සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මනරම් තරගයක්… ලකුණු සම වෙයි… ඒත් ඔස්ට්‍රේලියාව දිනුම්!

by editor
පෙබරවාරි 13, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

විස්සයි 20 තරගයක දී ලැබිය යුතු අපූර්වම ආශ්වාදය සහිතව ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන විස්සයි විස්ස තරගය නිමාවට පත් වූයේය.   තරගයේ ලකුණු සම විය. ඔස්ට්‍රේලියාව සපිරි පන්දු ඕවරයේ දී ජයග්‍රහණය වාර්තා කළේය. දැන් තරගාවලියේ ඔවුන් ඉන්නේ 2-0 ලෙස ඉදිරියෙනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම තේරුවේය. ඔස්‍ට්‍රේලියාවෙන් ලකුණු 164ක ඉලක්කයක් ලැබිණි. ලකුණු 164ට ඔස්ට්‍රේලියා කඩුළු 06ක් දැවී ගියේය.

පන්දුවට  පහර දීමට පැමිණියේ පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලකය. ධනුෂ්ක ගුණතිලක යළිත් අසාර්ථක විය. පළමු පන්දුවේ දීම ලකුණු නොලබා දැවී ගියේය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05කටත්, බලාපොරොත්තු සහගත පිතිකරු චරිත් අසලංක ලකුණු නොලබාත් දැවී ගියේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

දිනේශ් චන්දිමාල් ලකුණු 19ක් ලැබුවේය. මේ මහා බිඳවැටීම අභියස විශාල පහුරක් වූයේ පැතුම් නිශ්ශංකය.  පැතුම් නම් කලකට අමතක නොවන අමරණීය ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු පන්දු පනස්  තුනක් දී ලකුණු 73ක් ලබා ගත්තේය. දසුන් ශානක පන්දු 19ක දී ලකුණු 34ක් ලබා සිටිනවිට දැවී නොයන්නට තරගය වෙනස්ම වන්නට ඉඩ තිබිණි. දසුන් හයේ පහර තුනක් සහ හතරේ පහර දෙක්ක තම ලකුණු 34ට එක් කළේය.  පැතුම් සහ දසුන් අතර හතරවැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැගිනි.

චාමික කරුණාරත්න ලකුණු නොලබා දැවී යනවිට, එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි පැතුම්ට වනිඳු හසරංග එක් වූයේය. වනිඳු සහ පැතුම්   යම් බලාපොරොත්තු සහගත තැනකට තරගය රැගෙන එනු පෙනුනත් වනිඳු ලකුණු 13කට දැවී ගියේය. පැතුම් අටවන කඩුල්ල ලෙස දැවී යනවිට ලකුණු සංඛ්‍යාව 153කි.  ඒ 19වන ඕවරයේ තුන්වන පන්දුවේ දීය. ජයග්‍රහණය සඳහා පන්දු තුනක දී ලකුණු 12ක් ලබා ගත යුතු විය.

පැතුම් දැවීයන විට පිටියට පැමිණියේ මහීෂ් තීක්ෂණය. මහීෂ් තමන් මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළේය. පන්දු දෙකක දී ජයග්‍රහණය සඳහා ලකුණු 6ක ඉලක්කයක් තිබිණි. පස්වන පන්දුවේ දී එක් ලකුණක් පමණක් ලබාගෙන මහීෂ් පැති මාරු කරගත්තේය. අවසාන පන්දුවට දුෂ්මන්ත චමීර හතරේ පහරක් එල්ල කළේය.  තරගයේ ලකුණු සංඛ්‍යාව සම විය.

ඔස්ට්‍රෙිලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොෂ් හසිවුඩ් පන්දු ඕවර 04ක දී ලකුණු 22කට කඩුලු 03ක් බිඳ හෙළුවේය. පැට් කොමින්, මාර්කස් ස්ටොනික්, කේන් රිචඩ්සන්,  සහ ඇඩම් සම්පා එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් ඉන්ගිස් පන්දු 32ක දී හතරේ පහර පහක් සහිතව වේගවත් ලකුණු 48ක් වාර්තා කළේය. නායක ආරොන් ෆින්ච් පන්දු 20ක දී ලකුණු 25ක් රැස් කළේය.

නුවන් තුෂාර අද සිය මුල්ම ජාත්‍යාන්තර ක්‍රිකට් අත්දැකීම ලැබුවේය. පන්දු යැවීමේ දී  පන්දු ඕවර හතරම යැවූ දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩුලු 2ක්, වනිඳු හසරංග ලකුණු 33ට කඩුළු 2ක්,  මහේෂ් තීක්ෂණ ලකුණු 31ට කඩුල්ලක් සහ නුවන් තුෂාර ලකුණු 40ට කඩුල්ලක් බිඳ හෙළුවේය.

තරගයේ ලකුණු සමවීම නිසා සුපිරි ඕවරය ක්‍රීඩා කළ යුතු විය.

සුපරි ඕවරයේ පන්දුවට මුලින්ම පහරදීමට පැමිණියේ දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල්ය. දසුන්ට පළමු පන්දු තුනම පන්දුව පිත්තේ වද්දා ගන්නට ජොෂ් හසල්වුඩ් ඉඩ දුන්නේ නැත. සුපිරි ඕවරයේ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තා කළේ ලකුණු 5කි.

ග්ලෙන් මැක්වෙල් සහ මාකස් ස්ටොනිස්  සුපිරි ඕවරය ක්‍රීඩා කිරීමට පැමිණියහ. පන්දු යැව්වේ වනිඳු හසරංගය. පළමු පන්දුවේ දී එක් ලකුණක් ද දෙවැනි සහ තෙවැනි පන්දු දෙකේ දී හතරේ පහර දෙක්ක ද එල්ල විනි.

තරගය සුපිරි ඕවරයේ දී ඔස්ට්‍රේලියාව අතට පත් විය.

මේ වනවිට තරගාවලියේ 2-0 ලෙස ඔස්ට්‍රේලියාව සිටින්නේ ඉදිරියෙනි.

Share69Tweet43
Previous Post

දැලිවල කොටවෙහෙරේදී ලෝක උරුමයක් කොල්ල කෑ හොරු ගැන තොරතුරු නෑ… පොලිසිය ජනතා සහය පතයි!

Next Post

EPF සහ ETF එකට නම් අත තියන්න එපා… රටේ  වැඩකරන හැම මිනිහෙක්ම  පෙළ ගස්වනවා! NPP

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.