සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මුල් කාර්තුවේ ගෞරවය ඔවුන්ට දෙන්න…

by editor
මාර්තු 13, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බංගලාදේශ ශ්‍රී ලංකා එක් දින තරගාවලිය ආරම්භ වී තිබේ. මුල් අර්ධය අවසන්ය.  කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම චිටොග්‍රෑම්හි තණතීරුවේ මුලින්ම පන්දුවට පහරදීම තෝරා ඕවර 50 ක්‍රීඩා නොකර දැවී ගොස් ඇත. පන්දු ඕවර 48.5 තුළ සියල්ලෝ දැවී ගියහ.

චරිත් අසලංකව දවා ගත් මෙහිඩි හසන් මිරාස්…

තරගයේ මුල් කාර්තුවේ පූර්ණ ගෞරවය බංගාලාදේශ කණ්ඩායමට බව කිව යුතුය. පිටියේ පන්දු රැකීම මෙන්ම නිලකුණු පන්දු ඕවර සහිතව මනා පාලනයකින් පන්දු යැවීමත් බංගලාදේශ කණ්ඩායමින් බලාපොරොත්තු විය නොහැකි තරම් පිටියේ සංයමත් ප්‍රකට වූ බව ලියා තැබිය යුතුය.

මේ තණ තීරුවේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම ලද ලකුණු ප්‍රමාණය කොට බව අන්ත්ර්ජාතික විචාරකයෝ පෙන්වා දෙති.  ශ්‍රී ලංකාවට මේ ඕවර 50 ක්‍රීඩා කිරිම සඳහා තව එක් සම්බන්ධතාවයක් ගොඩනැගිය යුතු විය. ඒ වගකීම ඒ වනවිටත් පිටියෙ රැඳී සිටි ජනිත් ලියනගේ සමග වනිඳු හසරංගට සම්පූර්ණ කිරීමට  ඉඩකඩ තිබිණි. හයේ පහරක් සහ හතරේ පහරක් ගසා ලකුණු 13කට වනිඳු හසරංග දැවී ගිය ආකාරය සම්බන්ධව  ක්‍රිකට් බලන අපට ඇතිවන්නේ කණගාටුවකි.  වනිඳු හසරංග කණ්ඩායමේ ඉන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස නම් ඒ වගකීම කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ යුතු අවස්ථාවේ ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ වෘත්තීය පරිණතියකි.

කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ…

කෙසේ වෙතත් වනිඳු හසරංගගෙන් පසු ලකුණු 13ක් තුළ අග පෙළ දවා ගන්නට බංගලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

ආරම්භක පිතිකරුවන්වන පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  පළමු කඩුල්ල ලෙස දැවී යන්නේ ලකුණු 33ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දුය. ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහරක් එල්ල කළේය.  මුළු ලකුණු සංඛ්‍යාව 72 දී ලකුණු 36කට පැතුම් නිශ්ශංක දැවී ගියේය. ඔහුත් හතරේ පහර 5කි. හයේ පහර 1කි. ආරම්භක පිතිකරුවන් යුවල නිරායාශයෙන් ලකුණු රැස් කළ බව පෙනුණි.  පිටත පිටිය ඉතාම වේගවත් විය. පන්දුව තියුණු ලෙස හතරේ සීමාව ඉක්මවා ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනිත් ලියනගේ…

එහෙත් සධීර සමරවික්‍රමට වෙනදා කළ වික්‍රමය කළ නොහැකි වූයේය. ඔහු ලකුණු 3කි. චරිත් අසලංක මෙහිදි හසන් මිරාස් එවූ පන්දුවකට සිය පා ඉන්න ගලවාගෙන ලකුණු 18කට දැවී ගියේය.  තරගයේ මනරම්ම සම්බන්ධතාවය ගොනැගෙන්නේ කුසල් මෙන්ඩිස් සහ මැද පෙළ යොවුන් පිතිකරු ජනිත් ලියනගේ අතරය. ලකුණු 68ක සම්බන්ධතාවයක් ඔවුන් දෙපල අතර ඇතිවන්නේය. කුසල් මෙන්ඩිස් ලකුණු 57කට දැවී ගොස් අනෙක් අන්තයෙනක් පෙරහර යනවාක් සේ කඩුළු වැටෙන විට ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරන්නට ගිය ජනිත් ලියනගේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට ප්‍රවීන කඩුළු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහ්මාන්ට උඩ පන්දුවක් දී දැවී යන්නේය.

ජයග්‍රහණය සඳහා වැඩි බරක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව අන්තර්ජාතික විචාරකයන්ගේ තක්සේරුවය  මේ වනවිට බංගලාදේශ ඉනිම ආරම්භ වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැන් පොත් ලියලා මොකට ද? ගෝඨා පන්නපු සමහර කුමන්ත්‍රණකරුවො ඉන්නේ රාජපක්ෂ පවුලේ… මැදගොඩ අබයතිස්ස හිමියෝ කියති!

Next Post

ජාතික පාසල් පළාත් පාසල් බෙදීම වෙනුවට  එකම තලයක පාසල් පද්ධතියක් හදන්න  අධ්‍යාපන ඇමති සූදානම්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.