බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නවසීලන්තයට ගොඩයෑමට ආශ්චර්යයක් සහ තවත් චුට්ටක් අවශ්‍යවී තිබේ…

by editor
සැප්තැම්බර් 28, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තරගයේ තුන්වැනි දිනය පැයකුත් විනාඩි 15ක් කලින් ඉවරය. ඒ් කාලය ඇතුළේ නවසීලන්තය එක් වරක් මුලුමනින්ම දැවී ගොස් දෙවැනි වර ඉනිමේත් මුල් අර්ධයම ඉවරය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අවසන් කාර්තුව වනවිට ලකුණු සිය ඉනිම අත් හිටෙව්වේය. ලකුණු 602කි. ශතක වැස්සකි. කඩුළ 05කි. එය ශ්‍රී ලංකා කණ්ඩායම මෑත ඉතිහාසයේ ක්‍රීඩා කළ හොඳම ඉනිමකි.

වාසනාව තිබුණේ අපේ පැත්තේය. කාසියේ වාසිය අපටය. උඩ පන්දු 03ක් ගිලිහිනි. ස්ටම්ප් කිරීමක් මග හැරිනි. ඉන් උපරිම ප්‍රයෝජන ශ්‍රී ලංකා කණ්ඩායම අත් කරගත්තේය. ශතක 3කි. අර්ධ ශතක දෙකකි. වැඩිම ලකුණු ලාභියා කමිඳුය. කමිඳු ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කළේය. ඔහු නොදැවී ලකුණු 182ක් ලැබුවේය. කුසල් මෙන්ඩිස් යළිත් ලකුණු අතරය. ඔහු වේගවත් ශතකයක් ලබා ගත්තේය. ඔහු නොදැවී ලකුණු 106කි. චන්දි ශතකකරණය ආරම්භ කළේය. ඔහු ලකුණු 116කි. මැතිව්ස් 88කි.

කමිඳු….

ඊයේ දිනයේ දී අවසන් පැය ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුළු 02 ලකුණු 21කට බිඳවැටුනේය. හසිත පෙරේරා සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් ලබා ගත්හ.

තුන්වන දිනයට තරගය ආරම්භ වන්නේ ඒ් පසුබිමේ දීය. අප දුටුවේ පෙර අප දකින තරම් බරපතල ව්‍යසනකාරී ගාලු තණ තීරුව නොවේ. පිතිකරණයට ඉඩක් තිබූ තණ තීරුවකි. බෙල්ල කැපෙන කැපිලි තිබුණේ නැත. එහෙත් අපේ පන්දු යවන්නන් තබාගත් ඉලක්කය පන්දු පතිතය අති විශිෂ්ට වූයේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එමෙන්ම පන්දු රකින්නන්ගේ විශිෂට පරිචය සහ ලකුණු පුවරුවේ පීඩනය මුලුමනින්ම නවසීලන්ත කණ්ඩායම බෙලහීන කර තිබිණි. ඔවුන්ගේ ආත්ම විශ්වාසය තිබුණේ අන්තයේ ය. පන්දු යවන්නන්ගේ පනන්දුවල ආනුභාවයට වඩා ඔවුන්ගේ බිඳවැටුණ ආත්ම විශ්වාසය නවසිලන්ත මුල් ඉනිම මුලුමනින්ම කුඩු කළේය.

අපේ ක්‍රීඩකයින් අපව අර්ජුන අරවින්දලාගේ කාලයට,  සනාගේ කාලයට,  සංගාගේ මහෙලගේ කාලයට අරන් ගියේය. ප්‍රභාත් ජයසූරිය අපට සිහි කළේ මුරලිය. රංගනනය. සියමංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ දකුණතින් ඔෆ් බ්‍රේක් පන්දු යවන උස කොල්ලා,  නිශාන් පීරිස් රටට අලුත් දඟපන්දු බලාපොරොත්තුවක් ගෙනාවේය.

නිශාන් පීරිස්

අප දැක්කේ වේගයෙන් ක්‍රීඩා පිටියට යන නැවත ක්‍රීඩා ගාරයට එන නවසීලන්ත පිතිකාර පෙළය. එය නම් නවසීලන්තයට ක්‍රිකට් ඒපා කළ ඉනිමක් බව ලියා තබමි. මහා පිතිකාර ලයිස්තුව ලොවෙත් නැත. වැඩිම ලකුණු අංක 09ට ක්‍රීඩා කළ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්ය. ඔහු ලකුණු 29කි. ඩැරිල් මිචෙල් ලකුණු 13කි. රචින් රවින්ද්‍ර ලකුණු 10කි. අනෙක් කිසිවෙක් ලකුණු 10 සීමාව පැන්නුවේ නැත. පන්දු ඔ්වර 39.5ක් යැවූ දිනයේ මුල් කාර්තුවේ දිවා ආහාරයටත් පෙර  දී ලකුණු 88කට නවසීලන්ත කණ්ඩායමේ සියල්ලන්ම දැවී ගොස්ය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට කඩුළු 06ක් ලබා ගත්තේය. නිශාන් පීරිස් ලකුණු 33කට කඩුළු 03කි.

දැනට ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 315ක් පසුපසින් සිටිමින් නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ද ලකුණු 199කි. කඩුළු 05ක් දැවී ගොස්ය. දවසේ පැයකට කලින් තරගය නතර කරනවිට අද දවස තුළ ලකුණු 287කට නවසීන්ත කඩුලු 13ක් දැවි ගොසිනි.

තරගයේ අපේ පැත්ත

කිව යුතුම දේ වන්නේ පිටියේ පන්දු රැකීමය. අප දකින්නේ සුපිරි පන්දු රැකීමකි. අතිරේක ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් සහ ඈන්ජලෝ මැතිව්ස් ඈත අන්තයේ සිට උඩ පන්දු රැකගත් ආකාරය, ස්ලිප්හි සිට ධනංජය රැකගත් උඩපන්දු දෙක, පසුපසට දිවගොස් චන්දි රැකගත් උඩපන්දුව තරගය නිල වශයෙන්ම අපට පවරා දෙනු ලැබුවේය.

චන්දිගේ කැච් ඒක…

පන්දු යැවිමේ දි ප්‍රකට වුයේ සුපිරි විනයකි. බලා සිටීමට ආසා හිතෙන තියුණු බවකි. 602ක් ලබා ගත් ශ්‍රී ලංකාවට දුන් නවසීලන්තයේ පිළිතුරු මුල් ඉනිම ලකුණු 88කට සීමා වී දෙවැනි ඉනිමේත් කඩුළු 05ක් දැවෙන්නේ  එසේය. මුල් ඉනිම නිමා වනවිට ඔවුන් අපට වඩා ලකුණු 514ක් පසුපසිනි.

දෙවැනි ඉනිම

දිවා ආහාරයෙන් අනතුරුව ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 514ක් සහිත වූ පරාජයේ අඩිය පෙන්වන ඉනිම නවසීලන්ත කණ්ඩායම ආරම්භ කළේය. ආරම්භය නම් මුල් ඉනිම තරම්මය. නවසීලන්ත දෙවැනි ඉනිමේ පළමු ඔ්වරයේ දීම ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු නොලබා නිශාන් පීරිස්ට ගොදුරු වූයේය.

ඒ් දැවි යෑමත් සමග නවසීලන්ත පිතිකරුවෝ එතෙක් අනුගමනය කළ පිතිකරණ රටාව වෙනස් කළහ. අවුල ඇත්තේ පිච් ඒකේ නොව තමන්ගේම බව ඔවුන් තේරුම් ගන්නේ තරගයට විශ්වාසයෙන් යුතුව මුහුණ දෙමින් ප්‍රහාරාත්මක පිතිකරණයකට අවස්ථා කළමනාකරණ උපක්‍රමය වෙනස් කළ විටය.
ඩෙවොන් කොන්වේ පන්දු 62ක දී ලකුණු 61ක් ලැබුවේය. ඊට හතරේ පහර 10කි. හිටපු නායක කේන් විලියම්සන් ලකුණු 46ක් ලැබුවේය. ඒ් පන්දු 58ක දී හතරේ පහර 04ක් සමගිනි. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සම්බන්ධතාවය ලකුණු 97කි.

මේ වනවිට අංක 06 ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් සහ අංක 07 ක්‍රීඩක ග්ලෙන් පිලිප් අතර හය වැනි කඩුල්ල වෙනුවෙන් ඇති වී තිබෙන්නෙත් පරාජයට යන ගමන ඉකමන් නොකරන බලාපොරොත්තු සහිත සම්බන්ධතාවයකි. එම නොදැවුන සම්බන්ධතාවය ලකුණු 78ක ය. ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 47කි. මුහුණ දී ඇත්තේ පන්දු 50කට ය. හතරේ පහර 04කි. හයේ පහර 2කි. ග්ලෙන් පිලිප් නොදැවී ලකුණු 32කි. පන්දු 41කට මුහුණ දී තිබේ. ඊට හයේ පහර 2කි.

තණ තීරුව තවමත් පිතිකරණයට අවුලක් නැති බව දැන් නවසීලන්ත පිතිකරුවන්ම පෙන්වා දී තිබේ. නවසීලන්ත කණ්ඩායම මේ වනවිට ලකුණු 119ට කඩුළු 05ක් දැවි ගොස්ය.

දෙවැනි ඉනිමේ දී හොඳම පන්දු යැවීම නිශාන් පීරිස්ගෙනි. ඔහු ලකුණු 91කට කඩුළු 03කි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 76ට කඩුල්ලකි. ධනංජය ලකුණු 17ට කඩුල්ලකි. අද දවසේ දවා ගත් කඩුළු 13ම බෙදී යන්නේ දඟ පන්දු යවන්නන් අතරය.

ධනාගේ උඩපන්දු රැකීම…

අද පමා වූ කාලය ද ආවරණය කරනු සඳහා හෙට උදේ 9.45ට තරගය ආරම්භ කරනු ඇත. කඩුළු 05ක් අතැතිව නවසීලන්තය ලකුණු 315ක් සොයාගෙන ඉනිමක පරාජයෙන් බේරෙන සටනකය. හෙට සිවුවන දිනය ය. තව දින දෙකක් ඒහෙම පිටින්මය.

නවසීලන්තයට තරගය ගොඩදමා ගැනීමට ආශ්චර්යයක් සමග තවත් ටිකක් අවශ්‍යය. කරණම් ගසමින් එන ජයග්‍රහණ දකිමින් අප සිටින්නේ කම්පනය වූ ලෙසයට. මේ අප ඉදිරියේ තිබෙන්නේ තුන්වැනි අඛණ්ඩ ටේස්ට් ජයග්‍රහණය ය. චන්දි, දිමුත්, ඇන්ජි වැනි ක්‍රිකට් මහත්තුරුන් සමග අත්දැකිම් සහිත ධනංජය, ගොඩනගන නායකත්වයත්, ඔවුන්ගේ ආභාසයෙන් ශික්ෂණය වී ඇති ඇඟේ හයිය පමණක් පෙන්නූ කුසල් මෙන්ඩිසුත්, ලෝකයේ ඉහළම තරු ලකුණුවෙත යන කමිඳු, ප්‍රභාත්, අසිත ඇතුළු මුළු කණ්ඩායම ම දුර ගමනකට සැරසෙමින් සිටිති.

ඒ් සුබ ලකුනු දකිමින් අපි බලා සිටිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ වගකීම භාරගත් ලෙස පාර්ලිමේන්තුවත් ජයග්‍රහණය කරගෙන රට සුවපත් කරන්න… මල්වතු මහා නා හිමි අගමැතිනියට පවසයි…

Next Post

සහන ලෙස ගොවීන්ට දෙන පොහොර ආනයනයේ දී අධීක්ෂණ දුර්වලතා නිසා කෝටි 1628ක් අමතර ණය පොලී ලෙස ගෙවලා… විගණනය හෙළි කරයි!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.