බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංග්ලාදේශය 2026 විස්සයි-20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවේ සංචාරය අවසන් වරටත් ප්‍රතික්ෂේප කරයි!

තීරණය ගන්නට පෙර ක්‍රීඩකයින්ගේ කැමැත්ත විමසා නැහැ.... රැස් වී තිබෙන්නේ රජයේ තීරණය දැනුම් දෙන්න...

by editor
ජනවාරි 23, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

විස්සයි-20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට තමන් කිසිසේත්ම සූදානම් නැති බව තරයේ ප්‍රකාශ කරමින්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය  මෙම ගැටලුව ICC හි ආරවුල් නිරාකරණ කමිටුව (Dispute Resolution Committee) වෙත යොමු කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) ලිඛිතව දන්වා ඇත.

බංග්ලාදේශයේ මෙම ඉල්ලීම ආරවුල් නිරාකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තරම් සාධාරණ හේතු පවතින්නේ දැයි ICC ය නීතිමය වශයෙන් පරීක්ෂා කරමින් සිටින අතර, ඒ පිළිබඳ අවසන් තීරණය ඉක්මනින්ම ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ICC පාලක මණ්ඩලය දැනටමත් විස්සයි-20 ලෝක කුසලානයේ මුල් කාලසටහන කිසිදු වෙනසකට ලක් නොකිරීමට ඡන්දය ප්‍රකාශ කර ඇත. ආරංචි මාර්ග සඳහන් කරන්නේ පවතින කාලසටහනේ කිසිදු වෙනසක් සිදු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කිසිදු  සූදානම් නැති බවත්, ඒ අනුව බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය තරඟාවලියට එක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්ය.

ICC සභාපති ජේ ශා (Jay Shah) දැනට ඩුබායි හි රැඳී සිටින අතර බංග්ලාදේශයේ සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණය අද සවස් වන විට තීන්දු වනු ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශය මෙම කරුණ ආරවුල් නිරාකරණ කමිටුව වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටියද, වරක් ICC පාලක මණ්ඩලය තීරණයක් ගත් පසු එය අනෙකුත් සෑම කමිටුවකටම බලපාන අවසන් තීරණය බවට පත්වේ.

මෙම අවස්ථාවේදී ICC ය තීරණය කර ඇත්තේ, බංග්ලාදේශය ඉන්දියාවට පැමිණීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමටයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

වික්‍රාන්ත් ගුප්තා (@vikrantgupta73) සිය X ගිනුමේ මේ සම්බන්ධව පල කර ඇති ප්‍රකාශයක් ඉන්දියා ටුඩේ වාර්තා කර ඇත. එම ප්‍රකාශයේ සිංහල අනුවාදය මෙසේය.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අවසන් උත්සාහය ලෙස ICC ආරවුල් නිරාකරණ කමිටුව වෙත ලිඛිතව දන්වා ඇති අතර, ICC ප්‍රධානී ජේ ශා අද දිනයේදීම අවසන් තීරණය ගැනීම සඳහා ඩුබායි මූලස්ථානයට පැමිණ සිටියි.

වැදගත්: වරක් ICC පාලක මණ්ඩලය තීරණයක් ගත් පසු එය සෑම කමිටුවකටම අනිවාර්ය වේ. විවාද නිරාකරණ කමිටුවේ කාර්යභාරය වන්නේ පාර්ශවයන් අතර ඇති ගිවිසුම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීම වන අතර, මෙම සිදුවීමේදී කිසිදු ගිවිසුමක් උල්ලංඝනය වී නොමැති බව ICC යේ මතයයි.

ආරවුල් නිරාකරණ කමිටුව (DRC) යනු කුමක්ද?

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ගැටලු විසඳීම සඳහා මෙම කමිටුව ක්‍රියා කරයි. අභ්‍යන්තර යාන්ත්‍රණයන් මගින් ගැටලුවක් විසඳීමට නොහැකි වූ විට ICC යට, සාමාජික මණ්ඩලවලට, ක්‍රීඩකයන්ට හෝ නිලධාරීන්ට මෙම කමිටුවේ සහාය පැතිය හැකිය. කමිටුවේ කාර්යභාරය වන්නේ අභියාචනා වලට සවන් දීම නොව, ICC තීරණ, රෙගුලාසි සහ ගිවිසුම්වල නීත්‍යානුකූලභාවය සහ අර්ථ නිරූපණය ඇගයීමයි.

වර්ජනයට හේතුව

ඉන්දියාවේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් 2026 විස්සයි-20 ලෝක කුසලානය වර්ජනය කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තීරණය කළේ ජනවාරි 22 බ්‍රහස්පතින්දා ක්‍රීඩකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ ක්‍රීඩා කිරීම පිළිබඳ ස්ථාවරය දැනුම් දීමට ICC ය ලබා දුන් එක් දින සහන කාලය අවසානයේ මෙම තීරණය ගෙන ඇත.

ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව පවතින ගැටලුවලට නිසි විසඳුම් ලැබී නොමැති බව බංගලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි. බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල්   පැවසුවේ තම ආරක්ෂක ගැටලු උපකල්පන මත පදනම් වූ ඒවා නොවන බවයි.

තීරණයට පෙර ක්‍රීඩකයින්ගේ කැමැත්ත විමසුවේ ද?

කෙසේ වෙතත්  සත්‍යාපනය කළ පුවත් වාර්තා සහ විශ්ලේෂණ අනුව, මෙම තීරණය ගැනීමේදී ක්‍රීඩකයින්ගේ සැබෑ කැමැත්ත විමසා නැති බවට ඉතා පැහැදිලි තොරතුරු අනාවරණය වී ඇති ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Cricbuzz සහ India Today වැනි ප්‍රධාන ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ කැඳවා තිබී ඇත්තේ   “දැනුම් දීමේ” රැස්වීමක් මිස “කැමැත්ත විමසීමේ” රැස්වීමක් නොවන බවය. ලෝක කුසලානය වර්ජනය කිරීමේ තීරණය ක්‍රීඩකයින්ගේ කැමැත්ත මත ගත් එකක් නොවන ආකාරයත්  එය බහුතරයක් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කිරීමේ අභිලාෂයට පටහැනිව ගත් දේශපාලනික සහ පරිපාලනමය තීරණයක් බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.

රැස්වීමට සහභාගී වූ ක්‍රීඩකයෙකු (නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත) පවසා ඇත්තේ  “අපේ කැමැත්ත විමසීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන් රැස්වීමට එන්න කලින්ම තීරණය අරන් තිබුණේ. ඔවුන් කළේ ඒ සැලසුම අපිට කෙලින්ම කියපු එක විතරයි.” ලෙසය.

එමෙන්ම මෙහිදි බංගලාදේශ විස්සයි 20 ක්‍ නායකයන්ගේ ස්ථාවරය ප්‍රතික්ෂේප වී තිබේ.  වාර්තාවලට අනුව, විස්සයි-20 නායක ලිටන් දාස් සහ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් ශාන්තෝ එහිදී අදහස් දක්වා ඇත. ඕනෑම අභියෝගයක් හමුවේ ලෝක කුසලානයට සහභාගී වීමට කණ්ඩායම සූදානම් බවත් ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවත් ඔවුන් එහිදී අවධාරණය කර තිබේ. නමුත් බලධාරීන් එම අදහස්වලට වඩා රජයේ තීරණය සහ ආරක්ෂක අවදානම ඉහළින් සලකා ඇති බව වාර්තා වේ.

මේ රැස්වීමේ දී බංග්ලාදේශ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල්   පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ මෙය “රජයේ තීරණයක්” (Government Decision) බැවින් එය වෙනත් පාර්ශවයකට එය වෙනස් කළ නොහැකි බවය. ක්‍රීඩකයින්ට මෙම තත්ත්වය “තේරුම් ගැනීමට” සිදුව ඇති බවත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් රජයේ ස්ථාවරය වී ඇත.

කෙසේ වෙතත් පෙර සිටම    මෙම තීරණයට බංග්ලාදේශ ක්‍රීඩකයින් සහ පාලක මණ්ඩලය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් පැවතිණි. විශේෂයෙන්ම බී.පී.එල් (BPL) තරඟාවලිය වර්ජනය කිරීමට පවා ක්‍රීඩකයින් මීට පෙර පියවර ගෙන තිබුණේ ක්‍රීඩකයින්ගේ  මෙම ස්ථාවරය හේතුවෙන් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ක්‍රීඩකයින්ට අපහාස වන අයුරින් කළ ප්‍රකාශ නිසාය.

කෙසේ වෙතත් දැන් පෙළ ගැසී ඇති තත්ත්වය තුළ බංගලාදේශය ලෝක කුසලානයෙන් විසිවන සියලුම ලකුණු පහළ වෙමින් ඇත. ලෝක ක්‍රිකට් ප්‍රජාව දකින්නේ මේ සිදුවෙමින් ඇත්තේ ක්‍රීඩාව තුළ සිදුනොවිය යුත්තක් බවය.

තීරණය එය නම් පකිස්ථානය ගනු ඇත්තේ කුමණ තීරණයක් ද?. ලෝකය විමසිලිමත්ව සිටී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 අගමැති – විපක්ෂ නායක  එකඟතාවෙයන් ව්‍යවස්ථාදායක සභා සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා නම් කෙරේ!

Next Post

කිලෝ 270කට වැඩි හෙරොයින් සහ අයිස් සහිත බහුදින ධීවර යාත්‍රා දෙකක්  දකුණු  මුහුදු තීරයේ දී   අත් අඩංගුවට…!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.