බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

by editor
ජූලි 1, 2022
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayer

ලංකාවේ සමහර තැන් වලට පත් කෙරෙන අය කෙටි කලකින් ඒ තැනට තමන් සුදුස්සෙකු කියල ඔප්පු කරල පෙන්නනවා.

සමහරු කල් ගිහින් හරි තමන්ගෙ දස්කම් පෙන්නන්නවා.

තවත් සමහරු පුස්සො වෙලත් කොහොම හරි එතැන රැඳී ඉන්න සමත් වෙනවා.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේත් මෙහෙම කෙනෙක් ඉන්නවා.

ඒ තමයි දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග.

පියල් ක්‍රීඩකයකු ලෙස හිටපු කාලෙත් ඔහුගෙ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ප්‍රශ්නාර්ථයක් තිබුණා.

කෙටියෙන් කිව්වොත් චකර් කෙනෙක් කියලයි හැඳුන්වුණෙ.

ඒ වගෙම චකර් කෙනෙක් හැටියට හංවඩු ගැහුණු අනුෂ සමරනායකත් කාලයක් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කළා.

මේ දිනවල ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගයේ අපේ දඟ පන්දු යවන්නන්ගෙ කාර්‍ය භාරය ගැන සතුටු වෙන්න බැහැ.

බංගලාදේශයේ අවසන් වරට පැවති සංචාරයේදී එම ටෙස්ට් තරගාවලිය දින්නෙත් වේග පන්දු යවන්නන් නිසා.

රංගන හේරත්ගෙන් පසුව කණ්ඩායමට එක්වුණු තරුණ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙනිය හා ප්‍රවීන් ජයවික්‍රම ඔවුන්ගේ මුල් අවදියේ දක්වපු දස්කම් අද දකින්න නැහැ.

ගාල්ල තරගයේ දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවේ ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නන් අපේ පිතිකරුවන්ට තර්ජනයක් ගෙන දුන් ආකාරයට අපේ දඟපන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙනිය හා ජෙෆ්‍රි වැන්ඩසේට පන්දු යවන්න නොහැකි වීම කැපී පෙනුණා.

මොවුන්ගෙ දස්කම් මොට වීමට දඟ පන්දු පුහුණුකරු වගකිව යුතුයි.

විශාල වැටුපකුත් ලබමින් සියලුම සංචාරවලටද එක්වෙමින් පියල් විජේතුංග කරන කාර්‍යභාරය කුමක්දැයි සොයා බැලීම ක්‍රිකට් පරිපාලකයන්ගේ වගකීමක්.

රංගන හේරත් ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස එක්වීමට කැමැත්ත පළ කර සිටියත් ලොව වැඩිම ටෙස්ට් කඩුළු දවාගත් වමත් දඟ පන්දු යවන්නා වන ඔහු වෙනුවට ක්‍රිකට් පරිපාලකයො තෝර ගත්තෙ අවුරුදු දහයක් මුළුල්ලෙ දඟ පන්දු පුහුණුකරු ලෙස අසාර්ථක සේවයක යෙදී ඉවත් කර සිටි පියල් විජේතුංගවයි.

මෙම තෝරා ගැනීමට ඔහු සමග එස්.එස්.සී පිලේ වරක් ක්‍රීඩා කළ ක්‍රිකට් ආයතනයේ උපදේශකයකුත් එක්තරා දේශපාලනඥයකුත් බලපෑම් කර ඇති බව වාර්තා වෙනවා.

අන්තිමේදී වුණේ රංගන හේරත් බංග්ලාදේශය විසින් ඩැහැ ගැනීමයි. මේ වන විට ඔහු බංගලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස කටයුතු කරනවා.

ක්‍රිකට් ආයතනය ජාතික පුහුණුකරු වරින් වර මාරු කළත් සහායක පුහුණුකරුවන් එක දිගට අවුරුදු ගණන් තබා ගෙන ඉන්නවා. ඔවුන් ගැන ප්‍රගති වාර්තාවක් ලබා ගැනීමක් හෝ අධ්‍යයනය කිරීමක් කරන්නෙ නැහැ.

ලසිත් මාලිංගවත් වේග පන්දු පුහුණුකරු ලෙස බඳවාගත් පසු දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම දුර්වල වීමත් වැඩි වැඩ කරවන්නට ගොස් මතීෂ පතිරණ වැනි වේග පන්දු යවන්නන් ආබාධවලට ගොදුරු වීමත් අවධානයට ලක් විය යුතුයි.

දක්ෂ පුහුණුකරුවකුට මැණිකක් ඔප දමන්නාක් මෙන් ක්‍රීඩකයන්ගේ දස්කම් උළුප්පා ගත හැකි අන්දමට අදක්ෂ පුහුණුකරුවකුට ක්‍රීඩකයන්ගේ දස්කම් මොට කර දැමීමටත් හැකියාවක් තිබෙනවා.

ඕනෑම රටක පුහුණුකරුවන් කලින් කලට විශ්ලේෂනයට භාජනය කරන්නේ ඒ නිසයි.

කණගාටුවට කරුණ නම් ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නොමැති වීමයි..!

නියුට්‍රල් අම්පයර් –

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

Next Post

තෙල් අර්බුදය නිසා සේවයට වාර්තා කරන්න විදිහක් නෑ… දුම්රිය වාර 22ක් අවලංගුයි…

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.