බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ටෙස්ට් තරගාවලියේ කුප්ප පරාජයේ වේදනාව නිමා වී ඇත… අපි ක්‍රිකට් වික්‍රමයක් කළෙමු…

by editor
පෙබරවාරි 12, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අප දිනුම්ය. ලකුණු 49කින් දිනුම්ය. අසලංක ගැසූ තනි ගේම පන්දු යවන්නෝ පුදුමාකාර විදිහේ පවුරක් හදා ඔසවා තැබූහ.

කාසියේ වාසිය දිනා ගෙන මුලින් පන්දුවට පහර දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 214කි. ඉන් ලකුණු 127ක්ම නායක චරිත් අසලංකගේ ය. ශ්‍රී ලංකා ඉනිම අසලංකගේ තනි ගේමක් කියන්නේ ඒ නිසාය. පැතුම් නිශ්ශංක ලකුණු 04කි. අවිශ්ක ප්‍රනාන්දු එක ලකුණකි. කුසල් මෙන්ඩිස් ලකුණු 19කි. කමිඳු මෙන්ඩිස් ලකුණු 5කි. ජනිත් ලියනගේ ලකුණු 11කි. අසලංක සමග එක්වී යම් සම්බන්ධතාවක් ගොඩනැගුවේ දුනිල් වෙල්ලාලගේ පමණි. දුනිත් පන්දු 34ක දී ලකුණු 30කි. වනිඳු හසරංග ලකුණු 7ක්, ද මහීෂ් තීක්ෂණ ලකුණු 2ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු නොලබාද දැවී යන්නේය.

මේ විදිහට එක් අන්තයක වැල යද්දී කඩුල්ලේ රැඳී සිටිමින් චරිත් අසලංක ගැසූ හුදකලා ගේම තුළ මෑත කාලයේ අපේ ක්‍රිකට්වල අපි නොදුටු විචිත්‍රත්වය දුටුවෙමු. ඒක නම් පට්ට ය. චරිත් ලකුණු 127 ලබන්නේ පන්දු 126ක් තුළය. ඒ ඔහු සිය එක්දින ක්‍රීඩා දිවියේ රැස්කළ වැඩිම ලකුණය. සිය 4වැනි එක්දින ශතකය ය. ඒ සඳහා ඔහු හතරේ පහර 14ක් සහ හයේ පහර 05ක් එල්ල කර තිබිණි. ඔහු දැවී යන්නේ 09 වැනි කඩුල්ල ලෙසය. 8වන කඩුල්ල ලෙස මහීෂ් තීක්ෂණ දවී යන්නේ මුළු ලකුණු 135 දී ය. ඒ 33වැනි පන්දු ඕවරයේ 2වැනි පන්දුවේ දී ය. එතැන් සිට එෂාන් මාලිංග සමග චරිත් ලකුණු 79ක සම්බන්ධතාවයක් ගොඩනගන්නේය. ඒ සම්බන්ධතාවය තුළ එෂාන් මාලිංග ලබන්නේ එක් ලකුණක් පමණි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 214කට ඔසවා තබා පිටියෙන් ඉවත් වන්නේ 46 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දී ය. එම ඕවරයේ අවසන් පන්දුවේ දී අසිත ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214ටම නිමා වන්නේය.

චරිත් 127යි…

දැන් මැච් එක බැලුව අපට ඇති එකම ත්‍රිල් එක හසරංග ලබා ගන්නා ලකුණු 127 පමණි. මේ මැච් එක ගහන්න පුලුවන් එක්ක නොවන බව නරඹන්නන් ඉන්නේ පූර්ව නිගමනයකය. ටෙස්ට් තරගාවලියේ අත්දැකීම් තවමත් අප තුළ හොල්මන් කරමින් තිබෙන බැවිනි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50ම ක්‍රීඩා කරන්නේත් නැත. 46 වැනි ඕවරයේ දී සියල්ලන්ම දැවී යන්නේය. ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග එක්දින තරගයක දී තරගයක් දෙන්නට අපට පුරුදු ක්‍රිකට්වල විදිහට නම් ලකුණු 214ක් ලොවෙත් මදිය.

පන්දු යැවීමේ දී සේන් ඇබොට් ලකුණු 61ට කඩුළු 03ක්, ස්පෙන්සර් ජොන්සන් ලකුණු 44ට කඩුළු 2ක්, ආරොන් හාඩි ලකුණු 13කට කඩුලු 2ක්, නේතන් එලිස් ලකුණු 32ට කඩුළු 2ක්, මැතිව් ෂොර්ට් ලකුණු 39කට කඩුල්ලක් ලැබුවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එහෙත් අද අපේ ක්‍රිකට් වෙනස් වුනේය. ආරම්භක පන්දු යැවූ අසිත ප්‍රනාන්දු මුල්ම පන්දු ඕවරයෙන් කඩුළු දඩයම ඇරඹුවේය. ආරම්භක පිතිකරු මැතිව් ෂොර්ට් දෙවැනි පන්දුවේ දී හසිත ප්‍රනාන්දුට ගොදුරු වන්නේය.

අංක 2 පිතිකරු ජේක් ෆ්‍රෙසර් මැක්ගාර්ක් ලකුණු 2කි. කූපර් කොනොලි ලකුණු 03කි. නායක ස්ටීවන් ස්මිත් වෙල්ලාලගේ හමුවේ කඩුල්ල කුඩු කරගත්තේය. ඔහු ලැබූ ලකුණු ප්‍රමාණය ලකුණු 12කි. මානස් ලබුස්චාන් ලකුණු 15කට සීමා විය.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා කඩුළු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරීය. කෙරී පන්දු 38ක දී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 41කි. ආරොන් හාඩි ලකුණු 32ක් ද, සේන් ඇබොට් ලකුණු 20ක් ද ලැබුවේය. ඇඩම් සම්පා ලකුණු 20කි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 165කට දැවී යන්නේ ය. ඒ ලකුණු 165 තුළ ලකුණු 20ක් අතිරේක ලකුණුය. වයිඩ් 15ක් ඒ අතරය.

එහෙත් පන්දු යැවීම නම් විශිෂ්ඨය. ලකුණු 214ක් වැනි ලකුණක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ආවරණය කරගැනීම පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමේ ද වික්‍රමයකි. එම වික්‍රමය අද අපි ආර් ප්‍රේමදාස පිටියේ දී දුටුවෙමු.

විශිෂ්ඨම පන්දු යැවීම වාර්තාකළ මහීෂ් තීක්ෂණ ලකුණු 40කට කඩුළු 04ක් දවා ගත්තේය. අසිත ප්‍රනාන්දු ලකුණු 23ට කඩුළු 2ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ට කඩුළු 2ක්, වනිඳු හසරංග ලකුණු 46ට කඩුල්ලක් සහ චරිත් අසලංක ලකුණු 5ට කඩුල්ලක් ලබා ගත්තේය.

පන්දු ඕවර 33.5ක් තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 165කට දැවී ගියේය.

අප තවමත් ඒ වික්‍රමයේ චමත්කාරය විඳිමිනි. තරගයේ වීරයා චරිත් අසලංකය. එය වීරයෙක් ලැබිය යුතු සම්මානයක් බව සහතිකය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෝටලයක් තුළදී ගේම ඉල්ලූ පුද්ගලයින්ට අර්චුනාගෙන් ප්‍රහාරයක්… එක්කෙනෙක් රෝහලේ…

Next Post

සෑම සතොස අලෙවි සලකටම ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවි කුටියක්…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.