බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලේසියෙන් අමතක නොවන තරගයක්… ලකුණු 02ක තියුණු ජයක් සමග ශ්‍රී ලංකාව සුපිරි වටයට!

by editor
සැප්තැම්බර් 5, 2023 - Updated on සැප්තැම්බර් 6, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එය ක්‍රිකට් ක්‍රීඩාවේ උත්කර්ෂය මහා ඉහළින් නැන්වූ තරගයක්බව කිව යුතුව තිබේ. අත් නොහැර ජයග්‍රහණය සොයා යන ඒ විශිෂ්ඨ  ජවය ක්‍රීඩා ලොලී අපට ලබා දුන්නාට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ඇෆ්ගනිස්ථාන කණඩායමට ද අප්‍රමාණ ස්තුතිය පිරිනැමිය යුතුය.

ලාහෝර් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දි  ශ්‍රී ලංකා කණ්ඩායම අති තියුණු ක්‍රීඩාවකින්  පසු  අද (05) ඇෆ්ගනිස්ථානය පරදා ලකුණු 02ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. මේ තීරණාත්මක තරගය සුපිරි වටයේ සිවු දෙනා තෝරා ගැනීමේ තරගයක් වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි සිව් දෙනා වෙත එම ජයග්‍රහණයත් සමග ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 291 ලබා ගත්තේය. විශිෂ්ට පිතිකරණයක යෙදුන කුසල් මෙන්ඩිස් පන්දු 84ක දි හතරේ පහර 06ක් සහ හයේ පහර 03ක් සමගින් ලකුණු 92ක් ලැබුවේය.  ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක  හතරේ පහර 06ක් සමගින් පන්දු 40ක දි ලකුණු 41ක්. චරිත් අසලංක ලකුණු 36ක්, දුනිත් වෙල්ලාලගේ නොදැවි ලකුනු 33ක්, දිමුත් කරුණාරත්න ලකුණු 32ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28ක් ලැබුවේය.

කුසල් මෙන්ඩිස්…

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මනරම් පන්දු යැවිමක යෙදුන ගුල්බාඩින් නබි ලකුනු 60ට කඩුළු 04ක් බිඳ හෙළුවේය. රෂීඩ් ඛාන් ලකුණු 63ට කඩුළු 02ක්, මුජීබ් උර් රහ්මාන් ලකුණු 60ට කඩුල්ලක් ලැබුවේය.

ඇෆ්ගනිස්ථානයේ වෙනස් ඉලක්කය

ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 292කි.  එම ඉලක්කය පන්දු ඕවර 50කින් ලබාගෙන තරගය ජයග්‍රහණය කළ හැකිය.  නමුත් එවැනි ජයග්‍රහණයකින්  ඇෆ්ගනිස්ථානයට සුපිරි වටයට පැමිණිය නොහැකිය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අද තරගය ආරම්භ වනවිට    ශ්‍රී ලංකාවේ ලකුණු ලබාගැනීමේ වේගය ධන 0.951ක් විය.  ඇෆ්ගනිස්තානයේ ලකුණු ලබාගැනීමේ වේගය පැවතියේ  සෘණ 1.780ක් ලෙසය. මේ තත්ත්වය තුළ ඇෆ්ගනිස්ථානයට සුපිරි කණ්ඩායම් 04 වෙත ප්‍රවේශ වීම සඳහා ලකුණු 292 ලබා ගත යුතු වූයේ පන්දු ඕවර 37 යි පන්දු 1 කිනි.

ආක්‍රමණශීලී පිතිකරණය

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එම තියුණු ඉලක්කය අභියෝගයක් සේ ගත්තේය. ඇෆ්ගනිස්ථානයට නැති වෙන්නට දෙයක් තිබුණේ නැත. ඒ ආක්‍රමණශීලී පිතිකරණය ශ්‍රි ලංකා ක්‍රිකට් ලෝලීන් සීතල කළේය. පන්දු ඕවර 8 ක දී ඔවුන් ලකුණු 121කි. කඩුළු 04ක් බිඳී ගිය බව සැබෑය. නමුත්  නායක හෂ්මතුල්ලා ෂහීඩි සහ මොහොමඩ් නබී පන්දුවට පහර දෙන විට සියල්ලන්ම සිතුවේ ජයග්‍රහණය ඇත්තේ ඇෆ්ගන් කණඩායම සතුව බවය.

හෂ්මතුල්ලාහ් ෂහිදි එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කළේය. ඔහු ලකුණු 59ක් පන්දු 66ක් තුළ රැස් කරන විට අනෙක් අන්තයේ සිටි මොහොමඩ් නබී ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසරණ කළහ. ඔහු පන්දු 32ක් තුළ ලකුණු 65ක් ලබා ගන්නේ හයේ පහර 05ක් සහ හතරේ පහර 06ක් සමගිනි.

හෂ්මතුල්ලා ෂහීඩි සහ මොහොමඩ් නබී

ඇෆ්ගනිස්ථාන පිතිකරුවෝ අතිශය ආක්‍රමණශීලි ලෙස ඉලක්කය වෙත ලඟා වෙමින් සිටියහ. පන්දු ඕවර 26.3ක දී ප්‍රවේගකාරී මොහොමඩ් නබී දැවී යනවිට ලකුණු සංඛ්‍යාව 201කි.  ලකුණු 92 ක් පන්දු ඕවර 10යි පන්දු 4කින් ලබා ගැනීමේ ඉලක්කය ඇෆ්ගන් කණ්ඩායමට තිබිණි.

අනතුරුව පිටියට පැමිණි කරීම් ජනට් පන්දු 13ක දී ලකුණු 22ක්,  නජිබිදුල්ලාහ් සද්‍රාන් පන්දු 15ක දි ලකුණු 23ක් ලබාගෙන තරගය ජයග්‍රහණයේ සීමාව අසලට ගෙනාවේය.  පන්දු 16ක දි හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමග අත්දැකිම් සපිරි රෂීඩ් ඛාන් එක් අන්තයක නොදැවී සිටියේය.

8වන කඩුල්ල දැවී යන ඇෆ්ගනිස්ථාන ලකුණු සංඛ්‍යාව ලකුණු 276කි. පන්දු ඕවර 35.4 දි සද්‍රාන් ලකුණු 23කට දැවී යනවිට ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු වූයේ ලකුණු 16කි. ඒ සඳහා පන්දු 09ක් ඉතිරිව තිබිණි. එක් අන්තයක රෂීඩ් ඛාන් සිටියේය.

දසුන් ශානකගේ තීරණය

දසුන් ශානක

දසුන් මේ වනවිට පිතිකරුවෙක් ලෙස අසාර්ථක වී සිටියේය. ඔහු මුහුණ දුන්නේ පන්දු 08කට පමණි. ලකුණු 05කට දැවි ගියේය.  පන්දු ඕවර 02ක් යැව්වේය. ඇෆ්ගන් පිතිකරවෝ ලකුණු 32ක් රැස් කළහ. පන්දු යැවීමෙන් ඔහු  අසාර්ථක වූවා පමණක් නොව ඇෆ්ගන් පිතිකරුවන්ව ජයග්‍රහණයේ රිද්මයට බලෙන් තල්ලු කළේය.

ඔහුගේ පීඩනය තේරුම් ගත හැකිය. දැන් ඔහු නායකයෙක් ලෙසත් අසාර්ථක වීමේ සීමාව අසලය.  දැන් ඔහු අභියස ඇති තීරණය ඔහුගේ ක්‍රීඩා ජීවිතයත් තින්දු කරනා ආකාරයේ බරපතල තීරණයකි.

සුපිරි වටයට පැමිණෙමින් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගැනිම සඳහා පන්දු 07ක දී ලකුණු ජයග්‍රාහී ලකුණු 15 ලබා ගැනීමේ ඉලක්කය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තිබිණි.

ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම සුපරි 04 වටයෙන් ඉවතට විසි කරන  තීරණාත්මක පන්දු ඕවර දෙක වූයේ 36 සහ 37 ය. නායක දසුන් ශානක මෙම අවස්ථාවේ දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තැබුවේය.

36 වැනි පන්දුු ඕවරය යැවීමට කැඳෙව්වේ වෙල්ලාලගේ ය. එහෙත් දසුන් වැරදි තීන්දුවක් ගත් බව අපට සිතවන තරම් බිහිසුණු ප්‍රහාරයක් වෙල්ලාලගේට එල්ල වූයේය. රශීඩ් ඛාන් එම ඕවරය තුළ වෙල්ලාලගේට  හතරේ පහර තුනක් එල්ල කළේය.

තරගය වෙනස් කර ජයග්‍රහණය අවසන් මොහොතේ ගෙනත් දුන් ධනංජය…

37වන පන්දු ඕවරය ආරම්භ කරන විට සුපිරි සිව් දෙනාගේ වටයට පිවිසෙමින් ජයග්‍රහණය ලබා ගැනීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 03ක් ලබා ගැනීමේ අභියෝගය ඇෆ්ගනිස්ථානයට ඉතිරි වී තිබිණි.  බලා සිටින අපව පීඩාවට පත් කරමින් එම පන්දු ඕවරය යවන්නට දසුන් විසින් කැඳවනු ලැබුවේ දඟ පන්දු යවන ධනංජය ද සිල්වා ය.

ධනංජය සිය අත්දැකීම මවිත කරවන ලෙස භාවිතා කළේය. ඒ වනවිට රෂීඩ් ඛාන් සිටියේ අනෙක් අන්තයේය. පන්දුවට පහර දෙන්නට පැමිණියේ නවක පිතිකරු මුජීබ් උර් රහ්මාන්ය. රහ්මාන් ධනංය 37වන ඕවරයේ යැවූ  පළමු පන්දුවේ දීම දැවී ගියේය.

ඇෆ්ගනිස්ථානයට තවත් එක් අවස්ථාවක් තිබිණි. පන්දු ඕවර 37.4 ක් තුළ ලකුණු 295ක් ලබා ගැනීමය.  ඒ සඳහා 289ක් ලබාගෙන සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 06ක් ලබා ගත යුතු විය.

ලකුණු 291 තරග ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් ලබා ගැනීමට පන්දු ඕවර 12.5 ඉතිරිව තිබිණි.  එහෙත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු 2 ක දී ලකුණු 06ක් ලබාගෙන අවසන් වටයට පිවිසීමේ අවස්ථාව තේරුවේය. 37 වැනි ඕවරයේ 3වන පන්දුවට ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

කඩුල්ල රැකගෙන ලකුණු 02 ලබා තරගය ජයග්‍රහණය කිරීම වෙනුවට අවසන් වටයේ සුපිරි 4 දෙනාට යෑමේ අභිලාෂය සහිතව  අවසන් කඩුල්ල වෙනුවෙන් පැමිණි පිතිකරු ෆසාල්හක් ෆාරුකී දැවැන්ත පහරක් සඳහා ගියේය. ඉලක්කය වැරදි ඔහු කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවූයේය.

පන්දු ඒවර 37.4ක් තුළ ජයග්‍රහණය අසලටම පැමිණි ඇෆ්ගන් කණ්ඩායම ලකුණු 289කට සියල්ලෝ දැවී ගියහ.

රෂීඩ් ඛාන්… අත්ලේ දිලෙමින් තිබූ ජයග්‍රහණය බිඳ වැටුණු පසු….

ශ්‍රී ලංකාවට ලකුනු 02ක තියුණු ජයක් හිමි විය. තරගය මුලුමනින්ම වෙනස් කළ  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිවු දෙනෙක් වූහ. ඒ  පන්දු 84ක දී ලකුණු 92ක් රැස්කර සිටිය දි දුවද්දී දැවී ගිය කුසල් මෙන්ඩිස්ය. මුල් පෙළ සුන් කරමින් ලකුණු 79කට කඩුළු 04ක් ලැබූ කසුන් රාජිතය. අවශ්‍යම මොහොතේ කඩුළු 02ක් රැස් කල දුනිත් වෙල්ලාලගේය. 37වන පන්දු ඕවරය යවමින් අවසන් පන්දු හතරේ ලකුණු නොදි කඩුළු 02ක් ලැබූ ධනංජය ද සිල්වාය.

තරගයේ වීරයා වූයේ කුසල් මෙන්ඩිස්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ විශේෂ ස්නායු ප්‍රතිකාර ඒකකයේ MRI යන්ත්‍රය බිඳ වැටේ… විශේෂ ස්නායු පරීක්ෂණ මුලුමනින් නවතී!

Next Post

ගංජා වැවීමේ නිත්‍යානුකූල අනුමැතිය ගැසට් මගින් නිවේදනය කරන්න යයි…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.