සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

by editor
අප්‍රේල් 4, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන  විධායක කමිටු නිල කාලය පසුගිය පෙබරවාරි 20 දා නිමා වූ නිසා එම කමිටුව පවත්වාගෙන යෑම නීති විරෝධීබවට  නීතිපතිවරයා විසින් නිර්දේශ ලබා දී තිබිය දී  ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය මේ මස 05 දා දක්වා දීර්ඝ කීරීම සඳහා ක්‍රීඩා ඇමතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ පසු දාතම් කරමිනි. ඒ අනුව අප්‍රේල් 05 දා දක්වා වත්මන් ක්‍රිකට් පරිපාලනයේ බලය වලංගු බවත්  ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත් කරන ක්‍රිකට් පරිපාලන කමිටුව අප්‍රේල් 06 දා සිට බලාත්මක වන බවත් ඉන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් ක්‍රිකට් විධායක කමිටුවේ බලය පසුගිය බෙරවාරි මස 20 වැනිදායින් නිමා වන බව නීතිපතිවරයා පැහැදිලි කරන්නේ ක්‍රීඩා ඇමතිවරයා කළ විමසීමකට අනුවය.

ක්‍රිඩා ඇමතිවරයා එම විමසීම නීතිපතිවරයාගෙන් කරනු ලබන්නේ ක්‍රිකට් විධායක කමිටුවේ ධුර කාලය පෙරවාරි 20 දා නිමාවන බවත් එතැනිනන් පසු එම කමිටුව බලාත්මක නොවන බවත් දන්වා කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලිඛිතව දැනුම් දීමෙන් පසුය.  ඒ අනුව ක්‍රිකට් විධායක කමිටුව බල රහිත බව නීතිපතිවරයා පැහැදිලි කරන්නේ පෙරවාරි 20ට පසුව ක්‍රීඩා ඇමතිවරයා කළ  විමසීමට පිළිතුරු ලෙසය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉන් බරපත ප්‍රශ්නය මතුවූයේ  ශම්මි සිල්වාගේ සභාපතිවයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවටය. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාව විගණකාධිපතිවරයා වෙත යොමු කර තිබුණේ නීතිපති විසින් දැන්වූ ඔවුන්ගේ    ධුර කාලය නිමා වී දින 05කට පසුය.

මේ හේතුවෙන් වත්මන් ක්‍රීඩා පනතට අනුව ශම්මි ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව පූර්ණ ක්‍රිඩා තහනමකට ලක් වීමේ නීතිමය අවදානමකට මුහුණ දී සිටියේය. ඒ අනුව ඔවුන්ට ඉදිරි නිලවරණය සඳහාවත් සහභාගී වීමට නොහැකි වීමට නියමිත විය.

කෙසේ වෙතත් මේ වනවිට තත්වය සමහන් කර නීතිපතිවරයාගේ පැහැදිලි කිරමෙන් අනතුරුව ක්‍රීඩා ඇමතිවරයා විසින් පෙරවාරි 17දාට  පසු දාතම් කර නිකුත් කළ ගැසට් නිවේදනය ශම්මිගේ ක්‍රිකට් විධායක කමිටුව බේරා දීමට සමත් වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර අප්‍රේල් 06 දා සිට මැයි 20 නිලවරණය පවත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා පත් කෙරෙන  මහාචාර්ය අර්ජුන් ද සිල්වා ගේ සභාපතිත්වයෙන්, ඈෂ්ලි ද සිල්වාගේ ලේකම් ධූරයෙන් හා    සුජීව මුදලිගේ  භාණඩාගාරිකත්වයෙන් යුතු    ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ  අදාළ ධූර  දැරිමට ඔවුන් නුසුදුස්සන් බව වාර්තා වී තිබේ.

2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී තහනම් උත්තේජන ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතට අනුව  එහි සාමාජිකයෙක්වන මහාචාර්ය අර්ජුන් ද සිල්වාට  උක්ත තනතුර දරන්නට නොහැකි වීමත්, එම කමිටුවේ භාණ්ඩාගාරික ලෙස නම්කර ඇති සුජීව මුදලිගේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් විගණනය කරන ප්‍රයිස් වෝටර් හවුස් කූපර්  ප්‍රයිවට් ලිමිටඩ් හි සාමාජිකයෙක් වීමත්, ලේකම් ඈෂ්ලි ද සිල්වා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දරමින් වැටුප් ලැබීමත්  නිසා එම තනතුරු දැරීමට ඔවුන් නුසුදුස්සන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට මිනිමැරුම් චෝදනා එල්ල කළ යුතුයි!

Next Post

“හිටපු ජනපති ආයෙ ඡන්දය ඉල්ලන්න එන්නේ ඇඳුම් ඇඳගෙන ද?”

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.