බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උවදුරු සමයක දේශසීමාව සාක්ෂියක් කරගත් අපූරු විවාහය…

by editor
ඔක්තෝබර් 23, 2020
in පුවත්
created by dji camera

created by dji camera

Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි-

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටරටවල් අතර ගමනාගමනය අඩාල වී තිබෙන මොහොතක විවාහ උත්සවයක් සදහා විදෙස් නෑදෑ හිතවතුන්ගෙ පැමිණීම අසීරු කටයුත්තකි. නමුත් කැනේඩියානු ජාතික ලින්ඩ්සේ ක්ලොව්ස් සහ ඇලෙක්ස් ලෙකී නැමැති යුවල එයට විසඳුමක් සොයාගෙන තිබිණ.

ඇලෙක්ස් සහ ලින්ඩ්සේ දෙදෙනාම 29 හැවිරිදි වියේ පසුවන්නෝය. වසර හයක පෙම් සබඳතාවකින් පසු ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගත්තේ 2019 නොවැම්බර් මාසයේදීය. විවාහය සිදුවීමට නියමිතව තිබුණේ පහුගිය අගෝස්තු මාසයේදී වුවත් කොවිඩ්-19 වසංගතය නිසා පාසල්, ව්‍යාපාරික ස්ථාන, හෝටල් පමණක් නොව දේශසීමාද වසා දමන්නට විය. නමුත් එම වාරණවල අවසානයක් නිශ්චිතව කිව නොහැකි බැවින් තව දුරටත් විවාහය කල්දැමීම තේරුමක් නැති බව ඔවුහු වටහා ගත්හ.



නමුත් විවාහය සදහා ඇමෙරිකාවේ හිතවතුන්ට සහභාගි වීමට නොහැකි වීම ගැටලුවක් විය. මාස හයකට වැඩි කාලයක් පුරා දෙරට අතර ගමනාගමනය තහනම් කර තිබීම ගැටලුවට හේතුවය. ඊට විසඳුමක් වශයෙන් ලින්ඩ්සේ හා ඇලෙක්ස් තීරණය කලේ ඔවුන්ගේ විවාහ උත්සවය දෙරටේම නෑදෑ හිතවතුන්ට සහභාගි විය හැකි පරිදි කැනඩා – ඇමෙරිකා දේශ සීමාවේදී පැවැත්වීමටයි.

ඔක්තෝම්බර් 10 වෙනිදා ඇමෙරිකාවත් කැනඩාවත් වෙන් කෙරෙන සෙන්ට් ක්‍රොයික්ස් නදියේ මැදට වන්නට ලීයෙන් තනවා ඇති පාවෙන ඵලකයක් මත ඔවුන්ගේ විවාහය පැවැත්වුණි. චාම් හා සරල ආකාරයට නෑදෑ හිතවතුන් මධ්‍යයේ වූ විවාහය බොහෝ දෙනාගෙ අවධානයට ලක්විය. පවුල් දෙකේ සමහරෙක් බෝට්ටු මත ද තවත් සමහරෙක් ඵලකය මත ද සිටිමින් විවාහයට මෙතෙක් නොවූ විරූ අපූර්වත්වයක් එක් කරන්නට වූහ.

කොරෝනා තත්වය හේතුවෙන් කැනඩාවෙන් 50 දෙනෙකුට සහ ඇමෙරිකාවෙන් 15 දෙනෙකුට වඩා සහභාගි නොවන සේ විවාහ උත්සවය සංවිධානය කරන්නට විවාපත් යුවල සමත් වී තිබූ අතර සහභාගි වූවන් සියල්ලෝ කොරෝනා මර්දන නීතිරීතිවලට අනුකූලව මාස්ක් පැළදීමටත් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමටත් වගබලාගෙන තිබුණි.

|

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ලේඩි බොස් කෙනෙක් වෙන්න කැමැති නැද්ද ?. උගන්ඩා නෙට්බෝල් රැජන අසයි..

Next Post

කොවිඩ් ආසාදිත තරුණයෙක කොස්ගොඩ රෝහලකින් පැන යයි.

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.