බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

ලෝකයට විහිළු සපයමින් ක්‍රිකට් වළලන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්සලටන්ට් නාඩගම…

by editor
පෙබරවාරි 4, 2023
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayerපසුගිය වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ලෝබ කමක් නැතිව කන්සල්ටන්ට්ලා පත් කර ගත්තේය.

නිකම්ම නොව විශාල වැටුපක්ද ලබා දෙමින්‍ ය.

අලුත්ම පත්වීම කන්සල්ටන්ට්වරියකි.

ඒ සුසන්තිකා ජයසිංහය. සුසන්තිකා මෙරට බිහිවූ අග්‍රගන්‍ය මලල ක්‍රීඩිකාව බවට තර්කයක් නොමැත.

එහෙත් සුසන්තිකා දන්නා ක්‍රිකට් එකක් නම් නොමැති බව ඕනෑම පොඩි එකෙක් පවා දන්නා කරුණකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

සුසන්තිකා කොතරම් දක්ෂ මලල ක්‍රීඩිකාවක වුවත් මේ දක්වා මලල ක්‍රීඩාවේ උපදේශක තනතුරකට ඇය පත් කර ගැනීමට මලල ක්‍රීඩා බලධාරීන් කටයුතු නොකළෝය.

ඒ ඈ ගැන ඔවුන් හොඳින්ම දන්නා නිසා විය යුතුය.

වෙනකක් තබා ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍ර්‍රීඩිකාවන් එක්ව පිහිටුවා ගත් ඔලිම්පියන්ස් එකමුතුවේවත් එකම ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා නොමැත.

ඇය තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් උපදේශිකාවක ලෙස මාසික දීමනාවක් ලබයි. ඇයට ක්‍රිකට් ආයතනයෙන් මේ පත්වීම ලබා දී ඇත්තේ ඊට අමතරවය.

ලෝක කුසලානයකට යන කාන්තා කණ්ඩායමට නිත්‍ය පුහුණුකරුවකු පත් කර ගැනීමට අසමත් ක්‍රිකට් බලධාරීන් ඔවුන් ලෝක කුසලානට යාමට දිනක් තිබියදී සුසන්තිකා කණ්ඩායමේ උපදේශිකාවක ලෙස පත් කළේය.

හෂාන් තිලකරත්න කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත්වී බංග්ලාදේශ කාන්තා පිලේ පුහුණුකරු ලෙස ගොස් මාස ගණනක් ගත වුවත් තාමත් එම අඩුව පුරවා නැත.

ඒ වෙනුවට පැරණි මොඩලයේ වේග පන්දු පුහුණුකරුවකු වන හැමවිටම තාවකාලික පුහුණුකරු ලෙස පත් කරන රුමේෂ් රත්නායක ඉන්ටරීම් කෝච් ලෙස ලෝක කුසලානයට යවා ඇත.

සුසන්තිකා පැමිණ තමන්ව දුවවන්නට යතැයි දැනටමත් ක්‍රීඩිකාවන් බයෙන් පසුවෙයි.

කිමී 2 දුවා ගන්නවත් බැරි වුණත් කාන්තා තේරීම් කමිටුව විසින් ලෝක කුසලානයට යැවූ එක් ලාබාල ක්‍රීඩිකාවකට නම් සුසන්තිකාගෙන් ඒ සඳහා හොඳ පුහුණුවක් ඉදිරියේදී ලැබෙනු ඇත.

සුසන්තිකා කණ්ඩායම සමග ගියොත් ට්‍රේනර් කෙනෙක් අමුතුවෙන් අවශ්‍ය වන්නේද නැත.

ටොම් මූඩිද කෝටි ගණනක වැටුපට ක්‍රිකට් ඩිරෙක්ටර් නමින් කන්සල්ටන්ට් වරයෙකු ලෙස පත් කර සිටියේය. ගිවිසුමට අනුව ඒ සඳහා ඔහු වැඩ කළ යුතුව තිබුණේ වසරටම දින 100 ක් පමණි.එම දින 100 මොනිටර් කළේ කවුද යන්න හෝ දින කීයක් වැඩ කළේද දන්නේ මහේල ජයවර්ධන පමණි.

ඒ සංගක්කාරත් සමඟ මූඩිව මෙහි ගෙනාවේ මහේල නිසාය.

මහේලද මසකට ඩොලර් 18,000 ක වටිනාකමක දීමනාවක් සහිතව සියලුම ක්‍රිකට්වල කන්සල්ටන්ට් ලෙස පත් කර ඇති නිසා මහේලට ටොම් මූඩිගේත් ටොම්ට මහේලගේත් වැඩ අධීක්ෂණය කර ගැනීමට අවස්ථාව ක්‍රිකට් බලධාරීන් විසින් සලසා තිබුණේය.

කුමක් හෝ හේතුවකින් ඇතැම් විට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳක් වීමට දෝ ටොම් මූඩිගේ කොන්ත්‍රාත්තුව කලින් හමාර කරනු ලැබීය.

පුහුණුකරුවකු සිටියදී කන්සල්ටන්ට් කෙනෙක් කණ්ඩායමේ ඊට උඩින් සිටිමින් ලෝක කුසලානයකට කණ්ඩායමක් ගිය එකම රට ලංකාව විය යුතුය.

එසේ ගිය තරගාවලිවල කණ්ඩායම තිබුණාටත් වඩා අසාර්ථක වූයේ ඇයිදැයි සොයා පරීක්ෂණයක් හෝ පවත්වන්නට තරම් කශේරුකාවක් ක්‍රිකට් බලධාරීන්ට නොතිබුණේය.

එම තරගාවලි අතර තුර කන්සල්ටන්ට් හා පුහුණුකරුවන් අතර හටගත් මත ගැටුම් හොඳටම දන්නේ ක්‍රීඩකයන් ය.

මේ යන විදියට ක්‍රිකට් පරිපාලකයන්ටත් කන්සල්ටන්ට් කෙනෙකු පත් කර ගන්නා දිනය වැඩි ඈතක නොවේය.

එසේ වූවොත් කන්සල්ටන්ට්ලා පත් කර ගත යුත්තේ කෙසේදැයි කන්සල්ට් කර ගැනීමට ක්‍රිකට් බලධාරීන්ට හැකි වනු ඇත.

නියුට්‍රල් අම්පයර් –

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ රටේ ව්‍යසනයට අවස්ථාවාදී දේශපාලනය කළ අප සියලු දෙනා සේම තමන්ගේ ලාභය අපේක්ෂාවෙන් ඡන්දය දුන් ඔබත් වගකිව යුතුයි..

Next Post

ඇමරිකාව චීන “ඔත්තු බැලුනය” මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම දමයි… දෙවැනි චීන ඔත්තු බැලූනයක් ගැනත් චෝදනා…

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.