සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංගලාදේශ කණ්ඩායමට ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක්…

by editor
සැප්තැම්බර් 9, 2023
in ක්‍රීඩා
ඉනිම ගොඩනැගූ සධීර....

ඉනිම ගොඩනැගූ සධීර....

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දු ඕවර 50 අවසානයේ දී කඩුළු 09ක් දැවී ලකුණු 257කි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පරහරදීමට ආරාධනා කළේය.

සධීර සමරවික්‍රම අවසන් පන්දුවේ හතරේ සීමාව ඉක්මවා යන්නට පහරක් එල්ල කිරීමේ ඉලක්කය යන්තමින් වැරදී ගොස් දැවී යන විට ඔහු පන්දු 72ක් තුළ ලකුණු 93ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ඉනිම මුලුමනින්ම කේන්ද්‍ර වූයේ සධීරගේ විශ්වාසනීය වර්නවත් පිතිරණය වටයා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක  හොඳ ආරම්භයක් ලබා දෙනු ඇතියි විශ්වාස කළ ද  දිමුත් ලකුණු 18කට දැවී ගියේය. ඊට හතරේ පහර 03ක් ඇතුළත් විය. දිමුත් දැවී යනවිට මුළු  ලකුණු ගණන 34කි.

ඉන් අනතුරුව පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් අතර ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේය.  කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලැබුවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කුසල් මෙන්ඩිස්…

දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 40කට පැතුම් නිශ්ශංක දැවී ගියත් ඔහු විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නේය. නමුත් කුසල් මෙන්ඩිස් අද ලබා ගත්තේ වාසනාවත් සමග පැමිණි ලකුණු 50කි. ඔහු ලබා දුන් උඩපන්දු දෙකක් බංගලාදේශ ක්‍රීඩකයන් අතින් ගිලිහී ගියේය.

චරිත් අසලංකට මෙන්ම ධනංජයද සිල්වා ද පිත්ත හැසිරවූයේ විශ්වාසයකින් තොරවය.  චරිත් ලකුණු 10කටත්, ධනංජය ලකුනු 06කටත් දැවී ගියේය.

නායක දසුන් ශානක ලකුනු 24ක් ලබාගෙන දැවී ගියේ සුපුරුදු පිතිකරණ රිද්මයේ අහලකටවත් නොපැමිණය. ඔහු ලකුණු 24ක් පන්දු 32ක දි ලබා ගත්තේය. ඉතාම දුර්වල  ලෙස රිවස් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් පිටතින් යන පන්දුවක් ඔහු කඩුල්ල තුළට දමාගෙන දැවී ගියේය.

මේ ඉනිමේම කතා කරන්නට ඇත්තේ සධීරගේ පිතිකරණය ගැනය. එය ලංකාවට බලාපොරොත්තුවක් ඇති කරගතහැකි මියුරු සුබ ලකුණකි.

පන්දු යැවීමේ දි බංගලාදේශ පන්දු යවන්නන්ගේ වේගය ශ්‍රි ලංකා පිතිකරුවන් තිස්වනු ලැබුවේය.  ටස්කින් අහම්ඩ් මෙන්ම 23 හැවිරිදි හසාන් මහමුද් අවසන් මොහොත වෙනකම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පාලනය කරනු ලැබුවේය.

ටස්කින් අහමඩ්  ලකුණු 62ට කඩළු 03ක්, හසන් මහ්මුද් ලකුණු 57ට කඩුළු 03ක්, ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 48ට කඩුළු 02ක්, නසුම් අහමඩ් ලකුනු 31ට කඩුල්ලක් ලැබුවේය.

බංගලාදේශයට ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 කළුතර දිස්ත්‍රික්  හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සැමියාගේ  දූෂණ වහගන්න කළුතර ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක් බිරියට දන්න කියන සෞඛ්‍ය ලොක්කන් සේවා දිගුවක් දීලා…

Next Post

ගල්කිස්සේ මහල් නිවාසයෙන් ඇද වැටුණු තරුණිය මැරුණා ද…. මැරුවාද?.. පොලිසිය විශේෂ විමර්ශනයක….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.