බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කමිඳු මෙන්ඩිස්… පුදුම හිතවන පිතිකරු අදත් සීයක් ගහයි!

by editor
සැප්තැම්බර් 18, 2024
in ක්‍රීඩා
කමිඳු....

කමිඳු....

Share on FacebookShare on Twitter

කමිඳු යනු මෑත ටෙස්ට් ඉතිහාසයේ අපට හමු වී ඇති විචිත්‍රම ක්‍රීඩකයා බව ලියා තබන්නේ මහා ගර්වයෙනි.

මේ යෞවනයා තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 07කි. ඉනිම 11කි. ඒ ඉනිම 11 තුළ ශතක 4කි. අර්ධ ශතකය 04කි. ලකුණු 809කි. මේ කොල්ලා අදත් සීයක් ගැහුවේය.

ඔහු ලකුණු 114කි. ඒ සඳහා පන්දු 173කට කමිඳු මුහුණ දුන්නේය. හතරේ පහර 11ක් එල්ල කළේය. අද දිනය අවසන් වනවිට ගාල්ලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවණීය තැනකය. කඩුළු 7ක් දැවී ලකුණු 302ක් ලබා ගෙනය.

කමිඳු

ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්වන ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ මුල්ම දිනය නිමා වන්නේ කමිඳු මෙන්ඩිස් සිය වර්ණවත් ඉනිම අමතක නොවන ලෙස ගාල්ල තණතීරුව මත සිත්තම් කරමිනි.

ගාලු තණතීරුවේ කාසියේ වාසිය සෑහෙන දෙයක් කරන්නේය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීම තේරුවේය.

අද තරගය වෙනස්ම පිතිකරණ ලයිස්තුගත කිරීමක් දක්නට ලැබිණි. ආරම්භක පිතිකරුවන් වූයේ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්නය. අංක තුන වගකීම පවරන්නට යෝජනා වී සිටි කමිඳුව ඉන්න තැනින් හොලවන්නට ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය කැමති වී තිබුණේ නැත. අංක 03 පිතිකරණ වගකීම දිනේෂ් චන්දිමාල් භාරගෙන තිබිණි. සුපුරුදු ආරම්භක පිතිකරණයෙන් පසුපසට පැමිණ චන්දි කරගැහුවේ සිය ක්‍රිකට් ජීවිතය පරදුවට තබා සිදුකළ වගකීමකට ය.  ඊයේ සනත් ඒ බව කීවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

” චන්දි කරන්නේ කණ්ඩායම වෙනුවෙන්, රට වෙනුවෙන් , රටේ ක්‍රිකට් වෙනුවෙන් විශාල කැප කිරීමක්. ඔහුට විශ්වාසය දී ඔහුව බලා ගැනීම අපේ යුතුකමක්. මොකද චන්දි මේ භාරගත්තේ ක්‍රිකට් අනාගතය සඳහා ඔහුගේ ක්‍රීඩා ජීවිතය පරදුවට තබන වගකීමක්” සනත් කීවේය.

ආරම්භක පිතිකරුවෙක් ලෙස ඉතාම සාර්ථක චන්දි අංක 3ට යොමු කරන්නේ කුසල් අංක 3 ස්ථානයේත් ආරම්භක පිතිකරුවෙක් ලෙසත් දිගින් දිගටම අසාර්ථක වුන කුසල් මෙන්ඩිස්ට කඩුළු රැකීම භාර කර ඔහුව මැදපෙළ පහළින් පන්දුවට පහරදීමට කැඳවීමෙන් කරන අත්හදා බැලීමකි.

අද ඒ ක්‍රියාවලියේ සමස්ථය සාර්ථක වූ බව ලියා තැබිය යුතුය. හැමදාම හැම ක්‍රීඩකයෙක්ම ලකුණු ගසන්නේ නැත. උදේ ගාලු තණතිරුවේ දී පන්දුව නොසිතෙන ලෙස ඉපිලුනා සේම දෝලනය වුනේය. සමහර අවස්ථාවල පන්දුව වේගය සමගම කැපුනේ දඟ පන්දු යවන්නෙකුගේ පන්දුවක් කැපෙන ආකාරයටය. තවමත් ටෙස්ට් තරග 03කට පමණක් ක්‍රීඩා කර සිටින නවසීලන්ත යොවුන් වේගපන්දු යවන්නා වූ විලියම් ඕ’ රෝක් පළමු ඉනිමේ මුල් අර්ධය තමන් වෙත නතු කරගත්තේය. ඔහු දිමුත් කරුණාරත්නට වම් ඉන්න දෙසින් කෙටී ඉහළ නැගෙමින් සිරුර ආසන්නයෙන් දෝලනය කරවූ පන්දුවකට දිමුත් හසුවුනේය. පිත්තෙ දැවටුන උඩ පන්දුව කඩුළු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් රැක ගත්තේය. මුල් කඩුල්ල වැටෙන විට ශ්‍රී ලංකා කණඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 20කි.

විලියම් ඕ’ රෝක්

සුපුරුදු රිද්මයට පැමිණෙමින් පිතිකරණයේ යෙදෙමින් සිටි පැතුම් නිශ්ශංක ද ගොදුරු වන්නේ විලියම් ඕ රොක්ට ය. ඔහු ගේ යෝකර් පන්දුවක් පැතුම් උත්සාහ කළ ඩ්‍රයිව් පහර මගහැර කඩුල්ල කුඩු කළේ සිදුවූයේ කුමක්දැයි ඔහුටම වටහාගත නොහැකි ආකාරයට ය. පැතුම් නිශ්ශංක ලබාගත්තේ ලකුණු 27ක් පමණි.

එතැන් සිට අංක තුන වගකීම භාරගත් දිනේෂ් චන්දිමාල් සහ ඈන්ජලෝ මැතිව්ස් තණතිරූවේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඉනිම ස්ථාවර කිරීමේ මෙහෙයුමක නිරත වූහ. අස්වාභාවිකව කෙටී උඩ එන පන්දුවක් විටෙක මැතිව්ස්ගේ අතේ වැදුනේය. ඔහු පන්දුවට පහර දීම අත්හැර ක්‍රීඩාගාරයට ගියේය. යළි පැමිණ පන්දුවට පහර දෙද්දී අනපේක්ෂිතව දෝලනය වූ පන්දුවක් ඔහුගේ වම් පාදයේ ඉහළින් ගැටුනේය. චන්දිමාල් එවැනි පන්දු කීපයකින් අසීරුවෙන් බේරෙන අයුරු පෙනුණි.

කෙසේ වෙතත් අංක තුන පිතිකරු ලෙස චන්දිමාල් උදේ වරුවම සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේය. ඔහු ලකුණු 30ක් ලැබුවේය. දිවා භෝජනයෙන් අනතුරුව යැවුන පළමු පන්දු ඕවරයේ දී ම චන්දිමාල් ටිම් සවුතිට ගොදුරු වූයේය.

ලකුනු 12 දි පන්දුව අතේ වැදීමෙන් පීඩාවට ලක්ව ක්‍රීඩාගාරයට ගිය මැතිව්ස් යළි පැමණ ලකුණු 36ක් ලබා ගත්තේය. ඒ පන්දු 116කට මුහුණ දෙමින් ඉතා සංයමයෙනි.

ධනංජය ද සිල්වා මුල් ඉනිමේ සාර්ථවූයේ නැත. ඔහු ලකුණු 11කට දැවී ගියේය.

මෙන්ඩිස් යුගලය…

මේ තරගයේ ඉනිම ස්ථාවර කරන සබඳතාවය ගොඩනැගෙන්නේ කමිඳු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් අතරය. මැද පෙළ පහලට ඇද දැමූ කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් ලැබුවේය. ඔහු දැවී යන්නේත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකරයෙනි. කුසල් මෙන්ඩිස් එල්ල කළ වේගවත් පහර කඩුල්ල අසල පන්දු රකිමින් සිටි ටොම් ලැතම් ගේ සිරුරේ වැදී උඩ ගිය පන්දුව ටිම් සවුති විසින් ෂෝට් මිඩ් විකට්හි සිට රැකගනු ලැබීය. කුසල් මෙන්ඩිස් ලකුණු 50කට දැවී ගියේය. කුසල් දැවී යන්නේ කමිඳු සමග හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සම්බන්ධයක් ගොඩනගා තිබිය දී ය.

මේ තරගය කරේ තියාගෙන ආවේ මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස්ය. කමිඳු ලකුණු 114ක් ලැබුවේය. පන්දු 173කට මුහුණ දුන්නේය. සවස් භාගය වන විට ගාල්ලට අනන්‍ය දඟ කැවීම ආරම්භ වී තිබිණි. කමිඳු දැවී යන්නේ තියුණු ලෙස දඟකැවී ඉපිලුන අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ මිචෙල් සැන්ට්නර් වෙත උඩ පන්දුවක් ලබා දීමෙනි. ඔහු දැවී යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 302ක්ව තිබිය දී ය. දිනයේ අවසන් පන්දු ඕවරයේ මුල්ම පන්දුවේ දී ය.

පන්දු යැවීමේ දී යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක විලියම් ඕ රොක් ලකුණු 54කට කඩුලු 03ක් ලැබුවේය. ග්ලෙන් පිලිප් ලකුණු 52කට කඩුළු 2ක් ලැබුවේය. ටිම් සවුති සහ අජාස් පටෙල් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

හෙට උදේ වරුවේ පසුපෙළ පිතිකරුවන් කණ්ඩායමට එක් කරන සෑම ලකුණක්ම මහා දැවැන්ත අගයක් එක් කරන්නේය. අපේ පන්දු යැවීම මුල් ඉනිමේ ඇතිකරන පීඩනය මේ තරගයේ අවසානය තීන්දු කිරීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුගේ පොලිස්පති ධූරය අත් හිටවූ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා ප්‍රකට හිමිවරු 03ක් ගොනු කළ අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසි කර දමයි!

Next Post

අසරණ ගෝඨා බෙල්ල තිබ්බේ රනිල් කරපු ආර්ථික අපරාදෙට… අනුර රටට කියයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.