සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පිටිය මැද ක්‍රිකට් මල ගෙයක් හදා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 20යි විස්ස තරගාවලිය නිම කරති…

by editor
ජූනි 26, 2021
in ක්‍රීඩා
Dawid-Malan

පන්දු 48ක දී ලකුණු 71ක් ලබා ගත් ඩේවිඩ් මාලන්ගේ පිති හරඹය

Share on FacebookShare on Twitter


ශ්‍රී ලංකා එංගලන්ත 20යි විස්ස තරගාවලියේ තුන්වන තරගයේදීත් ලකුණු 89ක නින්දා සහගත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) තරගාවලිය 3-0ක පරාජයක් ලබමින් නිමා කළේය.

අතිශය ග්‍රාම්‍ය ප්‍රාථමික පිතිකරණයක් සහිත ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙවරත් තරගය මල ගෙයක් බවට පත් කලහ.

මුලු තරගයම විහිලුවක් වී තිබිණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා එංගලන්ත කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කළේය. ඒ මනරම් තීරණයේ අරුමය පෙනුනේ එංගලන්තය වෙනුවෙන් පිතිකරණය ආරම්භ කළ ජොනි බයිස්ටොව් සහ ඩේවඩ් මාලන් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමෙනි. ජොනි පන්දු 43ක දී හතරේ පහර 5ක් සහ එක් 6 පරහක් සමග ලකුණු 51ක් රැස් කළේය. ඉසුරු උදානගේ එකම කඩුල්ල ලෙස එංගලන්තයේ පළමු කඩුල්ල වශයෙන් ජොනි බයිස්ටොව් ලකුණු 51ක් ලබා දැවී යනවිට ආරම්භක පිතිකරු යුවල පන්දු ඕවර 11.4ක් ක්‍රීඩා කර තිබිණි.

ඔහු සමග පිතිකරණය ආරම්භ කළ ඩේවඩ් මාලන් පන්දු ඕවර 18.3 තෙක් පිටියේ රැඳී සිටියේය. ඔහු පන්දු 48ක් තුළ මනරම් ලකුණු 76ක් රැස් කළේය. ඊට හතෙර් පහර 5ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය. ඩේවිඩ් මාලන්ගේ ප්‍රහාරක වේගය 158.33 සේ සටහන්ව තිබිණි. ඔහු දැවී යන්නේ තරගයේ 5වන කඩුල්ල ලෙසය.

මෙම වගකීම් සහිත පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ක්‍රීඩාව එපා කළහ. එංගලන්ත පිතිකරුවෝ පන්දු ඕවර 20 අවසානයේ දී ලකුණු 180ක් රැස් කළහ.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර පන්දු ඕවර 4ක දී ලකුණු 17කට කඩුළු 4ක් බිඳ හෙළීය. බිනුර ප්‍රනාන්දු පන්දු ඕවර 4ක දී ලකුණු 26ට එක් කඩුල්ලක් ද ඉසුරු උදාන පන්දු ඕවර 4ට ලකුණු 55ක් ලබා දුන් පසු එක් කඩුල්ලක් ද ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගත්තේ 8වන කඩුල්ල ලෙස පිටියට පැමිණි පන්දු යවන බිනුර ප්‍රනාන්දුය. ඔහු පන්දු 14ක දී ලකුණු 20ක් ලබා ගත්තේය.

ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 27ක දී ලකුණු 19ක් ලබා ගත්තේය.

අනෙක් එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 11 සීමාව ඉක්මවූයේ නැත. ආරම්භක පිතිකරුවන්වන ධනුෂ්ක ගුණතිලක ලකුණු 4කටත් නායක කුසල් පෙරේරා ලකුණු 03කටත් දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 06කි. අල්ට්‍රා එජ් තාක්ෂණය තිබෙන තරගයක මුළු ලෝකයටම දැවී යෑම පෙනෙද්දී තෙවැනි විනිසුරු විමසමින් කළ විගඩමින් පසු ඔහු පිටියෙන් නික්ම ගියේය. නිරෝෂන් දික්වැල්ල පන්දු 19ක් පන්දුව සමග ඇඹරෙමින් සිට ලකුණු 11ක් ලබා ගත්තේය. දසුන් ශානක ලකුණු 07ක් ලබා ගැනීමට පන්දු 15ක් වැය කළේය. වනිඳු හසරංග පන්දු 8ක් වැය කර ලබා ගත්තේ එක් ලකුණකි.

ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.5කදී සියල්ල දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණි

20යි විස්ස තරගයක් ලකුණු 89කින් පැරදීමේ විලි ලජ්ජාව සමග ශ්‍රී ලංකා කණ්ඩායම 20යි විස්ස තරගාවලිය නිමා කළේය.

ක්‍රීඩාව සෙල්ලමක් නොවන බව යළිත් එංගලන්තය අපට බරපතල ලෙස කියා දී තිබුණේය.





RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිට්රෝ වංචනික සිලින්ඩරය තවමත් වෙළෙඳපොළේ – නියම සිලින්ඩරය සපයන්නේ අඩුවෙන්

Next Post

සීෂෙල්ස් මුහුදු සීමාවේ දී අත් අඩංගුවට ගත් ධීවරයින් බේරාගන්න ධීවර සංගම් එක් වෙයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.