සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කවුරුත් නොදන්නා උත්තරය…  මැච් දිනලා පෙන්වන්න දසුන් ඉල්ලන පිච් එක මොකක් ද?…

by editor
පෙබරවාරි 8, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් පවතින්නේ අතිශය වේදනාත්මක තැනකය.  ලෝක කුසලානයක් ලඟා වන විට රටේ මොනතරම් ක්‍රිකට් ප්‍රබෝධයක් ඇති වන්නේ ද මොනතරම් ජීවයක් ඇතිවන්නේ ද යන්න අප අපේ ජීවිතවලින් අත්දැක ඇති මිනිස්සුය.  වර්ණපුර ලා, සිදත්ලා, රංජන්ලා, රෝයිලා, දුලිප්ලා  අර්ජුනලා හරහා ගොඩනැගුන ක්‍රීඩාවේ මහා ගෞරවනීය බවක් මෙන්ම ආත්මය හා බැඳුණු මහා බැම්මක් තිබිණි. ඒ ක්‍රිකට් ඇතුළේ ජාතිකත්වය විය. ගාමිණි දිසානායක වැනි ක්‍රිකට් පරිපාලකයින් ක්‍රීඩාව ගොඩනැගූ ගෞරවනීය ආකාරය සම්බන්ධව ඇසින් දුටු අත්දැකීම් සහිත මැදිවිය පසුකරන මිනිසෙක් ලෙස මේ සටහන තබන්නේ  උපදින මහා වේදනාවකිනි.

ක්‍රිකට් පරිපාලකයෙක් ලෙස නොව, මේ රටේ හුස්ම වැටෙන මිනිසෙක් ලෙස නොකිය යුතු  කතා මේ රටේ  මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා විටින් විට කියා හමාරය.    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තවදුරටත් මහත්තුරුන් අතර නැති බවත්,   මේ තරග කරන්නේ ජාතික කණ්ඩායම නොව දිනුවත් පැරදුනත් සල්ලි ලැබෙන ව්‍යාපාරික සමාගමක කුලී කරුවන් බවත් ෂම්මි සිල්වා අපට තේරුම් කර දී ඇත. විටින් විට වසර ගණනාවක් පුරා ඔහු අපට මේ කතාව තහවුරු කර තිබේ.

ක්‍රීඩා ලෝලීන් අතර ඇතිවී ඇති වේදනාව තරග පැරදීමට ඍජු සමබන්ධයක් නැත. අප තරග ඕනෑතරම් පැරදී ඇත. තරග පැරදීම කවදාවත් අපේ රටේ ප්‍රේක්ෂකයින් බිඳ වැටීමට හේතුවක් වුනේ නැත. ක්‍රීඩා ප්‍රේමීන් කඩා වැටුනේ තමන්ගේ මව් රට තුළදීම අතාර්කික ලෙස සහ විලි ලජ්ජා නැති ලෙස කුජීත වීමය.  එය පරාජයකට ඔබ්බෙන් ඇති කතාවකි. මේ ජාතික කණ්ඩායමක් ද එසේ නොවන්නේ නම්  ෂම්මි සිල්වාගේ සුරතලුන්ගේ එකතුවක් ද  යන්න පිළිබදව  ක්‍රීඩාවට ආදරය කරන පිරිස් ප්‍රශ්න කරන්නට වූයේ මේ සාධාරණ ප්‍රවේශයක සිටය.  එම ප්‍රශ්න කිරීම මේ වනවිට දැඩි වෙමින් ඇත.

අද (08) රාත්‍රී 07ට ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ මේ ලෝක කුසාලනයේ තරග වදින මුල්ම තරගයට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ඕමානයට එරෙහිව මුහුණ දෙති. ඒ අතර  ක්‍රිකට් ලෝලීහු ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරග වර්ජනයට ඉතිහාසයේ පළමු වරට යෝජනා කරති. ඒ වෙනුවෙන් සංවිධානය වෙති. ශ්‍රී ලංකාව තරග වදින තරග නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දිය හැකි ආකාරය ගැන මේ වනවිට ෂම්මිගේ ක්‍රිකට් සමාගම විසින් අවධානය යොමු කර ඇත.

මේ අර්බුදය ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ද සංවාදයට ලක් වී තිබේ.  ක්‍රික්  ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට ශ්‍රී ලංකා නායකයන් මෙරට ක්‍රීඩාංගණවල පිතිකරුවන්ට හිතකර (Batting friendly) තණතීරු ඉල්ලා සිටියද, ප්‍රායෝගිකව අත් දැක්කේ  වෙනස්ම තත්ත්වයක් බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

බොහෝ විට ශ්‍රී ලංකාවේ තණතීරු දඟපන්දු යවන්නන්ට වැඩි වාසි සැලසෙන, ලකුණු රැස්කිරීම අපහසු මන්දගාමී ස්වභාවයක් ගත්තේය. විශේෂයෙන්ම මැද ඕවරවලදී දඟපන්දු යවන්නන් ප්‍රබල වීම නිසා පිතිකරුවන් දැඩි පීඩනයකට ලක් විය.

ලෝක කුසලානය අභියස සිටින ශ්‍රී ලංකා නායකයා නැවතත් බලාපොරොත්තු වන්නේ තමන්ගේ පිතිකරුවන්ට වඩාත් සාධාරණ තණතීරු ලැබෙනු ඇති බවයි. එංගලන්තය හමුවේ සිය මව්බිමේදීම 3-0ක පරාජයක් ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙයි. එම සංචාරයේදී දසුන් ශනාකගේ පෞද්ගලික දක්ෂතා ද ඇත්තේ පහළ මට්ටමකය.  තරග තුනේදීම  ඔහු මුහුණ දුන්නේ  පන්දු 16කට ය.  තරග තුනේ දී ලබා ගත්තේ  ලකුණු 20ක්, 1ක් සහ 4ක් පමණය.

“මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේදී ICC විසින් තණකොළ ප්‍රමාණයක් පිටියේ තියාගන්න කියලා  ග්‍රව්න්ඩ් ස්ටාෆ් එකට   උපදෙස් දීලා තියෙනවා.   ඒ නිසාම මම හිතනවා වරදින්න තිබෙන හැකියාව  අඩු වෙයි කියලා. අන්තිමේදී මට ඕනේ හොඳ තණ තීරුවක මගේ පිතිකරණ හැකියාව පෙන්වන්න. එහෙම නැත්නම් ස්පින් වැඩි පිටිවල මගේ ස්ට්‍රයික් කරන හැකියාව පෙන්වන්න අමාරුයි. බොහෝ දෙනෙක් මාව මේ නිසා නරක ලෙස දකිනවා.” දසුන් පැවසුවේය.

කෙසේ වෙතත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඇත්තවශයෙන්ම   ICC විසින් තණතීරුවල  තණකොළවල  දිග පිළිබඳව නිල රෙගුලාසියක් පනවා නැති බවය.  ඔවුන් පෙන්වා දෙන්නේ    ගෝලීය තරගාවලිවලදී  ක්‍රිකට් ක්‍රීඩාවට හිතකර හොඳ තණ තීරු සම්පාදනය  සඳහා තමන් වැඩි බලපෑමක් කරන  බව පමණයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දී තමන්ගේ තණ තීරු සම්බන්ධ ගැටලු එංගලන්ත මාලාවට වඩා බොහෝ කලින් තිබුණු ඒවාය. 2024 වසර මුල සිටම ශ්‍රී ලංකාව රට තුළ දී අන්තර්ජාතික විස්සයි 20  තරගවලදී ලබාගෙන ඇත්තේ  ජයග්‍රහණ 9ක් පමණය.  තරග 13ක්ම  පරාදය.    පෙර නායකයන් වන චරිත් අසලංක සහ වනිඳු හසරංග ඇතුළුව බොහෝ දෙනෙක් පැහැදිලිවම සමතලා තණ තීරු   ඉල්ලා තිබුණ ආකාරය ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේය. ඒත් ඒ කාලයේ අන්තර් ජාතික එක් දින තරගවලදී  දැඩි ලෙස දඟකැවෙන  පිටිවලදී ශ්‍රී ලංකාව සාර්ථක වුන ආකාරය ද එම වෙබ් අඩවිය සලකුණු කරන්නේය.

“මෑතකදී අපිට තණ තීරු  ගැන ගැටලු ගොඩක් තිබුණා,” ශනාක පැවසුවේය. “මැද පෙළ හොඳින් ක්‍රීඩා කළේ නැහැ කියලා මම දන්නවා. ඒක ඇයි උනේද කියලා දැනගන්න ඕනේ නම් අපි තරග කළ තණ තීරු බලන්න. එතකොට ස්ට්‍රයික් රේට් ඩුවෙන්න, විකට් වැටෙන්න හේතු වුනේ  ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්.”

“මම මෑතකදී නැවතත් නායකයා ලෙස පත් කළා. ඊට කලින් මොකද්ද ප්ලෑන් එක කියලා මට දැනුමක් නැහැ.  මගේ මතය අනුව මම හිතන්නේ flat tracks වල ක්‍රීඩා කරන්න ඕනේ කියලා. ඔව්, අපේ ටීම් එකේ හොඳ ස්පිනර්ලා ඉන්නවා, ඒත් අනිත් ටීම්වලත් තියෙනවා ගුණාත්මක ස්පිනර්ලා.   මම flat tracks වල බැටිං කරන්න කැමතියි.”

ශනාක බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා තණ තීරු  පිතිකරණ හිතකර වුණත්, මේ ලෝක කුසලානයේ දී  ඉන්දියාවේ පිටි සමඟ තවමත් පරතරයක් තියෙන බවය. 2020 වසර මුල සිට ඉන්දියාවේ විස්සයි 20 තරගවලදී පන්දුවට පහරදීමේ වේගය  143ක්  ලෙස ලෝකයේ ඉහළම වේගය රඳවාගෙන ඇත්තේය.   ශ්‍රී ලංකාවේ එය 123ක් පමණය.

“ඉන්දියාව බැලුවොත් ඔවුන් ක්‍රීඩා කරන තණ තීරු  කොච්චර හොඳද කියලා පේනවා,” ශානක පැවසුවේය.

“සමහරු ඉන්දියාව ලකුණු ගොඩක් ගහන එක ගැන ප්‍රශ්න කරනවා, ශ්‍රී ලංකාව ඇයි එහෙම නොකරන්නේ කියලා අහනවා. ඒක සම්පූර්ණයෙන්ම තත්ත්වයන් මත රඳා පවතින දෙයක්. වර්ල්ඩ් කප් එකේ ලකුණු ගණන් සහ ඊට කලින් තිබුණු ගණන් සංසන්දනය කරලා බලන්න පුළුවන්. මම හිතනවා මේක අපේ බැට්ස්මන්ලාට හොඳ තරගාවලියක් වෙයි කියලා.” දසුන් ශානක උපුටා දක්වමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ එසේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක මෙන්ම අයි.සී.සී එකත් ඉන්නේ අවුලක. ඔවුන් දසුන්ට මැච් දිනිය හැකි පිච් එක ගැන කල්පනා කරමින්ය. “ගහන්න බැරි දසුන්ට පිච් එක ඇදය” වගේ කතා කියා අපේ ක්‍රිකට් නායකයාව  පොඩි උන්ගෙන් කෝචොක් වෙනවා දකින්නට අපේ මනාපයක් නැති බව මේ සමගම ලියා තැබිය යුතුය.  දසුන්ට යෝජනා කරන්නට ඇත්තේ මේ ඇනගෙන ඇති ඇනගැනීම හොඳටම ප්‍රමාණවත් බැවින් කට වහගෙන පරදින ලෙසය. ඔබටත් කණ්ඩායමටත් පුලුවන් හරිය ඔපමණක් බව දැන් රටම තේරුම් අරන් ඉන්නා නිසාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට සිට අවම තැපැල් ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා වැඩි වෙයි!

Next Post

ජෙෆ්රි එප්ස්ටීන් – ලෝකයම නිරුවත් කළ ලිංගික අපරාධකරුවාගේ කතාවේ මුල මැද අග…

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.