සහිත තනතුරක තබා ගැනීමට මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසමට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් කිසිවෙක් මා බලයට පත්වීමෙන් පසු මාරු කර යවනු ලැබුනේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් මම බලයට පත් වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණ නිසා ඒ කාලය තුළත් පරීක්ෂණ පැවැත්විය යුතුව තිබුණි. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් 2016ත්, 2019ත් අතර කාලයේ වූ නොසැලකිල්ලට ද ශානි අබේසේකරත් වගකිව යුතු විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව මට භාර දුන් පසු, එය ප්‍රසිද්ධියට පත් කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් 4 නාලිකාව කියයි. එය අමූලික බොරුවකි. එම වාර්තාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ඇති බව ලංකාවේ කවුරුත් දනිති. පසුගිය වසරේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඇතමුන් මා සම්බන්ධ කිරීමට පටන් ගත් විට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා එෆ්බීඅයි / සීඅයිඒ සහාය ලබා ගැනීමේ හැකියාව ගැන සොයා බලන ලෙස මම වොෂින්ටනයේ තානාපති මහින්ද සමරසිංහට උපදෙස් දුන්නෙමි. 2022 අප්‍රේල් 07 වැනි දින, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්දන කාර්යාංශයේ ක්‍රිස්ටෝපර් ඒ. ලෑන්ඩ්බර්ග් මහතා තානාපති සමරසිංහට පිළිතුරු ලිපියකින් මෙසේ දන්වා තිබුණි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි… ප්‍රහාරයෙන් ඉක්බිතිව, සහ අද දක්වාම, එක්සත් ජනපද රජය වගකිවයුත්තන් විමර්ශනය කිරීමට සහ ඔවුන්ට නඩු පැවරීම සඳහා සහාය ලබා දී ඇත. 2021 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද පුරවැසියන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ පැමිණිල්ලක් ද ගොනු කළේය. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය ඔබේ රජයට දිගටම සහයෝගය ලබා දීමට සූදානම්ව සිටියත්, ප්‍රහාරයන් සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම තේරුමක් නැත… මෙම කාරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ප්‍රහාරයෙන් පසු සතිය තුළ, නිලධාරීන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වීම සඳහා යෙදවූ බව මම අවධාරණය කිරීමට කැමැත්තෙමි. මේ සහයෝගීතාවයට සාක්ෂි එකතු කිරීම, සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්‍ෂා කිරීම යනාදිය ඇතුළත් විය...”

 ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් අමතර ඉල්ලීමක් කළහොත් ඒ වන විටත් (එනම් 2022 අප්‍රේල්  මාසයේ දී) කොළඹ රැඳී සිටී ඇමෙරිකා එක්සත් ජනපද පරිචෝදකයන් දෙදෙනාගේ සහය ලබා දීමට හැකි බව ද ලෑන්ඩ්බර්ග් මහතා තවදුරටත් එම ලිපියේ සඳහන් කර තිබුණි. මීට පෙර 2021 ජනවාරි 08 වන දින, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, එහි මෙසේ සඳහන් විය.

 “…අයිඑස්අයිඑස් නැමති විදේශීය ත්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර ඇත… ඔවුන් ‘ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස්’ ලෙස හැඳින්වූ අයිඑස්අයිඑස් ආධාරකරුවන් පිරිසක සාමාජිකයන් විය. එම කණ්ඩායම 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අතර, එම ප්‍රහාරය නිසා එක්සත් ජනපද පුරවැසියන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මිය ගොස් තවත් 500 කට වැඩි පිරිසකට තුවාල සිදු විය… ප්‍රහාරයෙන් දින දෙකකට පසු, අයිඑස්අයිඑස් ත්‍රස්තවාදී කණ්ඩායම එම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ එම ඝාතන ‘ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්’ වෙත ආරෝපණය කරමිනි… 2020 දෙසැම්බර් 11 වැනි දා ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් උසාවියේ දී පවරනු ලැබූ අපරාධ නඩුව, ක්‍රිස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයින් නිතර ගැවසෙන සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය වූ එෆ්බීඅයි ආයතනය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තුල කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයකි.”

චැනල් 4 නාලිකාවේ මෙම නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්‍ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්‍ෂ විරෝධී ප්‍රහාරයකි. මීට පෙර එම නාලිකාව විසින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙය ද බොරු ගොන්නකි. මා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කලා යැයි කීම අතිශයින් ම ජුගුප්සාජනකය. යම් යම් පුද්ගලයන් දේශපාලනික ස්ථාවරයක සිට මට එරෙහිව චෝදනා එල්ල කළත්, මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකව කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු මඩු පල්ලිය සහ මුල්ලිකුලම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව් කලෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු වලට ද මම සියලු පහසුකම් සැලසූ අතර, එම සංචාරය සංවිධානය කිරීමට එවක ආණ්ඩුව පිහිටුවා තිබූ කමිටුවේ ප්‍රධානියා ද විය. බෝලවලාන ප්‍රදේශයේ 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය ඉදිකිරීමේ දී ද මම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළෙමි. එම කාලසීමාව තුළ කාදිනල් හිමිපාණන් සමඟ ද මම ඉතා සමීපව කටයුතු කළෙමි.

ගෝඨාභය රාජපක්ෂ

හත්වන විධායක ජනාධිපති

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ක්‍රිකට් ඉතිහාස කතාව අලුත් කරති!

Next Post

G77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනපති කියුබාවට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.