බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථාන තරුණයෝ ඉන්දියාව පොළොවේ ගසති… ආසියානු 19න් පහළ ශූරතාවය පකිස්ථානයට… ඉන්දියාවට ලකුණු 191ක පරාජයක්!

by editor
දෙසැම්බර් 21, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පකිස්ථාන තරුණයෝ ඉන්දියානු අධිමානවාදී ක්‍රිකට් උඩඟුකම දෙකකුලින් ගෙන පොළොවේ ගැසූහ. ඒ අද (21) ඩුබායි හි ICC ඇකඩැමි ක්‍රීඩාංගනයේ පැවති 19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ  දී  ඉන්දියාවට අන්ත පරාජයක් අත් කර දෙමින් ලද ජයග්‍රහණයෙනි.

ලකුණු 347ක දැවැන්ත ඉලක්කයක් හඹා යන්නට ගිය ඉන්දියානු තරුණ ක්‍රීඩකයෝ පන්දු ඕව 26. 2ක් තුළ ලකුණු 156කට දැවී ගියහ. ඒ ලකුණු 191ක දැවැන්ත පරාජයක් හිමිකරගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනුවේ ඉන්දියානු කණ්ඩායමය. ඉන්දියානු නායක ආයුෂ් මහත්‍රේ  පන්දු රැකීම තේරුවේය. ඉන්දීය අභිලාෂය සුන් කිරීමට පකිස්ථාන අංක 02ක පිතිකරු සමීර් මින්හාස් කටයුතු කළේය. ඔහු ලකුණු 172ක් ලැබුවේය. ඉන්දීය තරුණ පන්දු යවන්නෝ එළොව පොල් දුටුවහ. සමීර් ගේ ලකුණු 172 ලබන්නේ පන්දු 113කිනි. හතරේ පහර 17කි. හයේ පහර 09කි.  අංක 03 පිතිකරු උස්මාන් ඛාන් ලකුණු 35ක්, අංක 04 ක්‍රීඩක අහමඩ් හුසේන් ලකුණු 56ක්,  ලැබූවේය.

සමීර් මින්හාස් ලකුණු 172යි…

ඉන්දියාවට ලැබුනේ මොනම පිතිකරණ කණ්ඩායමකටත් ජයග්‍රහණය පහසු නොවන ඉලක්යකි. එනම් ලකුණු 347කි. පන්දු ඕවර 50 අවසානයේ දී ලකුණු 347ක් කඩුළු 08ක් දැවී පකිස්ථානු පිතිකරුවො ලබාගෙන තිබිණි.

පන්දු යැවීමේ දී ඉන්දීය පන්දු යවන්නන්වන දීපේෂ් දේවේන්ද්‍රන් ලකුණු 83ට කඩුළු 03ක්, හෙනිල් පටෙල් ලකුණු 62ට කඩුළු 2ක්, ඛිලාන් පටෙල් ලකුණු 42ට කඩුළු 92ක්, කනිෂ්ක් චෞහාන් කඩුල්ලක් ලැබුවේය.

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දීය තරුණයින්ට උතුරු දකුණු මාරුවන පන්දු යැවීමක පකිස්ථාන තරුණායෝ නිරත වුහ.  ඉන්දීය තරුව වයිභාව් සූර්යවංශීය. ඉන්දීය කොල්ලා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නේ ගැම්මෙනි.  ඉන්දියාවේ නැගීගෙන එන කණ්ඩායම පමණක් නොව පසුගිය වසරේ සූර්යවංශී ලෝකයේ හොඳම විස්සයි 20 අන්තර්ජාතික අත්දැකීමක්වන අයිපීඑල් වරම් ලැබුවේය. ක්‍රීඩා කළේය. සූර්යවංශී ඉනිම ආරම්භ කරන්නේ කරටි කැඩෙන ප්‍රහාරයකිනි. හයේ පහර 3කි. හතරේ පහර එකකි. පන්දු 09ක දී ලකුණු 26කි. එහෙත් තමන් මුහුණ දුන් 10 වැනි පන්දුවෙන් සූර්යවංශී දැවී ගියේය. ඒ කඩුළු රකින ක්‍රීඩක හම්සා සහූර් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. පන්දු යැව්වේ අලි රාසාය.

කණ්ඩායමේ වැඩිම ලකුණු ලැබුවේ අංක 10 පිතිකරු දීපේෂ් දේවේන්ද්‍රන්ය.  පහු පන්දු 16ක දී හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් සමග ලකුණු 36ක් ලැබුවේය. ඔහු නොවන්නට ඉන්දීය පරාජය සටහන් වන්නේ ලකුණු 200කට වඩා වැඩියෙනි. අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි. ඉනිමේ වැඩිම ලකුණු සහිත සම්බන්ධතාවයත් එයය.

සූර්යවංශීගේ නික්ම යෑමත් සමගම  ඉන්දී තරුණ කණ්ඩායම දුක හිතෙන ලෙස බිඳවැටුනේය. අනතුරුව කණ්ඩායමේ වැඩිම ලකුණු ගණන ලකුණු 19ක් විය. ඒ කණ්ඩායමේ අංක 08 ක්‍රීඩක ඛලින් පටෙල්ය.  නායක ආයුෂ් මහත්‍රී ලකුණු 02කි. ආරොන් ජොර්ජ් ලකුණු 16කි. විහාන් මල්හෝත්‍රා ලකුණු 07කි. වේඩන්ට් ට්‍රෙවිඩ් ලකුණු 09කි.  කඩුළු රකින ක්‍රීඩක අභිග්‍යාන් කණ්ඩු ලකුණු 13කි. කණිෂ් චෞහාන් ලකුණු 07කි. හෙනිල් පටෙල් ලකුණු 07කි.

පන්දු යැවීමේ දී  අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවන්නේ අලි රාසාය. ඔහු ලකුණු 42ට කඩුළු 04කි.  අබ්දුල් සුභාන් ලකුණු 14කට කඩුළු 02ක්, මොහොමඩ් සියාම් ලකුණු 38කට කඩුළු 02ක්, හුසාෆියා අසාන් ලකුණු 12කට කඩුලු 02ක්   ලැබුවේය.

පකිස්ථාන තරුණයින් ඉන්දියාවට කුඩු වෙන්නට ගසා ආසියානු කුසලානය පකිස්ථානයට ගෙන යන්නේ ආසියානු ක්‍රිකට් අනාගතය සම්බන්ධව සිතියම වෙනස් කරමිනි. එය ක්‍රිකට් ආනන්දයක් බව ලියා තැබිය යුතුව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙඩි වැදුණු වන අලියෙක් නිසා ගම් ගණනක් කැළඹිල්ලෙන්…

Next Post

පිච් එක මැද මරණය සලකුණු කර වෛරය යාවත්කාලීන කිරීම…

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.