බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරග පාවා දීලා… ක්‍රිකට් ජාවාම් කිරීමේ චෝදනාවට ඇමරිකානු පිතිකරු ආරොන් ජෝන්ස්ට අයි.සී.සී. තහනමක්! ලෝක කුසලානයෙනුත් එළියට…

by editor
ජනවාරි 29, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති පහක් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඇමරිකානු පිතිකරු ආරොන් ජෝන්ස්ට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ක්‍රිකට් තරඟ සඳහා තහනමක් පනවා ඇති බව ESPN Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි.

එම පුවත අනුව මෙම චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා  ආරොන් ජෝන්ස්ට  දින 14 ක කාලයක් ලබා දී තිබේ.

31 හැවිරිදි ජෝන්ස්, 2026 පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන පුහුණු කඳවුරකට සහභාගී වී සිටි ඇමරිකානු ක්‍රීඩකයින් 18 දෙනාගෙන් අයෙකි. මෙම තරඟාවලිය සඳහා ඇමරිකානු සංචිතය මෙතෙක් නම් කර නොමැති වුවද, පුහුණු කඳවුරේ සිටින ක්‍රීඩකයින් අතරින් 15 දෙනෙකු තෝරා ගනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

කෙසේ වෙතත්, මෙම තහනම හේතුවෙන් ජෝන්ස් හට සංචිතයට තේරී පත්වීමේ සුදුසුකම අහිමි වී ඇත.

අයි.සී.සී. පවසන පරිදි, ජෝන්ස්ට එල්ල වී ඇති චෝදනා ප්‍රධාන වශයෙන්ම බාබඩෝස්හි පැවති 2023-24 ‘Bim10’ තරඟාවලියට සම්බන්ධ ඒවා වේ. මෙය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ   අධිකරණ බල සීමාවට යටත් වන නමුත්, ඔහුට එල්ල වී ඇති චෝදනා දෙකක් ජාත්‍යන්තර තරඟවලට ද අදාළ වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජෝන්ස්ට එල්ල වී ඇති චෝදනා:

  • කොදෙව් ක්‍රිකට් ආයතන නීති සංග්‍රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම: 2023/24 ‘Bim10’ තරඟාවලියේ තරඟ ප්‍රතිඵල හෝ ප්‍රගතිය වෙනස් කිරීමට හෙවත් තරඟ පාවාදීමට උත්සාහ කිරීම හෝ ඊට දායක වීම.
  • කොදෙව් ක්‍රිකට් ආයතනයේ නීති සංග්‍රහයේ 2.4.2 වගන්තිය උල්ලංඝනය කිරීම: දූෂිත කටයුතුවලට සම්බන්ධ වීමට ලැබුණු ආරාධනා හෝ ප්‍රවේශයන් පිළිබඳ තොරතුරු කොදෙව් ක්‍රිකට් ආයතනයට හෙළි කිරීමට අපොහොසත් වීම.
  • කොදෙව් ක්‍රිකට් ආයතනයේ නීති සංග්‍රහයේ 2.4.4 වගන්තිය උල්ලංඝනය කිරීම: බලයලත් දූෂණ මර්දන නිලධාරියෙකු විසින් සිදු කරනු ලබන විමර්ශනයකට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම.
  • අයි.සී.සී. (ICC) නීති සංග්‍රහයේ 2.4.4 වගන්තිය උල්ලංඝනය කිරීම: ජාත්‍යන්තර මට්ටමින් සිදු වූ දූෂිත ප්‍රවේශයන් පිළිබඳ තොරතුරු අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයට  වාර්තා නොකිරීම.
  • ICC නීති සංග්‍රහයේ 2.4.7 වගන්තිය උල්ලංඝනය කිරීම: සාක්ෂි සැඟවීම හෝ විනාශ කිරීම මගින් දූෂණ මර්දන ඒකකයේ විමර්ශනවලට බාධා කිරීම.

අයි.සී.සී. ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙය පුළුල් විමර්ශනයක කොටසක් වන අතර, ඉදිරියේදී තවත් ක්‍රීඩකයින් පිරිසකට මෙවැනිම චෝදනා එල්ල වීමට ඉඩ ඇති බවය.

2019 වසරේ ජාත්‍යන්තර වරම් දිනූ ආරොන් ජෝන්ස්, එක්දින තරඟ 52 කට සහ විස්සයි විස්ස තරඟ 48 කට ඇමරිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

2024 පන්දුවාර 20 ලෝක කුසලානයේදී කැනඩාවට එරෙහිව පන්දු 40 කින් ලකුණු 94 ක් සහ පකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 36 ක් රැස් කරමින් ඇමරිකානු කණ්ඩායම ලැබූ ඓතිහාසික ජයග්‍රහණවලට ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නේය.

ඔහු 2025 අප්‍රේල් මසින් පසු මෙතෙක් කිසිදු ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල්ට එරෙහි අයථා වත්කම් නඩුව යළි කැඳවීම ජූලි 30 දාට කල් යයි!

Next Post

මධ්‍යම පළාතේ 10 ශ්‍රේණිය අවසන් වාර විභාගයේ ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය   ප්‍රශ්න පත්‍ර දින 02කට කලින් පිටවෙලා…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.