සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලේඩි බොස් කෙනෙක් වෙන්න කැමැති නැද්ද ?. උගන්ඩා නෙට්බෝල් රැජන අසයි..

by editor
ඔක්තෝබර් 23, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

“විවාහක ගැහැනියෙක් විදිහට සම්ප්‍රදායික ජීවන රටාවකට කොටු වෙනවාට වඩා සාර්ථක ගැහැනියෙක් වෙන්න….ලේඩි බොස් කෙනෙක් වෙන්න ඇයි ඔයාලට උවමනා නැත්තේ…?“

උගන්ඩාවේ නෙට්බෝල් රැජන ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ මේරි චොලොක්ගේ සිහිනය වී ඇත්තේ කෙදිනක හෝ තම මවුබිම වන උගන්ඩාවට යෑමෙන් පසු සිය නිවෙසට රැස්වන කාන්තාවන් අමතා එසේ කීමය. එරට දහස් සංඛ්‍යාත ගැහැනුන් දිරි ගන්වන්නේ ජීවිතයේ සාර්ථකත්වය ඇත්තේ ‘කුස්සිය මුල්ලේ‘ නොවන බව කීමටය.

දැනට එංගලන්තයේ ලෆ්බ්‍රෝ නුවර සිටින මේරිගේ කතාවයි මේ.

මේරි චොලොක්

එතෙක් මෙතෙක් උගන්ඩාවෙන් බිහිවූ වෘත්තීය මට්ටමේ දෙවැනි ක්‍රීඩිකාව වන 23 හැවිරිදි මේරි ජීවිතය ජයගැනීමට තමා සමග එක්වන්නැයි එරට තරුණියන්ගෙන් ඉල්ලා සිටියාය. ලොව සෑම රටකම කාන්තාවන්ට ළමා වියේ සිටම විශාල වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවන බව කියන මේරි අප්‍රිකානු රටවල එය වඩාත් දුෂ්කර අරගලයක් බව පෙන්වා දෙන්නීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘අපේ සමහර සංස්කෘතින්ට අනුව අඩු වයසින් විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසාම අපේ තරුණියන්ට ක්‍රීඩාවට යොමුවෙන්න තරම් වෙලාවක් ඉතිරි වෙන්නෙ නෑ. ගොඩාක් ගැහැනුන්ට තේරෙන්නේ නෑ ඔවුන් විඳවමින් ඉන්න බව. ඒ නිසා ඔවුන් වහාම අවදි කළ යුතුයි.‘ මේරි සිය අරගලය ආරම්භ කර ඇත්තේ සමස්ත අප්‍රිකානු ගැහැනුන් වෙනුවෙනි.

දකුණු සුඩානයේ සම්භවයක් සහිත මේරිගේ පවුලේ අය උගන්ඩාවට සංක්‍රමණය වූයේ එරට පැවති සිවිල් යුද්ධය හා දේශපාලන අස්ථාවරභාවය නිසාය. ඇරත් ඇගේ පියාගේ අභාවයෙන් පසුව ඔවුන්ට ජිවිතය අලුතින් ආරම්භ කිරිමට සිදුවී තිබිණි.

අඩි 6කුත්, අඟල් 7ක් උසැති මේරි ඉතා ඉක්මනින්ම නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂයකු බව පෙන්නුම් කළාය. එමෙන්ම නෙට්බෝල් යනු කාන්තාවන්ට ජීවිතය ජයගැනීමට ඇති කදිම මාර්ගයක් බවත් ඇය අවබෝධ කර ගත්තාය. ඇගේ මවත්, බාප්පාත් (මවගේ දෙවැනි කසාදය) හැම අතින්ම ඇයට සහයෝගය ලබා දුන්හ.

‘අම්මලාට හරි සතුටුයි මා ගැන. නමුත් මා වෙනුවෙන් වියදම් කරන්න ඔවුන්ට සල්ලි නෑ. ඒ නිසා සමහර වෙලාවට උදව් කිරීමට පැකිළෙන අවස්ථා පවා තියෙනවා. මම ඉතින් කොහොමහරි ‘බැලන්ස්‘ කර ගත්තා.‘
‘යම්කිසි කෙනෙකුට එක්තරා අවස්ථාවකදී හිතෙනවා මම කවුද මට මොනවද කරන්න පුළුවන් කියලා. ඒකට නිශ්චිත වෙලාවක් වගේම වයසකුත් තියෙනවා. මටත් සිද්ධ වුණේ ඒ ටිකම තමයි. ඉතින් මම තීරණය කළා නෙට්බෝල් ක්‍රීඩාවට යොමුවෙන්න. මොකද මට හිතුනේම මේ ක්‍රීඩාවෙන් මට මොනවහරි ශිෂ්‍යත්වයක් වගේ දේකට අවස්ථාවක් ලැබේවි කියලයි.‘

නමුත් මේරිගේ සිහිනය එහෙම පිටින්ම ඛේදවාචකයක් බවට පත්වූයේ උසස් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියදීම ඇය ගැබ් ගැනීම නිසාය. නෙට්බෝල් ක්‍රීඩාව අතහැර දමන්නට ඇයට එල්ලවූ බලපැම්වල නිමාවක් නැති විය. නමුත් අවසානයේ මෙලොවට පැමිණි ඇගේ සුරතල් පුතු යසෝන් වෙනුවෙන් කුමක් හෝ කරන්නට නම් තමා තව දුරටත් නෙට්බොල් ක්‍රීඩාවෙන් ඉදිරියට යා යුතු බව ඇය අවබෝධ කරගත්තාය.

මේරි සිය දරුවා සමග…

‘අවුරුදු 20දි දරුවෙක් එක්ක….ඒක හරි අසීරු කාලපරිච්ඡේදයක් වුණා. මට අනාගතය ගැන හිතලා වැදගත් තීරණයක් ගන්න සිද්ධ වුණා. අම්මා කෙනෙක් හැටියට ලොකු වගකීමක් තියෙන බව මම දැනගෙන හිටියා. ඒත් පුතාගේ අනාගතය සාර්ථක කරගන්න ඊට වඩා දෙයක් කරන්න වේවි කියලත් දැනුණා.‘

‘සමහරු කියන්න ගත්තේ අනේ ඔයා පුතා ළඟම ඉන්න. ඔයාට පුතාව ආදරයෙන් රැක බලාගෙන ගෙදරටම වෙලා ඉන්න වේවි‘ වගේ කතන්දර ගොඩක්. ඒත් මම ගෙදර හිටියොත්, මම මගේ උපාධිය සම්පූර්ණ නොකොළත්, මගේ නෙට්බෝල් ජිවිතය නැවත්තුවොත්, මම මොනවද කවදාහරි දවසක මගේ පුතාට පෙන්වන්නේ.?

අවසානයේදී ඇය තීරණයක් ගත්තාය. තම පුතු මවට බාර දී ඕ එංගලන්තයට ගියාය. වසර 2018දී ඇය එංගලන්තයේ නෙට්බෝල් සුපර්ලීග් තරගාවලියේදී ‘ලෆ්බ්‍රෝ ලයිට්නිං‘ කණ්ඩායම නියෝජනය කළා පමණක් නොව ඒ වසරේදි ලෆ්බ්‍රෝ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික කළමනාකරණ උපාධිය හැදැරීමට ද පටන් ගත්තාය.
ලෆ්බ්‍රෝ පිලට ක්‍රීඩා කළ පළමු තරග වාරයේදීම වැඩිම ගෝල් සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩිකාව බවට පත්වූ මේරි පසුගිය වසරේදී උගන්ඩාව නියෝජනය කරමින් සිය පළමු නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට වාසනාවන්ත වූවාය.

මේ වසරේදී කොවිඩ් වසංගතය හේතුවෙන් එංගලන්ත නෙට්බෝල් සුපර්ලීග් තරගාවලිය සති හතරකට සීමාවූ අතර, තමාට ද වෛරසය වැලඳී ඇතැයි සැක කළ ඇය යළි උගන්ඩාව බලා යෑමේ අදහස අත්හැර දැමුවාය. ඒ අනුව ඇය තම පුතා නොදැක මාස 18ක්ම ගතවී තිබේ.

‘ඒක ගොඩාක් හැඟුම්බරයි. ඒත් කොවිඩ් වසංගතය නිසා මොකුත්ම කරන්නත් බෑ. දේශසීමා වහන්න කළින් මට උගන්ඩාවට යන්න තිබුණා. නමුත් මම බයෙන් හිටියේ මටත් කොවිඩ් වෛරසය වැලඳිලා ඇති කියලා. හැමෝටම ඒ වගේ බයක් තිබුණනේ. ‘

නමුත් කොවිඩ් වසංගතයට සිරවී සිටි කාලය ඇය නාස්ති නොකළාය. කුඩා වියේ සිටම ඇයට තිබූ බයිසිකල් පැදීමේ භීතිය ඇය අත්හැර ගත්තේ එකදිගටම දිනපතා උදෑසන මාවත් පුරා බයිසිකල් පැදීමෙනි. ඉන් නොනැවතී ඇය ගිටාරය වැයීමට පුහුණු වූවාය. අන්තර්ජාලය මගින් තම රටෙහි මෙන්ම සෙසු රටවල නෙට්බෝල් මිතුරියන් දිරිගැන්වීමට දේශනා පවත්වමින් සිටින්නීය.

‘මගේ ජිවිතයේ මම අත්කර ගත් හැමදේම මගේ දාඩිය මහන්සියෙන් ලැබු ඒවා. හැම ගැහැනියකුටම ඒක කරන්න පුළුවනි. ඕන වෙන්නේ අධිෂ්ඨානයයි කැපවීමයි.‘ මේරි හැමෝටම එසේ කියන්නීය.


Tags: නවතම
Share69Tweet43
Previous Post

පෑලියගොඩ කොවිඩ් සමග මාළු පරිභෝජනය පහළ වැටේ.

Next Post

උවදුරු සමයක දේශසීමාව සාක්ෂියක් කරගත් අපූරු විවාහය…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.